Samsung Galaxy S6 රහස් හෙළිවේ - පින්තූර හා Video සමඟ



Samsung Galaxy S6 පිළිබඳ රහස ලන්දේසි වෙබ් අඩවියක් විසින් හෙළිකර ඇති අතර එහි සඳහන් වූ ආකාරයට මෙහි 5.5" තිරයක් සමඟ 16MP හෝ 20MP කැමරාවක්ද සමන්විත බව පවසා තිබේ. කටකතා අනුව දැනට ඇති මතය වන්නේ 2015 මාර්තු 2-5 දක්වා Barcelonaවේ පවත්වන ජංගම දුරකථන ලෝක සමුලුවේ වෙළඳ ප්‍රදර්ශණයේදී (Mobile World Congress) නිකුත් කෙරෙන බවයි.



මෙසේ පිටට ලැබී ඇති ඡායාරූප අනුව පෙනී යන්නේ S6 ජංගම දුරකථනය iPhone 6 දුරකථනයට හුරු සිහින් හා තරමක් වටකුරු ස්වභාවයක්ද සමඟින් එන බවයි. මෙහි පරමාදර්ශී ලක්ශණයක් වන්නේ වම් හා දුකුණු කෙළවර සිහින් වූ තිරයක් තිබීම හා ඉදිරිපස කැමරාව හා ජංගම දුරකථනයේ ඉහළ කේන්ද්‍රයට ඇති දුරයි. වෙනත් වෙබ් අඩවියකින් හෙළිවූ තොරතුරු අනුව මෙහි Codename එක SM-G925F වන අතර Quad HD (2560×1440) display එකක්, octa-core Processor එකක්, 16MP පසුපස කැමරාවක් හා Mali-T768 graphics processing unit එකකින්ද සමන්විත වන බවයි.



Samsung සමාගම වසරකදී නිකුත් කරන ජංගම දුරකථන සංඛ්‍යාව අවම කරමින් ඒවා උසස් තත්වයේ ජංගම දුරකථන නිපදවීමටත් තීරණය කර ඇත. එමෙන්ම ඔවුන් දැනට කරන නිශ්පාදන ප්‍රමණය වැඩි කරමින් ජංගම දුරකථනවල මිල පහල දැමීමට උත්සාහ කරති. New York හී Robert Yi (Samsung සමාගමෙහි ආයෝජක සබඳතා ප්‍රධානී) විසින් පවත්වන ලද presentation එකක් අතරදුරදී මෙම උපාය හඳුන්වාදී තිබේ.



පහතින් තියෙන්නෙ Samsung Galaxy S6 ගැන කියැවෙන Video එකක්.

2 Responses to “Samsung Galaxy S6 රහස් හෙළිවේ - පින්තූර හා Video සමඟ”

Unknown said...
December 18, 2014 at 6:07 PM

මොකෙන්ද copy කලේ.......:d


Unknown said...
December 18, 2014 at 8:15 PM

English Magazines වලින් තොරතුරු ලබාගත්තෙ


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.