Showing posts with label නව සොයාගැනීම්. Show all posts
Showing posts with label නව සොයාගැනීම්. Show all posts

අසල්වාසීන්ද පුදුමයට පත් කළ මොහුගේ ගරාජයේ තිබූ දෙය ඔබ පුදුම කරාවි


මොකක්ද මෙතරම් සැකසහිතව ඔහු ගරාජයේ සිදු කළේ?

12:24 AM by Unknown · 3

අත් ඔරලෝසුවට ලබා දෙන විධානයෙන් Auto Park වන BMW Car



BMW සමාගමේ අලුත්ම නිර්මාණය වන මේ ස්ව්‍යංක්‍රීය Park වීමේ පද්ධතිය සමඟ ඔවුන් හඳුන්වාදෙන විශේෂාංගය ගැනයි අද ලිපියෙන් කියන්නෙ. වාහන විශාල ප්‍රමාණයක් අතර දුක් විඳිමින් එය Park කළ අවස්ථාවත් නැවත් එය පිටතට ගත් අවස්ථාවත් මිනිස් අතින් සිදු කිරීමට තිත තබමින් මොවුන් හඳුන්වාදෙන්නේ ඔවුන් සුළු මොහොතකට පෙර ඉදිරිපත් කළ මේ වටිනා නිර්මාණයයි.
අත් ඔරලෝසුවට ලබා දෙන විධානය ලබා දිය යුත්තේ බොත්තමක් එබීමෙන් නම් නොවේ, ඔබේ කටහඬින්මයි.මෙයට සුදුසු වන Smart අත් ඔරලෝසු දැනට වෙළඳපොලේ ඇති අතර එමඟින් Knight Rider Car එකේ මෙන් BMW සමාගමත් ස්ව්‍යංක්‍රීයව කටහඬ අනුව පාලනය වන වාහනය තනා ඇත. 
ඉතින් ඔබ යම් ස්ථානයකට ගොස් එය Park කිරීමට යන වේලාවේදී ඔබ පැමිණි කටයුත්ත ඉටු කර ගැනීමට හැකි වන අතර ඔබට ඇත්තේ වාහනය නවතා එයට Park වන ලෙස පැවසීම පමණි. ඉතින් කාලෙත් ඉතුරුයි ඔබටත් පහසුයි. BMW සමාඟමේ Munich based i3 Car එකක් සමඟ එන මේ තාක්ශණය ඔවුන් හඳුන්වන්නේ Remote Valet Parking Assistant යනුවෙනි.
විශාල Car Park වලදිත් හොඳින් ක්‍රියාත්මක වීමට GPS තාක්ශණය වෙනුවට මෙය භාවිතා කරන්නේ Laser සංවේදක මඟින් සාදාගන්නා Car Park එකේ සිතියමකි. රියදුරුට වහනයෙන් බැස විධානය ලබාදීම පමණක් සිදු කළ යුතු වන අතර ඉතිරිය වාහනය විසින් සිදු කරයි.
තවද සොයාගැනීමට ඉඩ තිබෙන ස්ථාන සොයාගනීමට හැකි වන මේ තාක්ශණය මෙන්ම අංශක 360 ම ආවරණය කරන laser සංවේදක පද්ධතිය නිසා තමාවටා ඇති වාහන සමඟ ගැටීමක් සිදු නොවීමට වග බලාගැනීමේ වැඩසටහනක්ද එයට අනුබද්ධව ස්ව්‍යංක්‍රීය තිරිංග පද්ධතියක්ද මෙයට අන්තර්ගතකොට ඇත.
තවත් විශේශාංගයක් නම් මෙයට විශේශවූ Car Parks අවශ්‍ය නොවන අතර දැනට තිබෙන Car Parks සමඟ වුවත් හොඳින් ක්‍රියාත්මක වීමයි. කෙසේවෙතත් මෙය වෙළඳපොළට නිකුත් කරන්නේ කවදාදැයි නිවැරදි දිනයක් තවම BMW සමාගම විසින් දන්වා නැත.

6:48 AM by Unknown · 2

Laser වලින් වැඩකරන Sound Transmitter එකක් හදමු


කවුද කැමති සැතපුමක් විතර දුරට තමන්ගෙ කටහඬ යවන්න? හැබැයි මෙතනදි වයර් රහිතව Laser වලින් තමා ශබ්දය ගමන් කරන්නෙ. ඔයාලට මේ ව්ඇඩේට ගන්න පුලුවන් කඩේ ගන්න තියෙන Key Tag වගේ එන Laser එකක්.නව නිර්මාණයක් කරන්න මෙන්න අවස්ථාව.
  • Laser එකත් හරි තව මොනාද ඕනේ?
  • වියලි කෝශ (Pen Torch Battery) 4ක් - 3 Battery holder එකක් සහ 1 Battery Holder එක්කම ගනන් වැඩේ පහසු වෙයි.
  • කුඩා Radio එකක් හෝ Mp3 Player එකක් වැනි ශබ්දය ලබාගත හැකි උපකරණයක්.
  • 3.5mm Earphone Jack එකක්.
  • Audio Transformer එකක්.ආසන්න වශයෙන් එක් පැත්තක් 8ohm සහ අනෙක් පැත්ත 1000ohm.
  • වයර් කැබලි කිහිපයක්.
  • LDR එකක්.
  • කුඩා Amplifier එකක්.(Amp එකක් නැත්නම් Computer එකට ගන්න Speaker එක හෝ මේ අඩු වියදම් Amp එක හදාගන්න විදිය අන්තිමට තියෙනවා.)
හරි දැන් වැඩ පටන් ගමු,මුලින්ම Laser එකේ තියෙන බැටරි ඉවත් කරන්න.එහි ආවරණය + වන අතර ,ඇතුලෙ තියෙන Spring එක - වේ.

ඉහත ආකාරයට වියලි කෝශ 3 ශේණිගතව සම්භන්ද කරන Battery Holder එකේ + කොටස Laser එකේ + වයරයටද, Battery එකේ - කොටස Transformer එකේ 1000ohm කොයිල් එකටද සම්බන්ධ කරන්න. 1000ohm කොයිල් එකේ ඉතිරි වයරයට Laser එකේ - වයරය සම්බන්ධ කරන්න. Transformer එකේ 8ohm කොයිල් එකේ ඉතිරි වයර් 2 Audio Jack එකට සම්බන්ධ කරන්න.Audio Jack එක තමයි Radio එකට හෝ Mp3 එකට යන්නෙ.
වැඩේ හරියට කළොත් මෙහෙම තියෙයි.

ටිකක් ලස්සනට පාස්සලා ගත්තොත් මෙහෙම හදාගන්න පුලුවන්.
හරි අපි දැන් Laser වලින් වැඩකරන Sound Transmitter එකක් හදලා ඉවරයි,ඊළඟට තියෙන්නෙ Receiver එක
උඩ පින්තූරෙ විදියට Audio Jack එකකට හෝ ඔබේ amp එකේ Input එකට සම්බන්ධ කළ හැකි Connector එකකට ඉතිරි බැටරිය හා LDR එක සම්බන්ධ කරගන්න.

එහෙනම් වැඩේ test කරමු.Transmitter එකට විදුලිය ලබාදී Radio එකත් On කරලා Earphone Jack එකත් සම්බන්ද කරන්න. දැන් Laser එකත් වැඩ කරනවා.
එතකොට Receiver එක Amp එකට සම්බන්ධ කරන්න.
දැන් තියෙන්නෙ Laser එකේ එලිය LDR එකට වැටෙන්න අල්ලන එක.

වැඩේ ගොඩ නම් දැන් Amp එකෙන් Radio එක ඇහෙනවා.වැඩ කරනෙ නැත්නම් බලන්න පරිපථය නිවැරදිව සම්බන්ධ වෙලාද, Radio volume එක වැඩි කරලාද කියලා.

මෙන්න අඩු වියදම් Amp එක.
මෙතන pin 1 සහ pin 8 අතර ඇති 10uf එක හා vr2 එක නොමැතිවද පරිපථක ක්‍රියාත්මක වේ.
මෙන්න භාන්ඩෙ හදන විදිය
මේ තියෙන්නෙ ඔය විදියට හදපු එකක්.
තමන්ගෙ කටහඬ යවනවානම් Transmitter එකට Mic එකක් සම්බන්ද කරපු Amp එකක Output එක දෙන්න. Laser එක යවන්න පුලුවන් දුරටම දැන් Sound යවන්න පුලුවන්.එහෙනම් යාලුවනේ මම කැපුනා මතක ඇතුව Comment එකකුත් දාලම යන්න. හොඳ ප්‍රතිචාර ලැබුනොත් රු.4000ක් පමණ වන Laser වලින් හොරු අල්ලන පරිපථය රු.100ක් වගේ අඩු මුදලකින් හදන හැටි කියනවා ^_^ .

9:11 PM by Unknown · 12

මේ ගුවන් යානයෙන් ලෝකෙ ඕනෙම තැනකට යන්න පැය 4යි


බ්‍රිතාන්‍ය ගුවන් අභ්‍යවකාශ සමාගමක් වන Reaction Engines Limited මේ දිනවල කාර්යබහුලව නිශ්පාදනය කරන්නේ එකවර මඟීන් 300ක් පමණ ලොව කුමන ස්ථානයකට හෝ පැය 4ක් වැනි කලයකින් ගෙනයාමට හැකි ගුවන් යානයක් නිපදවීමටය.මෙහි අන්තර්ගත එන්ජින්වලට අභ්‍යවකාශයේ වුවත් ගමන් කිරීමේ හැකියාවක් තිබේ.
දැනට ඇති නවීනතම තාක්ශණය වන Precooler (පෙර සිසිල් කිරීම) යොදාගත් ප්‍රතික්‍රියා එන්ජින් දෙකක් සහිතව එන මේ ගුවන් යානය තම Sabra එන්ජිමට එන වාතය තත්පර 0.01ක් වැනි කාලයකදී Celsius අංශක 1,000 ටත් වඩා අඩු කර එන්ජිම සිසිල් කරයි. මෙනිසා එම ගුවන්යානා එන්ජිම උසස් ක්‍රියාකාරීතවකින් සමන්විත වේ. මෙම Sabra එන්ජිම සමඟ පරීක්ශණ කටයුතු කරමින් සිටින් නිසා ඉහත සඳහන් ආකායෙන් කාර්යබහුල වී ඇත.
2019 මාර්තු 5 වනදා ප්‍රථම වතාවට ගුවන්ගත කිරීමට නියමිත මෙම ගුවන් යානය ශබ්දයේ වේගය මෙන් 5 ගුණයක් වේගයෙන් ගමන් කරයි.

Skylon ලෙසින් නම් කර ඇති මෙම ගුවන් යානය මීටර් 82ක දුරින් යුක්ත වන අතර රොකට්ටුවක් මෙන් ගමන් කිරීමට ගුවන් යානයට මෙය උචිත වේ. කෙසේවෙතත් මෙය ගුවන්ගතකිරීම හා ගොඩබෑම සාමාන්‍ය ගුවන්යානයක් මෙන් සුදුකරයි. මෙම ආකෘතියක මිළ ඩොලර් බිලියන 1.1 ක් ලෙස සඳහන් වේ.
මෙම ගුවන් යානය සමඟ අභ්‍යවකාශයටද ගමන් කිරීමට හැකි වන අතර මෙහි ජනෙල් වෙනුවට ඇත්තේ පරිගණක තිරය. මෙනිසා පිටස්තර කැමරාවලින් ලබාගන්නා දර්ශණ සමඟ සම්පූර්ණ අභ්‍යන්තර තිර ආවරණයක් දැකගත හැක.
එසේනම් නුදුරු අනාගතයේ ගුවන් යානයකින් අභ්‍යවකාශගතවීමත් පැය 4න් ලොවවටා යාමත් ජනතාවට දායාදවේවි.

9:01 PM by Unknown · 0

Samsung Galaxy S6 රහස් හෙළිවේ - පින්තූර හා Video සමඟ



Samsung Galaxy S6 පිළිබඳ රහස ලන්දේසි වෙබ් අඩවියක් විසින් හෙළිකර ඇති අතර එහි සඳහන් වූ ආකාරයට මෙහි 5.5" තිරයක් සමඟ 16MP හෝ 20MP කැමරාවක්ද සමන්විත බව පවසා තිබේ. කටකතා අනුව දැනට ඇති මතය වන්නේ 2015 මාර්තු 2-5 දක්වා Barcelonaවේ පවත්වන ජංගම දුරකථන ලෝක සමුලුවේ වෙළඳ ප්‍රදර්ශණයේදී (Mobile World Congress) නිකුත් කෙරෙන බවයි.



මෙසේ පිටට ලැබී ඇති ඡායාරූප අනුව පෙනී යන්නේ S6 ජංගම දුරකථනය iPhone 6 දුරකථනයට හුරු සිහින් හා තරමක් වටකුරු ස්වභාවයක්ද සමඟින් එන බවයි. මෙහි පරමාදර්ශී ලක්ශණයක් වන්නේ වම් හා දුකුණු කෙළවර සිහින් වූ තිරයක් තිබීම හා ඉදිරිපස කැමරාව හා ජංගම දුරකථනයේ ඉහළ කේන්ද්‍රයට ඇති දුරයි. වෙනත් වෙබ් අඩවියකින් හෙළිවූ තොරතුරු අනුව මෙහි Codename එක SM-G925F වන අතර Quad HD (2560×1440) display එකක්, octa-core Processor එකක්, 16MP පසුපස කැමරාවක් හා Mali-T768 graphics processing unit එකකින්ද සමන්විත වන බවයි.



Samsung සමාගම වසරකදී නිකුත් කරන ජංගම දුරකථන සංඛ්‍යාව අවම කරමින් ඒවා උසස් තත්වයේ ජංගම දුරකථන නිපදවීමටත් තීරණය කර ඇත. එමෙන්ම ඔවුන් දැනට කරන නිශ්පාදන ප්‍රමණය වැඩි කරමින් ජංගම දුරකථනවල මිල පහල දැමීමට උත්සාහ කරති. New York හී Robert Yi (Samsung සමාගමෙහි ආයෝජක සබඳතා ප්‍රධානී) විසින් පවත්වන ලද presentation එකක් අතරදුරදී මෙම උපාය හඳුන්වාදී තිබේ.



පහතින් තියෙන්නෙ Samsung Galaxy S6 ගැන කියැවෙන Video එකක්.

6:29 AM by Unknown · 2

හන්තාන ලිනක්ස් - ලංකාවෙ හදපු Operating System එක


Hanthana Linux යනු ලංකාවෙ අයට විශේෂ මෙහෙයුම් පද්ධතියකි. මෙය Linux පදනම් කරගනිමින් Fedora සමමිශ්‍රණය කොට තනා ඇති අතර මෙය Desktop හා Laptops සදහ උචිත වේ.
 මෙය Live CD එකක් ලෙස ඔබ වෙතට පැමිණෙන නිසා Install නොකර සජීවීව Boot කර ඒ සමඟ වැඩ කළ හැක. එමඟින් මේ සමඟ ලැබෙන සියලුම වැඩසටහන් භාවිතා කිරීමට පුලුවන.
ඔබට පහසු අතුරුමුහුණතක්ද සමඟින් ලැබෙන මෙම හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය එදිනෙදා අවශ්‍ය වන වැඩසටහන් බොහොමයක් අන්තර්ගතකොට ඔබ වෙත ලැබේ. 
මෙය නොමිළේ බෙදාහරින බැවින් ඔබට කැමති ආකරයෙන් මෙය පිටපත් කර භාවිතා කළ හැක.
Hanthana Linux මෙතනින් Download කරගන්න - http://www.hanthana.org/index.php

මේ සමඟ ඔබට නොමිළේ ලැබෙන මෘදුකාංග - http://www.hanthana.org/si/features.php


8:32 PM by Unknown · 1

ඉංග්‍රීසියෙන් සිංහලට පෙරලන්න මෙන්න භාන්ඩේ




අපි ඉතින් ඉස්සර කරේ Dictionary Software එකක් අරගෙන වචනෙන් වචනෙ හොය හොය පරිවර්ථනය (Translate) කරපු එකනෙ, නමුත් යාලුවනේ අද මම අරන් ආවා ඉංග්‍රීසියෙන් තියෙන ඡේදයක් බැරිනම් කතන්දරයක් හරි එක Click එකෙන් සිංහලට පෙරන්න පුලුවන් ක්‍රමයක්. මේ සේවාව සපයන්නෙත් Google Translate විසින්. මෙතනින් යන්න එහෙනම් යාලුවනේ ඒ Site එකට. ඔයාට අවශ්‍ය දේ එයා පරිවර්ථනය කරලා දෙයි.


8:26 PM by Unknown · 4

Google සමාගම ශ්‍රී ලංකාවෙ සුන්දරත්වය ලොවටම පෙන්වයි


යාලුවනේ අපි දන්න දෙයක්නෙ Google Street View කියන්නෙ. දන්නෙ නැති අය දැනගන්නකො ඒකෙන් වෙන්නෙ අපිට පාරෙ ඇවිදන් යනවා වගේ Google Maps හරහා වටපිටාවම බලාගන්න පුලුවන් තාක්ශණයක්. මෙතනින් ඒ සේවාව ලබාගන්න පුළුවන් maps.google.lk 

Google සමාගම දැනට රටවල් 63ක් පමණ මේ සේවාව සඳහා ආවරණය කරලයි තියෙන්නෙ. ඉතින් යලුවනේ තව දින කිහිපයකින් මේ Google Street View එකෙන් බලන්න පුලුවන් රට්වල් අතරට ලංකාවත් එකතු වෙනවා. එතකොට අපිට පුලුවන් වෙනවා අන්තර්ජලය හරහා ලංකාවේ සිතියම Panoramic (හාත්පස පැතිරුණු දර්ශණයක්) විදියට බලන්න. හරියට 3D Game එකක වගේ.


ඉතින් යාලුවනේ මේ වැඩේ කරන්න Google සමාගමෙන් අධිතාක්ශණික කැමරා සවිකරපු මෝටර් රථයක් තමා භාවිතා කරන්නෙ.ඉතින් මේ වාහනේ ලංකාවේ සෑම ප්‍රදේශයක් පසාම ආවරණය කරමින් ලබාගන්නා ඡායාරූප පරිගණක සැකසුම් වලට ලක් කරලා Google Maps වලට එකතු කරනවා. හෙට දින (2014.12.12) සිට Google Street View හරහා මේ සේවාව සපයන්න ඒ මෝටර් රථය ගමන් ආරම්භ කරනවා. ඉතින් ලංකාව වටේම ගිහින් Google සමාගම ලංකාවෙ අසිරිය මුළු ලෝකෙටම ගෙනියනවා.


තවත් දෙයක්නෙ යාලුවනේ Google Maps වලින් මිනිස් මුහුණු වාහන අංක තහඩු එහෙම බොඳ කරන එක, ඉතින් මේ වැඩේදිත් Google සමාගම ඔය ක්‍රමේ පාවිච්චි කරනවා. මේ වගේ සුවිශේශාංග රැසක් සමඟ තමයි ලංකාවෙ සුන්දරත්වය අන්තර්ජාලය හරහා ලෝකයට බෙදාහරින Google Street View හී පියවර ක්‍රියාත්මක වෙන්නෙ. ඉතින් ශ්‍රී ලංකාව ගැන සොයා බලන විදේශිකයන්ට, සංචාරකයන්ට පවා මෙමඟින් මහඟු අත්වැලක් ලැබෙනවා, තමන් සංචාරය කිරීමට නියමිත් ශ්‍රී ලංකාවෙ විවිධ ස්ථාන මෙලෙසින් බලාගැනිමට හැකිවන නිසා.

මේ ගැන දුටු Post එකක්.වැරදියට හිතන්න එපා, හුදෙක් විනෝදයට පමණි. :D

Sources :- offair.nethfm.com

8:06 AM by Unknown · 4

Quadcopters ගැන දැනගමු


නියමුවන් රහිත අහස් යානා අද වන විට ලංකාවට අලුත් දෙයක් නොවන බව සැබෑවකි.එවැනි මාතෘකාවක් ලෙස Quadcopters ගත හැක. මෙහිදී වැදගත් වන්නේ Quadcopters සඳහා යොදාගෙන ඇති තාක්ශණයයි.

quadrotor helicopter, quadrotor යන නමින්ද මෙය හඳුන්වන අතර සාමාන්‍ය helicopter එකක මෙන් නොව මෙහි Rotors 4 ක් භාවිතා කරයි.
මේ තියෙන්නෙ Rotor එකක්
මෙහි Rotor දෙකක් දක්ශිණාවර්තව කරකැවෙන අතර. අනෙක් Rotor දෙක වාමාර්තව කරකැවේ. 

මෙම එක් එක් Rotor එකෙහි වේගය වෙනස් කිරීම මඟින් Quadcopter එක අවශ්‍ය ආකාරය පාලන කළ හැක.

 (RPM එක හා Torque එක) එනිසා මෙය ඉහලට පහලට හා වෙනත් දිශාවකට පාලනය කළ හැක.
මෙය Drone තාක්ශණය , (අප දන්නා ආකාරයට නියමුවන් රහිත යානා ) සඳහාද භාවිතා කෙරේ.
එමෙන්ම විවිධ සංවේදක / Camera වැනි උපකරණ අන්තර්ගතකොට තනා ඇති/Quadcopters ද ඇත.
තවද මේ ආකරයට තැනූ Quadcopter  එකක් මඟින් ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථාන පාදක කොට Ariel View නොහොත් කුරුල්ලෙකු දකින ආකාරයට අහසේ සිට රූගත කරන ලද Video එකක් පහතින් ඇත.

Quadcopters තාක්ශණය ඉතා සුන්දර බව පෙන්වන්න තවත් නිදසුන් කුමටද.
පහත් තිබෙන්නේ අඩි 1000ක් උසින් ගමන් කරන Quadcopter එකක සටහන් වූ දර්ශණයි.



http://www.shaafm.lk/remix/ එකේ DJ Sadeepa ගෙ Mix එකක් තියෙනවා අහපු නැති අය අහන්න ;) තවත් ලිපියකින් හමු වෙමු යාලුවනේ.

9:17 AM by Unknown · 10

Facebook එකට Bye කියලා එන්න Second Life ලෝකයට



2003 ජුනි 23 වන දින ලෝකයාට දායාද වූ Second Life යනු හුදෙක් සමාජ ජාලයක් හෝ Game එකක් නම් නෙවේ , ඒකාකාරී බවින් මිදුනු සැබෑ ආස්වාදයක් ලබාගතහැකි 3D තාක්ශණයෙන් සමන්විත වූ ලෝකයකි. හැබයි තවත් දෙයක් මේ ලෝකය හැදිලා තියෙන්නෙ ඒක භාවිතා කරන අයගෙන්මයි.
එයට ඇතුලුවන ඔබට ඔබ කැමති ස්වරූපයකින් පෙනී සිටිය හැක.ඔබ කැමති යමන් නිර්මාණය කර එය විකිනීමටත් පුලුවනනේ වගේම මෙහි සිටින වෙනත් Usersලා සමඟ සබෑ ලෝකයේ මෙන්ම සබඳතා පවත්වා ගැනීමටත් සංගීතය, විනෝද ක්‍රීඩා හා ලොව විශාලතම Virtual Market එකෙහි සාප්පු සවාරි යන්නත් පුලුවන්කම ලැබේ. 
අන ඒ නිසයි කිව්වෙ මෙය හුදෙක් Social Network එකක්ම නොවන බව. මෙය සැබැවින්ම කෘතිම ලෝකයකි. බලන්න පහත Video එක.

තවත් කරුණක් නම්, ඇමරිකාව වැනි රටවල Facebook වලටත් වඩා  Second Life වලට ඇබ්බැහි වූවන්ද ඇත. සැබැවින්ම මෙම කෘතිම ලෝකය ඔබටත් නව අත්දැකීමක් ගෙන එන බව නිසැකයි.



හරි එහෙනම් වැඩ පටන් ගමු :) යන්න Second Life වෙබ් අඩවියට - Secondlife.com (Click Skip ad after 5 seconds)
එතනින් Play for Free ඔබන්න.
ඔයාට ගැලපෙන Avatar කෙනෙක්ව තෝරගන්න, පස්සෙ එයාව Edit කරගන්න පුලුවන්.
දැන් Choose Avatar වලින් ගිහින් ඔයා මේ වෙබ් අඩවියෙ Register වෙන්න.

ඊලඟට ඔයාට පුලුවන් එයාලා දෙන Software එක හරහා Second Life භාවිතා කරන්න. Second Life එකේ DJSadeepa කියන්නෙ මම :3 එහෙනම් යාලුවනේ මම කැපුනා. Post වලට Comment එකක්වත් නැති උනාම බ්ලොග් ලියන එකත් එපා වෙනවනෙ ඉතින්. ;) සැම විටම කර්තෘ වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්න.

Second Life Online Virtual World Official Facebook Group Sri Lanka. Share Your Interesting Moments of Second Life Here.
Second Life ලෝකයේ ඔබ කැමති අවස්ථාවක් යාලුවන් සමඟ බෙදාගන්න ශ්‍රී ලංකාවේ නිල Facebook සමූහය. https://www.facebook.com/groups/753556761384440/

9:05 AM by Unknown · 2

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.