නිදහස් අධ්‍යාපනය තකා පාසලටත් Free Wi-fi?


ස්කෝලෙත් Free Wi-fi දුන්න නම් ආයෙ පැමිණීමේ ලේඛණ ලකුණු කර කර ඉන්න ඕනෙ නැහැ  නිවාඩු දවස් වලත් ළමයි ස්කෝලෙ එයි. A/L කරන අයට 80% නෙවේ 100% පැමිණීමත් තියෙයි. 
pacman emoticon
----------------------------
දැන් සමාජය මුලුමනින්ම වෙනස් වෙලා, නිදහස් අධ්‍යාපනය තිබ්බ නැති කාලෙ කවුරුත් Free wi-fi ඉල්ලුවෙ නැහැ (දැන් කියපං ඒ කාලෙ තිබ්බනම් ඉල්ලයි කියලා) අඩුමගානේ පෙළපොතක්වත් ඉල්ලගන්න බැරුව දුක් මහන්සිවුන අය හිටියෙ. සල්ලි එහෙම හොඳට තිබ්බ පවුල් වල වැඩමල් අයියලා අක්කලාගෙන් ඉල්ලගත්තු පොත් තමා අරන් ගියෙ. ගෙදර ආවට පස්සෙ පන්ති තිබ්බෙ නැහැ, පැයක් දෙකක් පොත් ටික බැලුවා ඊට පසෙ ළමයි ගෙදරත් නැහැ, ගෙවල්වලින් අවුලක් දාන්නෙත් නැහැ.. හවස්වරුවම සෙල්ලම් කරලා ආයෙ ගෙදර එනවා ළමයි. ආයෙ පට්ට ආතල් එකක් අරන් තියෙන්නෙ. සමාජ ජාල තිබ්බා, හැබැයි එව්වගෙ chat කරේ එකිනෙකා හමුවෙලා මුහුනට මුහුණ බලාගෙන කතා කරලා, multiplayer games තිබ්බෙ නැහැ හැබැයි එකතුවෙලා කරපු සෙල්ලම් තමා ඒ කාලෙ තිබ්බ multiplayer games... උඹලටත් තේරෙනවනෙ තත්වෙ. හරි හරි බං කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා ඔය ආතල් එක ලාවට හරි ගත්තු සැට් එකේ අවසාන පුරුක තමා අපි, අලුත් පරපුර ගැන කියන්න ඕනෙ නැහැ.. Digital සිරගෙවල් වල virual ආතල් හොයන පරපුරක් අනාගතේදි එයි. කොටින්ම කියනවානම් බිත්තියකට ඇණයක් ගහගන්න හැටි Youtube එකේ search කරලා ඒකට දෙනන් ඕනා බලය (force) එක Google එකෙන් search කරලා කෝණ සමබර කරලා ඇණේ ගහගනියි. මම අංශු මාත්‍රයකින්වත් කියන්නෙ නැහැ දියුණු තාක්ශණය භාවිතා කරන එක වැරදියි කියලා, ඒත් ඉතින් ඕනෙම දෙයක සීමාවක් තියෙන්නත් එපායෑ... හැමදාම Fried Rice කන එකාට ඒක ගාන්ක් නැති වුනාට ඕකේ රස උපරිමේටම විඳින්නෙ ඉඳලා හිටලා කන එකා නෙවැ.

2 Responses to “නිදහස් අධ්‍යාපනය තකා පාසලටත් Free Wi-fi?”

Thamara Lakshan said...
February 28, 2015 at 10:55 PM

පාසලට සිසුන් පැමිනීම 100% දක්වා ඉහල නැංවීමේ ගෞරවය ඔයාට පිරිනැමිය යුතුයි :-)
පුලුවන් නම් කවදහරි ( මැරෙන්න කලින් ) අධ්‍යාපන ඇමති වෙයන් :-d


Unknown said...
March 1, 2015 at 8:18 AM

මම ඔය කතාව කිව්වෙ ලිපියට අඅරම්භයක් ගන්න ;-)


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.