GPS තාක්ශණය ගැන දැනගමු



GPS නොහොත් Global Positioning System යනු චන්ද්‍රිකා(Satellite) පදනම් කරගත් Navigation System එකකි.Navigation System එකක් යනු තමා සිටින ස්ථානය සිතියමකින් බලාගැනීමේ ක්‍රමයකි.මෙය සිදු වන්නෙ ඇමෙරිකානු ආරක්ශක අමාත්‍යංශය විසින් ලොව වටා කක්ශගත කර ඇති චන්ද්‍රිකා 24ක් මඟිනි.මෙය ප්‍රථමයෙන් යුධාය කටයුතු වලට භාවිතා කර ඇති අතර පසුව, (1980) රජය විසින් සිවිල් ජනයා හට භාවිතා කිරීමට ඉඩ ලබා දී ඇත.කුමන කාළගුණ තතවයකදී වුවත් පැය 24ම ලොව ඕනෑම ස්ථානයක සාර්ථකව මෙම GPS තාක්ශණය ක්‍රියාත්මක වේ.වැදගත් කරුණක් නම්, මෙය සම්පූර්ණයෙන්ම නොමිළේ ලබා දෙන සේවාවකි.

මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද?


සෑම GPS චන්ද්‍රිකාවක්ම පෘථිවිය වෙත දත්ත සම්ප්‍රේශණය කරමින් තම කක්ශය මත දිනකට දෙවතාවක් ගමන් කරයි.GPS හ්‍රාහකයින් (Receivers) විසින් මෙම දත්ත උපයෝගීකොටගෙන තමා සිටින ස්ථානය ගණනය කරනු ලබනවා.GPS Satellite එකේ සිට තමා වෙත එවන සංඥාව එයට ලබාගන්නා කාලය සංසන්දනය කරමින් මෙම ගණනය කිරීම සිදු වේ.එමඟින් තමා (Receiver) හා GPS Satellite එක කෙතරම් දුරකින් සිටින්නේද යන්න සොයාගනී.මෙලෙසින් එක් Receiver එකක් GPS Satellite කිහිපයක් භාවිතා කොට තමා සිටින ස්ථානය Receiver එකෙහි සිතියම මඟින් නිරූපණය කරයි.
Receiver එක මඟින් තමා සිටින ස්ථානය ද්විමාන(2D) ලෙස නොහොත් අක්ශාංශ හා දේශාංශ මඟින් නිරූපණය කිරීමට අවම වශයෙන් GPS Satellite 3ක්වත් අවශ්‍ය වේ.GPS Satellite 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් උපයෝගී කරගනිමින් තමා සිටින ස්ථානය 4D ලෙස නොහොත් අක්ශාංශ, දේශාංශ හා උත්තාංශ(latitude, longitude and altitude) වශයෙන් ලබාගත හැක.

 මෙලෙසින් Receiver සිටින ස්ථානය එක් ලබාගත් පසුව, GPS ඒකකය මඟින් එය ගමන් කරන වේගය, දිශාව, මාර්ගය, ගමන් කළ දුර, ගමනාරම්භයේ සිට ගමනන්තය දක්වා දුර, හිරු නැඟීම හා හිරු බැසීම සිදුවන කාලය වැනි දෑ දැනගත හැක.

GPS කෙතරම් නිවැරදිද?

අද භාවිතා වන GPS Receiver නිර්වද්‍යතාව අතින් ඉහළ වේ.මන්ද යත්, ඒවාගේ භාවිතා වන සමාන්තර බහු නාලිකා සැලැස්ම නිසාවෙනි (parallel multi-channel design).Garmin's 12 parallel channel receivers විසින් ඉතා කෙටි කාලයකදී Satellites විසින් සපයන දත්ත ලබාගැනීමටත්, ඒවා ක්‍රියාත්මක කළ විගස ප්‍රබල ලෙස එම සබඳතාවය පවත්වාගැනීමටත් හැකියාවක් පවතී.Garmin® GPS receivers හරහා 15m ට ආසාන්න වශයෙන් නිවැරදිව තමා සිටින ස්ථානය ගණනය කළ හැක.


WAAS - Wide Area Augmentation System (පුළුල් පරාසයක විහිදුනු පද්ධතියක්)  සමඟ එන Garmin GPS receivers තම නිර්වද්‍යතාවය 3m දක්වා අවම කිරීමට හැකියාවක් තිබේ.WAAS නිසා අමතර උපාංග භාවිතයක්ද සිදුවන්නේ නැත.Differential GPS (DGPS) හරහා එය තවත් නිර්වද්‍ය කරගත හැක (ඉහත පින්තූරය බලන්න).ඇමෙරිකානු වෙරළ ආරක්ශකයින් විසින් පවත්වාගෙන යන මෙම DGPS පද්ධතිය beacon transmitters භාවිතා කරන ස්ථාවර කුළුණු සමූහයක ජාලයකින් මෙම සේවාව ලබා දේ.මෙම සේවාව ලබාගැනීමට එකක් මෙන්ම differential beacon receiver හා beacon ඇන්ටනාවක් භාවිතා කළ යුතු වේ.

GPS චන්ද්‍රිකා පද්ධතිය (GPS Satellite System)

පෘථිවියට සැතපුම් 12,000 ක් ඉහලින් පිහිටා ඇති චන්ද්‍රිකා 24 ක් කක්ශගතකොට ඇත. මේවා නොකඩවා ගමන් කරන අතර පැය 24ට අඩු කාලය්කදී සෑම චන්ද්‍රිකාවක්ම වට දෙකක් තම කක්ශය හරහා ගමන් කරයි. මේවා පැයට සැතපුම් 7,000 ක වේගයෙන් ගමන් කරන අතර මෙම චන්ද්‍රිකා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වේ.සූර්යග්‍රහණයකදී වුවත් නොකඩවා බලය ලබාගැනීමට උපස්ථ බැටරි (Battery Backup) භාවිතා කරයි.සෑම චන්ද්‍රිකාවකම කුඩා Rocket boosters භාවිතා කරමින් ඒවායෙහි නිවැරදි ගමන් මාර්ගය පවත්වාගනී.


පහතින් දැක්වෙන්නේ GPS Satellite ගැන තවත් තොරතුරු කිහිපයකි

  • පළමු GPS Satellite එක කක්ශගත කරන ලද්දේ 1978දී ය.
  • මුල් වරට GPS Satellite 24ක මණ්ඩලය පිහිටවූයේ 1994දී ය.
  • සෑම චන්ද්‍රිකාවක්ම වසර 10ක් දක්වා ක්‍රියාත්මක වීමට් සෑහෙන අතර ඉන් මත්තට භාවිතා විය යුතු චන්ද්‍රිකා දැනට නිපදවමින් පවතී.
  • එක් චන්ද්‍රිකාවක් රාත්තල් 2000 ක් පමණ බරකින් යුක්ත වන අතර අඩි 17ක් වන හරස් සූර්ය පැනල අන්තර්ගත වේ.
  • ඒවායෙහි සම්ප්‍රේශකය (Transmitter) 50w හෝ ඊට අඩු බලයක් නිකුත් කරයි.
  • 1575.42 MHz UHF පරාසයකින් මෙම තරංග පිට කරති. අප භාවිතා කරන FM ගුවන්විදුලි වල නම් 88-108MHz පරාසයක් භාවිතා කරයි.
  • එලෙසින් තොරතුරු කාණ්ඩ 3ක් සම්ප්‍රේශණය වේ.ඒවා නම්, Pseudorandom කේත, Ephemeris දත්ත හා Almanac දත්ත ය.
  • Pseudorandom යනු එක් එක් චන්ද්‍රිකාව හඳුනාගැනීමට භාවිතා කරන කේතයයි.
  • Ephemeris දත්ත මඟින් චන්ද්‍රිකාව හොඳ තත්වයේ පසුවන්නේද යන බව පෙන්වා දේ.
  • Almanac දත්ත හරහා එම චන්ද්‍රිකාව දවසේ නියමිත් වේලාවෙදි කුමන ස්ථානයක සිටිය යුතුද යන බව හඳුනා ගනී.
එහෙනම් යලුවනේ කිව්වා වගේම GPS ගැන ලිපිය දුන්නා, ඔන්න ඔයාලට Comment එකක් දාලා යන්න තමයි වෙලාව.
Best thanks to www8.garmin.com

2 Responses to “GPS තාක්ශණය ගැන දැනගමු”

Nipuna said...
November 30, 2014 at 7:41 AM

එළ ඈ


Unknown said...
November 30, 2014 at 7:53 AM

ස්තූතියි ඔබට


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.