Area 51 වැනි අභිරහස් ස්ථානයක් ශ්‍රී ලංකාවෙන්


පිට අයට ඇතුළුවෙන්නත් බැරි ඇතුලෙ ඉන්න අය පිටවෙන්නෙත් නැති ස්ථානයක් ගැන ඇසුවොත් ඔබේ මතකයට නැගෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නෙවාඩා ප්‍රාන්තයේ පිහිටි Area 51 නොහොත් 51 වන කලාපයයි. නමුත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ එවැනි වූ ස්ථානයක් ශ්‍රී ලංකාවේද තිබෙන බවයි. හලාවතට නුදුරින් පිහිටා තිබෙන මෙම ස්ථානය ඉරණවිල පිහිටි ඇමරිකන් හඬ නොහොත් Voice of America යනුවෙන් හඳුන්වා ඇත. ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරු අනුව මෙය ශ්‍රී ලංකා ජනපති චන්ද්‍රිකා බණ්ඩාරණායක මැතිණිය ජනපති වීමටත් ප්‍රථම ශ්‍රී ලංකාවේ තිබූ බවත් ඒ වන විට අක්කර 40ක භූමි ප්‍රදේශයකත් තිබිණි. ප්‍රදේශවාසීන් හට මෙම ස්ථානයට ඇතුලුවීමට පවා අවසර නොලැබුණ හෙයින් මෙය සැකසහිත දෙයක් වූ අතර, බණ්ඩාරණායක මැතිණිය පවසා තිබෙන්නේ තමන් බලයට පත් වූ පසු මෙම ස්ථානය ඉවත් කරන බවය. නමුත් සිදුවූයේ නොසිතූ දෙයකි, ඇය බලයට පත් වූ පසුව අක්කර 40ක විහිදී තිබූ ඇමරිකන් හඬ අක්කර 400ක් දක්වා විශාල කිරීමට රජයෙන් අවසර ලැබිණි. 1994 පමණ වන විට මෙය තවත් සංවර්ධනය වූයේ ජනතාවගේ විරෝධයද මැදයි.
එකල උතුරුකරයේ කොටි ත්‍රස්ථවාදය නිසා යුධ වදින හමුදාව මෙන්ම ඉරණවිල ප්‍රදේශවාසීන්ද තම භූමියට පැමිණ අභිරහස් දෑ සිදු කරන ආගන්තුකයින් සමඟද පොරබැදීමට සිදුවිය.
මෙම ස්ථානය කෙතරම් අධි ආරක්ශිතද යැයි කිවහොත් ඒ වටා ඉදිකර ඇති විදුලි වැට මාරාන්තික වොට් 33000 ක විදුලියකින් සන්නද්ධ කර ඇත.
ඇමෙරිකානු රජය විසින් තානාපති මුක්තිය යටතේ පවත්වාගෙන යන ඉරණවිල Voice of America යනු ශ්‍රී ලංකාව අනුබද්ධව තවත් රටවල් 14ක ක්‍රියාත්මක කෙටි තරංග සම්ප්‍රේශණාගාරයක් වන බවයි ඔවුන් පවසන්නේ.


මෙහි වාහන ගමනාගමනයට යැයි සැලකෙන කිලෝ මීටර් 3ක් දිග සහ අති විශාල පලකින් යුත් මාර්ගයට අඩි පහකට වඩා වැඩි කොන්ක්‍රීට් තට්ටුවක්ද යොදා ඇත.
සාමාන්‍ය මාර්ගයකට වඩා ශක්තිමත් මෙය අවශ්‍ය ඕනෑම වර්ගයේ ගුවන් යානයක් ගොඩබැස්වීමටද හැකි වන අයුරින් තනා ඇත.
පිටස්තර පුද්ගලයෙකුට හෝ ලංකාවේ ආරක්ශක අමාත්‍යංශවලට පවා ඇතුලු වීමට නොහැකි මෙම ස්ථානය ඇමෙරිකානු ජාතිකයින් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් පවත්වාගෙන යන අතර කෙටි තරංග සම්ප්‍රේශණාගාරයක් යැයි පැවසුවද මේ තුළ ඊටත් වඩා බරපතල යමක් සිදු වන බව කාටත් නොරහසකි.
හලාවත, ඉරණවිල ප්‍රදේශවාසීන් මෙම ප්‍රදේශයෙන් රාත්‍රී කාලයේදි අහසේ අත්භූත එලි ගමන් කරන ආකාරය දැක ඇති අතර පාන්දර 3ට පමණ මෙවැන්නක් දුටු ගොවියෙකු පවසා තිබුනේ එය මඳ වේලාවකට පසු අතුරුදහන් වූ බවයි. මෙම අභිරහස් යානාව දෙසට තම විදුලි පන්දම් එල්ල කළ ජනතාව බිය වැද්දීමට මෙන් ඒවා ලඟට පැමිණ ඇති අතර පැය දෙකක පමණ කාලයකින් ඒවා අතුරුදහන් වූ බවත් ආරංචි වේ. මෙවැනි එලි සහිත් වස්තූන් ඉරණවිල අහසේ දක්නට ලැබෙන්නේ පාන්දර 2ත් 4ත් අතරය.
එමෙන්ම මෙම ස්ථානයේ විශාල කුලුණු සවි කර ඇති අතර, ඒවායෙහි නිවි නිවි දැල්වෙන විදුලි පහන්ද දක්නට ඇත. 30ට වැඩි ප්‍රමාණයක්.
ප්‍රදේශවාසීන් මෙය සැක කරන්නේ මේවා ගුවන් පථ වල භාවිතා වන මග පෙන්වන ආලෝක හෝ වෙනත් ආකාරයකින් යම් තොරතුරක් සම්ප්‍රේශණය කරන ක්‍රමයක් බවයි. (Parallel Data communication)
ලිපිය ලියන්න විස්තර හොයලා දුන්න Roshen, Enosh මාගේ මිතුරන්ට බෙහෙවින් ස්තූතිය පුද කරමි.

4 Responses to “Area 51 වැනි අභිරහස් ස්ථානයක් ශ්‍රී ලංකාවෙන්”

Thamara Lakshan said...
March 16, 2015 at 4:54 PM

පුදුමයි නේ. :>)


Unknown said...
March 17, 2015 at 3:56 AM

ඒක තමා :-)


Unknown said...
March 17, 2015 at 3:57 AM

template අවුලක් වගේ මම බලන්නම්, :-)


Unknown said...
March 18, 2015 at 10:39 AM

වෙන Browser එකකින් බලන්න, මට නම් වැඩ කරනවා


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.