ආලෝකයේ වේගය


බහුතරයක් සිතන්නේ ආලෝකය පැයට සැතපුම් බිලියන 671ක් ගමන් කරන බවයි. හැබැයි ඉතින් Traffic එක අහු උනොත් නම් ඕක අඩු වෙනවා. අපේ සූර්යග්‍රහ මණ්ඩලය ගැන කිව්වොත් මෙය තවත් වෙනස් මුහුණුවරක් ගන්නවා.
චන්ද්‍රයාගේ සිට පෘථිවියට රේඩියෝ තරංගයක් පැමිණීමට තත්පර 1.3ක් ගන්නවා. ඕස්ට්‍රේලියාවේ සිට ඇමෙරිකාට තිබෙන දුර තරම් විසි ගුණයක දුරක්.
ඇපලෝ අභ්‍යවකාශ වැඩසටහනේදී මෙය පොඩි ගැටලුවක් වුණා මොකද අභ්‍යවකාශගාමීන්ගෙන් අසන යමකට පිළිතුර ලබාගැනීමට අමතර කාලයක් බලාසිටීමට සිදුවූ නිසා.
අඟහරු පෘථිවියට ආසනන්ව තිබෙන විට එහි සිට ආලෝකය පෘථිවිය පැමිණෙන්නට මිනිත්තු 3ක් යනවා. ඉතින් අඟහරු වල ඉන්න කෙනෙක්ගෙන යමක් ඇසුවොත් පිළිතුර එන්න මිනිත්තු 6ක් ඉන්න වෙනවා.
කොහොමද එහෙනම් අර  යවපු රෝවර් යානයෙන් එහෙ තිබ්බ පින්තූරයක් මෙහාට එද්දි?
මිනිස් දෑතින් නිමවූ පෘථිවියේ සිට වැඩිම දුරක් ගමන් කළ වොයේජර් 1 යානය මීට වසර 29කට පෙර අභ්යවකාශ ගත කොට ඇත. ඉතින් ඒක මේ වෙද්දි කොච්චරක් දුර ගිහින්ද කිව්වොත් අපි ඒකට තරංගයක් යවන්න පැය 14ක් යනවා.
දැනට අපට ආසන්නයෙන්ම ඇති තාරකාවට (සූර්යා හැරුණු කොට) ගමන් කිරීමට ආලෝක වර්ශ 4 1/2 ක් යන අතර අපගේ චක්‍රාටය වටා ගමන් කිරීමට ආලෝකයේ වේගයෙන් වසර 100,000ක් ගත වේ.
සම්පූර්ණ විශ්වය හරහා ගමන් කිරීමට වසර බිලියන 100ක් පමණ ගත වේ. ආලෝකයේ වේගය හිතන තරම් වේගවත් නැහැ. 
ඉතින් අද ලිපියත් අයින්ස්ටයින් මහතාගේ සාපේක්ශ්තාවාදයේ කරුණකින් අවසන් කරන්නම්.
අපි ආලෝකයේ වේගයෙන් අපට ආසන්නම තාරකාවට ගමන් කළා යැයි සිතමු. අපිට එය තත්පර කිහිපයක් ගතවූවා යැයි තේරෙයි, නමුත් ආපසු පෘථිවියට පැමිණෙන විට ඔබ වසර 9ක් වයසට ගොස්ය.

7:36 PM by Unknown · 6

Artificial Intelligence ගැන දන්න අය මේ ගැනත් සිතන්න


කෘතිම බුද්ධිය (Artificial Intelligence) - මෙම ලිපියෙන් කියන්නෙ දැනට තියෙන තාක්ශණය අනුව සිතීමට කතාකිරීමට හැකි කෘතිම මිනිසෙකු (ඇත්තම රොබෝවෙකු) හදන හැටි.
එකපාරක් මට මතකයි IGI - 1 Game එකේ File වගයක් මාරුකරලා ඒකෙ හතුරන්ව සිවිල් වැසියො කරා. වැඩේ හරි ගියා, කලින් අපිට වෙඩි තියන්න ආපු අය නිකන් සිවිල් වැසියො කරා. ඒ Folder එක අස්සෙ තිබ්බෙ Compile කරලා තිබ්බ HEX File වගයක්. ඉතින් මට හිතුන දෙයක් තමා Game එක අදාලව කෘතිම බුද්ධියක් සහිත චරිත වලට අවශ්‍ය මොළය තමයි ඔය HEX File වල තිබ්බෙ කියන එක. හතුරොන්ට වෙනම File වගේ කිහිපයක්ම තිබ්බා. කෘතිම බුද්ධිය ගැන මමත් පොඩි පොඩි අත්හදාබැලීම් සිදු කළා, ඔයාලට මතකත් ඇති වතාවක් මම හැදුවා Garfield කියලා එකක්. ඒකෙන් උනේ අපි විසින් පරිගණක ලබාදෙන උපදෙස් මාලවකට අනුව අපිට ප්‍රතිචාර දක්වන පරිගණක වැඩසටහනක්. මගෙ ඊලඟ පියවර වුනේ මේ වගේ ගොඩක් දියුණු කරලා හදලා තියෙන Cleverbot  කෘතිම බුද්ධියත් සමඟ මම හදපු Facebook Chat මෘදුකාංගයක් සම්බන්ධ කරලා Facebook එකෙන් එන පණිවිඩ වලට එම කෘතිම බුද්ධිය හරහා Reply යවපු එක. ඇත්තටම ඒක ගොඩක් සාර්ථක උනා. ඉතින් Cleverbot එක ගැන තවත් අධ්‍යනය කරපු මට තේරුණ දෙයක් තමයි ඒකෙදි එයා අහන ප්‍රශ්ණය හා අපි ලබාදෙන පිළිතුර ගලපා නැවතත් අපිට ප්‍රතිචාර දක්වන එක. ඒ වගේම එකම දෙය නැවත එන්නෙ නැතිවෙන්න අහඹු (Random) ලෙස මෙය සිදු කිරීම. C# වලට පින් සිද්ධ වෙන්න මමත් ඒ ක්‍රමය සාර්ථකව අත්හදාබැලුවා.
IGI Game එකේ එහෙමනම් GTA Vice City වගේ Game වල තියෙන චරිත වලට කොයි තරම් දියුණු කෘතිම බුද්ධියක් ඇතිද?
ඒ සමඟම මගේ මතකයට නැගුනේ Google සමාගමේ Voice Recognition (අප පවසන දෙය පරිගණකය විසින් වචන බවට පත් ඉරීම) හා Microsoft සමාගමේ භාවිතා වූ Text to Voice පහසුකම භාවිතාකර Cleverbot ව කතාකරන රොබෝවෙකු කරන්න බැරි ඇයි යන්නයි.
එයාට ඇවිදින්න කරන්න වගේ වැඩ ඇයි අර පරිගණක ක්‍රිඬා වල ඉන චරිත හරහා කරන්න බැරි?
හැඟීම් දැනීම් සිදුකිරීමට දැන් ලෝකයේ තිබෙන Lovebot හරහා ඇයි බැරි?
පරිගණක ක්‍රීඩාවේ චරිතය පණ පොවන්න Arduino එකක් හා Servo Motor කිහිපයකට බැරි ඇයි?
මෙව්වා කරන්න බැරි වැඩ නෙවේ.  ඒත් කරන්න තරම් හැකියාව තියෙන ආයතන උනන්දු නොවන්නේ මම මේ ලියන Post එකේ තියෙන දේවල් වත් එයාල දන්නෙ නැති නිසාද?
හරි මම දන්නවා මේ ලෝකෙ තියෙන පරිගණක, Router, Hub අනං මනං සේරටම වඩා නියුරෝන මිනිස් මොළයේ තියෙනවා කියලා ඒත් මිනිසු ඔව්වගෙන් පාවිච්චි කරන්නෙත් 6% විතර කියලා මම කිව්වනෙ. හරි ඉතින් ඇයි බැරි මාස 6ක් වයස පොඩි ළමයෙක්ව මේ තාක්ශ්ණයෙන් හදන්න? එයාට භාශාව පවා කියලා දෙන එක මිනිසෙකුට කරන්න පුලුවන්. ඒත් ඒකත් ඕනෙ වෙන්නෙ නැහැනෙ මම උඩ කිව්ව Cleverbot හා පරිගණක ක්‍රීඩා වල ඉන්න අවුරුදු 20ක් විතර වයස කෙනෙක්ගෙ මොළයක් දෙන්න පුලුවන් වෙද්දි. එක්කො ඔය කියන විද්‍යාත්මියො හිතනවද දන්නෙ නැහැ පරිගණ ක්‍රීඩා වල ඉන්න නපුරෙක් එලියට ඇවිත් ලෝකෙ විනාශ කරයිද කියලා. අර Ra-One Film එකේ වගේ. හරි ඉතින් එහෙම නොවෙන්නෙ එයාව Program කරානම් හරිනෙ. ලෝකෙ ඕනෙම දෙයක් දන්න කෙනා කරන්න එයාට විකිපීඩියාව හරි දෙන්න පුලුවන්. ඔව් හොඳටම කතාකරන කෙනා කරන්න Facebook Chat එක ගබඩා වෙලා තියෙන Database එකෙන් මිලියන ගනණක් ලෝකවාසි ජනයාගේ  වචන එයාට දෙන්න පුලුවන්. මෙයාල බයද වැඩේට? 
ඔයා මොනාකිව්වත් විද්‍යාත්මින්ටත් හිතේ සැකයක් ඇති ඉතින් ලෝකෙ ධනවත්ම පුද්ගලය (Bill Gates) යටතෙ හැදුන Windows මෙහෙයුම් පද්ධතියත් Crack කරපු උන් ඉන්න ලෝකෙක මෙහෙම එකක් එලියට දැම්මොත් $#^$#%^%$ වෙන බව.
කරුණාකර මෙය උපුටාගැනීමෙන් වළකින්න. © Sadeepa Ravishan​

6:58 AM by Unknown · 5

අන්තර්ජාල මුදල් වංචාවන්ට හසු වන්නට පෙර මේ ගැනත් සිතන්න


මසකට රු. 50,000/- ක් නිවසේ සිටම උපයන්න මෙතනින් එන්න.. වගේ කත්න්දර පුවත්පත්වල, Facebook එකෙත් ඇති තරම් දැකගන්න තියෙනවා. ඒත් ඔය සේරම ඇත්තද? ඔයාටම තීරණය කරන පුලුවන් මේ Video එකේ තියෙන සංවාදය අසන්න.
බයවෙන්න එපා, මම කලින් ලිපියකින් අරන් ආවා මම අන්තර්ජාලයෙන් මුදල් උපයන්නෙ කොහොමද කියලා. ඒකෙ මම මුදල් ලබාගත් අවස්ථාවන් පවා සදහන් කරලා තියෙනවා. Link to post ඔයාලට අන්තර්ජාල මුදල් වෙබ් අඩවියක් ගැන දැනගන්න ලැබුනොත් මුලින්ම කරන්න ඕනෙ Google හී හා Google Images හී මෙලෙස Search කරන්න.

  • <වෙබ් අඩවියේ නම> Scam Review - Google Search 
  • <වෙබ් අඩවියේ නම> Payment Proof - Google Image Search
Scam Review හරහා එය වංචාසහගත වෙබ් අඩවියක්ද යනවගත්, Payment Proof හරහා එය අනෙක් අයට මුදල් ලබා දී ඇත්නම් ඒවායෙහි චෙක්පත් හෝ Paypal වැනි ගනුදෙනු වල පිටපත් දැකගත හැක. ඔව් මම බ්ලොග් එකේ දාපු වෙබ් අඩවියෙන් ඔයාලට මුදල් හොයන්න කලින් සැකහැර දැනගන්න පුලුවන්. මේ Post එක දැම්මෙ ඔයාගෙ කාලය හා මහන්සිය නිකරුනේ නාස්තිවන්නට තිබූ අවස්ථාවක් නැති කිරීමටයි.

9:12 AM by Unknown · 3

මෝඩයාගේ දවසෙ කරපු කැතම වැඩ 25


අප්‍රේල් පලවෙනිදා කිව්වම ගොඩක් අයගෙ මතකයට එන දෙයක් තමා ඒක මෝඩයාගේ දවස කියන එක. ඉතින් ඒ වගේ කරපු කැතම වැඩ 25ක් අරගෙන ආවා අද ලිපියෙන්. හැබැයි මෙව්වා කරන්න නම් එපා, තව කෙනෙක්ට හිංසාවක් කරලා,බොරවක් කරලා සතුටු වෙන එක සදාචාර නැහැනෙ.

25. අනේ දෙවියනේ!

24. Hair Dryer එකට මොකද වෙලා තියෙන්නෙ!

23. අදනම් Camp යන එක හොඳ නැහැ!
22. වැඩ කරන අතරෙ නිදාගන්න අයට උගන්වන පාඩම!
21. Job interview එක

20. පැන්න තරම් දුරක් යන්න බැරි උනා නේද?

19. Officeදැක ඇතුලෙ වෘකයෙක්?
18. මෙව්වට පණ ආවෙ කොහොමද?
17. උස වෙනස් වෙන එකෙනුත් නියම වැඩ තමා කරන්නෙ 
16. වීදුරු දොරවල්

15. එහෙම එකක් තියෙනවද නැද්ද?

14. ඩයිනෝසර් ප්‍රහාරය
13. බොරු මකුළුවන්

12. ප්‍රහාරය

11. විනාසයි
10. හපොයි මේ මොකෙක්ද ආවේ?

9. මගහරින්න බැහැනෙ ඉතින් මෙව්වා
8. වැඩට පරක්කුයි
7. Caramel apple – ඒත් ලූණු තියෙන්නෙ
6. පුලුවන් තරම් කියවන්න
5. හ්ම් පොඩ්ඩක් යවත්කාලීන කරා
4. දොර අරිනකොට බලාගෙන, නලා වදින්න පුලුවන්
3. දොඩම් බීමද නැත්නම් චීස් වතුරද?
2. මොනා උනත් ගොඩක් මහන්සිවෙලා තියෙනවා
1. මතක අඑතුව දොර වහලා යන්න.

ඊයෙ බොරු කියපු යාලුවො මේකත් කියවගෙනම යන්න.

5:42 AM by Unknown · 4

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.