Showing posts with label Technology. Show all posts
Showing posts with label Technology. Show all posts

ලොව විශාලතම ඩීසල් එන්ජිම බලන්න යමු



ඩීසල් එන්ජින් කියන්නෙ අපේ ජීවිත වලට සමීප දෙයක් වුවත් ලොව විශාලතම හා ප්‍රබලම ඩීසල් එන්ජිම ගැනයි අද ලිපියෙන් කියන්නෙ.
එහෙනම් යාලුවනේ බලාගන්න Wärtsilä RT-flex96C නමින් හඳුන්වන එම එන්ජිම.
පිස්සු වගේ නේද, වාහනේක එන්ජිමක් නම් අපි තරම්වත් උස නෑ , ඒත් මේක. Wärtsilä නම් Finnish සමාගමකින් තමයි මේක හදලා තියෙන්නෙ. 80080KW පමණ බලයක් ලබාදෙන්න මේ එන්ජිමට පුලුවන්කමක් තියෙනවා.එමෙන්ම මෙය ටොන් 23,000ක බරකින් යුක්ත වේ. මෙය මන්දගාමී Two-Stroke Turbo එන්ජිමකි. මෙතරම් ශක්තිමත් Wärtsilä RT-flex96C එන්ජිම 2006 සැප්තම්බර් මස පටන් භාවිතයට ගන්න පටන් අරන් තියෙනවා.
මෙය සිලින්ඩර් 14 එන්ජිමක් වන අතර එක් චක්‍රයකට ඩීසල් අවුන්ස 6.5 පමණ වැය කරයි. සෑම සිලින්ඩරයක්ම 7500KW ශක්තියක් නිපදවයි. මෙහි සැලැස්ම  RTA96C එන්ජිමට සමාන වුවත් සාප්‍රදායික කැමිදණ්ඩ, ද්‍රව ඔදයනය සහ පොම්ප වෙනුවට, අලුත් තත්වයේ state-of-the-art rail තක්ශණයෙන් නිපදවා ඇත. එන්ජිමේ වේගය 22-102 rpm පමණ වේ.
170 g/kWh පරිභෝජනයක් ඇති මෙහි කාර්යක්ශමතාව අති බැලුවහොත් ඉතා ඉහල අගයක් ගන්නා අතර පරිසර හිතකාමී බවක්ද පෙනේ.මන්ද යත් එය අධික ලෙස GHG වායු විමෝචනයක් සිදු නොකරන බැවිනි.
නිසැකවම මෙම Wärtsilä RT-flex96C එන්ජිම වත්මන් ඉන්ජිනේරු තාක්ශණයේ විස්මය ද්න්වන නිර්මාණයකි.මෙම ඕනෑම ප්‍රමාණයක නැවක් බලගන්වන්න පුලුවන්කමක් තිබෙන ඕනෑම බල අවශ්‍යතාවකට ඔරොත්තු දෙන සිලින්ඩර 14කින් සමන්විත වේ. මේ අපූර්ව එන්ජිම අඩි 44ක උසින් හ අඩි 99ක දිගින් යුක්ත වේ.
චීනයේ සිට ඇමෙරිකාවට භාන්ඩ ප්‍රවාහණය කරන නෞකා සැබවින්ම දැවැන්ත වේ.ඉතින් එව්වා ගොඩක් විශාලයි, ඒ නිසා අපිට කතාකරන්න සිද්ද වෙනවා ටොන් 180,000ක් පමණ බර අඩි 1300ක්  හෝ ඊට වැඩි දිගකින් යුත් නැවි ගැන. සාමාන්‍ය Turbo එන්ජිමකට මේ දැවැන්තයින්ව හොල්ලන්නවත් බෑ.නමුත් අශ්වබල 109,000ක් සපයන Wärtsilä RT-flex96C එන්ජින් තමයි ඔය දැවැන්තයින්ව ඇදගෙන යන්නෙ. දැනට මෙවැනි දැවැන්ත එන්ජින් 25ක් පමණ ඇති අතර සාගර 86ක ගමන් ගනී.වැඩිදියුණු කළ ඉන්ධන පිරිමැසුම, වැඩි ආයුකාලය හා උසස් ක්‍රියාකාරීත්වය සමඟ Wärtsilä RT-flex96C එන්ජිමේ අනාගතය ගොඩනැගේ.

8:57 AM by Unknown · 0

අසල්වාසීන්ද පුදුමයට පත් කළ මොහුගේ ගරාජයේ තිබූ දෙය ඔබ පුදුම කරාවි


මොකක්ද මෙතරම් සැකසහිතව ඔහු ගරාජයේ සිදු කළේ?

12:24 AM by Unknown · 3

අත් ඔරලෝසුවට ලබා දෙන විධානයෙන් Auto Park වන BMW Car



BMW සමාගමේ අලුත්ම නිර්මාණය වන මේ ස්ව්‍යංක්‍රීය Park වීමේ පද්ධතිය සමඟ ඔවුන් හඳුන්වාදෙන විශේෂාංගය ගැනයි අද ලිපියෙන් කියන්නෙ. වාහන විශාල ප්‍රමාණයක් අතර දුක් විඳිමින් එය Park කළ අවස්ථාවත් නැවත් එය පිටතට ගත් අවස්ථාවත් මිනිස් අතින් සිදු කිරීමට තිත තබමින් මොවුන් හඳුන්වාදෙන්නේ ඔවුන් සුළු මොහොතකට පෙර ඉදිරිපත් කළ මේ වටිනා නිර්මාණයයි.
අත් ඔරලෝසුවට ලබා දෙන විධානය ලබා දිය යුත්තේ බොත්තමක් එබීමෙන් නම් නොවේ, ඔබේ කටහඬින්මයි.මෙයට සුදුසු වන Smart අත් ඔරලෝසු දැනට වෙළඳපොලේ ඇති අතර එමඟින් Knight Rider Car එකේ මෙන් BMW සමාගමත් ස්ව්‍යංක්‍රීයව කටහඬ අනුව පාලනය වන වාහනය තනා ඇත. 
ඉතින් ඔබ යම් ස්ථානයකට ගොස් එය Park කිරීමට යන වේලාවේදී ඔබ පැමිණි කටයුත්ත ඉටු කර ගැනීමට හැකි වන අතර ඔබට ඇත්තේ වාහනය නවතා එයට Park වන ලෙස පැවසීම පමණි. ඉතින් කාලෙත් ඉතුරුයි ඔබටත් පහසුයි. BMW සමාඟමේ Munich based i3 Car එකක් සමඟ එන මේ තාක්ශණය ඔවුන් හඳුන්වන්නේ Remote Valet Parking Assistant යනුවෙනි.
විශාල Car Park වලදිත් හොඳින් ක්‍රියාත්මක වීමට GPS තාක්ශණය වෙනුවට මෙය භාවිතා කරන්නේ Laser සංවේදක මඟින් සාදාගන්නා Car Park එකේ සිතියමකි. රියදුරුට වහනයෙන් බැස විධානය ලබාදීම පමණක් සිදු කළ යුතු වන අතර ඉතිරිය වාහනය විසින් සිදු කරයි.
තවද සොයාගැනීමට ඉඩ තිබෙන ස්ථාන සොයාගනීමට හැකි වන මේ තාක්ශණය මෙන්ම අංශක 360 ම ආවරණය කරන laser සංවේදක පද්ධතිය නිසා තමාවටා ඇති වාහන සමඟ ගැටීමක් සිදු නොවීමට වග බලාගැනීමේ වැඩසටහනක්ද එයට අනුබද්ධව ස්ව්‍යංක්‍රීය තිරිංග පද්ධතියක්ද මෙයට අන්තර්ගතකොට ඇත.
තවත් විශේශාංගයක් නම් මෙයට විශේශවූ Car Parks අවශ්‍ය නොවන අතර දැනට තිබෙන Car Parks සමඟ වුවත් හොඳින් ක්‍රියාත්මක වීමයි. කෙසේවෙතත් මෙය වෙළඳපොළට නිකුත් කරන්නේ කවදාදැයි නිවැරදි දිනයක් තවම BMW සමාගම විසින් දන්වා නැත.

6:48 AM by Unknown · 2

මේ ගුවන් යානයෙන් ලෝකෙ ඕනෙම තැනකට යන්න පැය 4යි


බ්‍රිතාන්‍ය ගුවන් අභ්‍යවකාශ සමාගමක් වන Reaction Engines Limited මේ දිනවල කාර්යබහුලව නිශ්පාදනය කරන්නේ එකවර මඟීන් 300ක් පමණ ලොව කුමන ස්ථානයකට හෝ පැය 4ක් වැනි කලයකින් ගෙනයාමට හැකි ගුවන් යානයක් නිපදවීමටය.මෙහි අන්තර්ගත එන්ජින්වලට අභ්‍යවකාශයේ වුවත් ගමන් කිරීමේ හැකියාවක් තිබේ.
දැනට ඇති නවීනතම තාක්ශණය වන Precooler (පෙර සිසිල් කිරීම) යොදාගත් ප්‍රතික්‍රියා එන්ජින් දෙකක් සහිතව එන මේ ගුවන් යානය තම Sabra එන්ජිමට එන වාතය තත්පර 0.01ක් වැනි කාලයකදී Celsius අංශක 1,000 ටත් වඩා අඩු කර එන්ජිම සිසිල් කරයි. මෙනිසා එම ගුවන්යානා එන්ජිම උසස් ක්‍රියාකාරීතවකින් සමන්විත වේ. මෙම Sabra එන්ජිම සමඟ පරීක්ශණ කටයුතු කරමින් සිටින් නිසා ඉහත සඳහන් ආකායෙන් කාර්යබහුල වී ඇත.
2019 මාර්තු 5 වනදා ප්‍රථම වතාවට ගුවන්ගත කිරීමට නියමිත මෙම ගුවන් යානය ශබ්දයේ වේගය මෙන් 5 ගුණයක් වේගයෙන් ගමන් කරයි.

Skylon ලෙසින් නම් කර ඇති මෙම ගුවන් යානය මීටර් 82ක දුරින් යුක්ත වන අතර රොකට්ටුවක් මෙන් ගමන් කිරීමට ගුවන් යානයට මෙය උචිත වේ. කෙසේවෙතත් මෙය ගුවන්ගතකිරීම හා ගොඩබෑම සාමාන්‍ය ගුවන්යානයක් මෙන් සුදුකරයි. මෙම ආකෘතියක මිළ ඩොලර් බිලියන 1.1 ක් ලෙස සඳහන් වේ.
මෙම ගුවන් යානය සමඟ අභ්‍යවකාශයටද ගමන් කිරීමට හැකි වන අතර මෙහි ජනෙල් වෙනුවට ඇත්තේ පරිගණක තිරය. මෙනිසා පිටස්තර කැමරාවලින් ලබාගන්නා දර්ශණ සමඟ සම්පූර්ණ අභ්‍යන්තර තිර ආවරණයක් දැකගත හැක.
එසේනම් නුදුරු අනාගතයේ ගුවන් යානයකින් අභ්‍යවකාශගතවීමත් පැය 4න් ලොවවටා යාමත් ජනතාවට දායාදවේවි.

9:01 PM by Unknown · 0

දත්ත සහ තොරතුරු සන්නිවේදනය



දත්ත සහ තොරතුරු සන්නිවේදනය කියන්නෙ 21වන සියවසේ ප්‍රබළ ලෙස ලෝකයාට බලපමක් ඇති කළ දෙයකි.මොකක්ද මේ දත්ත සහ 

තොරතුරු සන්නිවේදනය යනු?

දත්ත හෝ තොරතුරු එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සම්ප්‍රේශණය(Transmit) කිරීමයි.

දත්ත සහ තොරතුරු සන්නිවේදනයට අවශ්‍ය මුලිකාංග(Basic Components) මොනවාද?

  • දත්ත ප්‍රභවය/දත්ත යවන්නා (Source / Sender)
  • දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යය (Data Communication Medium)
  • දත්ත ග්‍රාහකයා/දත්ත ලබා ගන්නා (Receiver / Sink)

දත්ත ප්‍රභවය/දත්ත යවන්නා (Source / Sender)

මෙතනදි කතාකරන්නෙ සම්ප්‍රේශණය කළ යුතු දත්ත නිපදවන්නා හෝ එය නිපදවන ස්ථානයයි.
උදා :- ඔබ යමෙකුට දුරකථන ඇමතුමක් ගන්නේනම් එහි දත්ත යවන්නා ඔබය.

දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යය (Data Communication Medium)

දත්ත යවන්නාගේ සිට එය ලබාගන්නා තෙක් භාවිතා වන මාධ්‍ය දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යය වේ.
ඉහත උදාහරණයට අනුව එම දුරකථන මාර්ගය මෙයට අදාල වේ.

දත්ත ග්‍රාහකයා/දත්ත ලබා ගන්නා (Receiver / Sink)

එලෙසින් සම්ප්‍රේශ්ණය වූ දත්ත ලබාගන්නා දත්ත ග්‍රාහකයා වේ.
ඉහත උදාහරණයට අනුව එම දුරකථන ඇමතුම ලබාගන්නා පුද්ගලයා ග්‍රාහකයා වනු ඇත.

දත්ත සම්ප්‍රේෂණ මාධ්‍යයන් (Data Communication Medias)

දත්ත හුවමාරු කිරීමට අවශ්‍ය වන සම්ප්‍රේෂණ මාධ්‍යයන් ප්‍රධාන කොටස් දෙකකි.
  1. නියමු මාධ්‍ය (Guided Media) : දත්ත සම්ප්‍රේශණය සඳහා භාවිතා කරන්නේ භෞතික මාධ්‍යන්ය.
  1. නියමු නොවන මාධ්‍ය (Unguided Media) : මෙය විකිරණ මාධ්‍ය (Radiated Media) ලෙසද හඳුන්වන අතර, මෙහිදි භාවිතා වන්නේ භෞතික නොවන මාධ්‍යන්ය.
නියමු මාධ්‍ය (Guided Media) 

නියමු මාධ්‍ය ලෙස භාවිතා කරනුයේ වයරයන් ය. උදා :

  • Twisted Pair (සමාවෘත කම්බි යුගල)


මෙය බහුලව භාවිතා වන්නේ දුරකථන රැහැන් සඳහාය.

  • Co-Axial Cable (සමාක්ශ යොත්)


තඹ කම්බියක් සහිත වයරය සිහින් තඹ කම්බි දැලකින් ආවරණය කර මෙය සකසා ඇත. රූපවාහින් යන්ත්‍රවල ඇන්ටෙනා වයරය ලෙස භාවිතා වන්නේ මෙම වයරයයි.

  • Fiber Optics (ප්‍රකාශ තන්තු)
අද වන විට ජනප්‍රිය සන්නිවේදන මාධ්‍යක් වන ප්‍රකාශ තන්තු ඉතා වේගවත් ලෙස දත්ත සන්නිවේදනය කරනු ලබයි. මෙය අන් මාධ්‍යන්ට වඩා සාපේක්ශව මිළ අධිකය.

නියමු නොවන (රැහැන් රහිත) මාධ්‍ය

මෙහිදී කිසිඳු භෞතික මධ්‍යක් භාවිතා නොකරන අතර, විද්‍යුත්චුම්භක තරංග හරහා දත්ත සම්ප්‍රේශණය වේ. මේ ගැන වැඩිදුර විස්තර මෙම ලිපියෙන් ලබාගන්න. Remote Control වැඩ කරන්නේ කෙසේද.
  • ගුවන් විදුලි තරංග (Radio Waves)


එදිනෙදා ජීවිතයේ භාවිතා කරනු ලබන FM ගුවන් විදුලි ක්‍රියා කරන්නේද නියමු නොවන මාධ්‍යක් හරහා සම්ප්‍රේශණය වන ගුවන් විදුලි නාලිකා මඟිනි.
  • අධෝරක්ත කිරණ (Infrared Rays)

රැහැන් රහිත තාක්ශණයේ ඉතා සරළ අවස්ථාවක් වන මෙය පියවි ඇසට නොපෙනෙන ආලෝක කිරණ භාවිතා කරයි.මෙයට කදිම නිදසුන වන්නේ රූපවාහිනී යන්ත්‍ර සඳහා භාවිතා කරන Infrared Remote ය.
  • ක්ශුද්‍ර තරංග (Microwaves)

ඉතා වැඩි දුරකට දත්ත සම්ප්‍රේශණය කිරීමට ක්ශුද්‍ර තරංග භාවිතා වේ.

ඒ හැරුණුකොට Bluetooth , Wi-Fi, Wi-Max පෙන්වාදිය හැක.

5:10 AM by Unknown · 1

GPS තාක්ශණය ගැන දැනගමු



GPS නොහොත් Global Positioning System යනු චන්ද්‍රිකා(Satellite) පදනම් කරගත් Navigation System එකකි.Navigation System එකක් යනු තමා සිටින ස්ථානය සිතියමකින් බලාගැනීමේ ක්‍රමයකි.මෙය සිදු වන්නෙ ඇමෙරිකානු ආරක්ශක අමාත්‍යංශය විසින් ලොව වටා කක්ශගත කර ඇති චන්ද්‍රිකා 24ක් මඟිනි.මෙය ප්‍රථමයෙන් යුධාය කටයුතු වලට භාවිතා කර ඇති අතර පසුව, (1980) රජය විසින් සිවිල් ජනයා හට භාවිතා කිරීමට ඉඩ ලබා දී ඇත.කුමන කාළගුණ තතවයකදී වුවත් පැය 24ම ලොව ඕනෑම ස්ථානයක සාර්ථකව මෙම GPS තාක්ශණය ක්‍රියාත්මක වේ.වැදගත් කරුණක් නම්, මෙය සම්පූර්ණයෙන්ම නොමිළේ ලබා දෙන සේවාවකි.

මෙය ක්‍රියාත්මක වන්නේ කෙසේද?


සෑම GPS චන්ද්‍රිකාවක්ම පෘථිවිය වෙත දත්ත සම්ප්‍රේශණය කරමින් තම කක්ශය මත දිනකට දෙවතාවක් ගමන් කරයි.GPS හ්‍රාහකයින් (Receivers) විසින් මෙම දත්ත උපයෝගීකොටගෙන තමා සිටින ස්ථානය ගණනය කරනු ලබනවා.GPS Satellite එකේ සිට තමා වෙත එවන සංඥාව එයට ලබාගන්නා කාලය සංසන්දනය කරමින් මෙම ගණනය කිරීම සිදු වේ.එමඟින් තමා (Receiver) හා GPS Satellite එක කෙතරම් දුරකින් සිටින්නේද යන්න සොයාගනී.මෙලෙසින් එක් Receiver එකක් GPS Satellite කිහිපයක් භාවිතා කොට තමා සිටින ස්ථානය Receiver එකෙහි සිතියම මඟින් නිරූපණය කරයි.
Receiver එක මඟින් තමා සිටින ස්ථානය ද්විමාන(2D) ලෙස නොහොත් අක්ශාංශ හා දේශාංශ මඟින් නිරූපණය කිරීමට අවම වශයෙන් GPS Satellite 3ක්වත් අවශ්‍ය වේ.GPS Satellite 4ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් උපයෝගී කරගනිමින් තමා සිටින ස්ථානය 4D ලෙස නොහොත් අක්ශාංශ, දේශාංශ හා උත්තාංශ(latitude, longitude and altitude) වශයෙන් ලබාගත හැක.

 මෙලෙසින් Receiver සිටින ස්ථානය එක් ලබාගත් පසුව, GPS ඒකකය මඟින් එය ගමන් කරන වේගය, දිශාව, මාර්ගය, ගමන් කළ දුර, ගමනාරම්භයේ සිට ගමනන්තය දක්වා දුර, හිරු නැඟීම හා හිරු බැසීම සිදුවන කාලය වැනි දෑ දැනගත හැක.

GPS කෙතරම් නිවැරදිද?

අද භාවිතා වන GPS Receiver නිර්වද්‍යතාව අතින් ඉහළ වේ.මන්ද යත්, ඒවාගේ භාවිතා වන සමාන්තර බහු නාලිකා සැලැස්ම නිසාවෙනි (parallel multi-channel design).Garmin's 12 parallel channel receivers විසින් ඉතා කෙටි කාලයකදී Satellites විසින් සපයන දත්ත ලබාගැනීමටත්, ඒවා ක්‍රියාත්මක කළ විගස ප්‍රබල ලෙස එම සබඳතාවය පවත්වාගැනීමටත් හැකියාවක් පවතී.Garmin® GPS receivers හරහා 15m ට ආසාන්න වශයෙන් නිවැරදිව තමා සිටින ස්ථානය ගණනය කළ හැක.


WAAS - Wide Area Augmentation System (පුළුල් පරාසයක විහිදුනු පද්ධතියක්)  සමඟ එන Garmin GPS receivers තම නිර්වද්‍යතාවය 3m දක්වා අවම කිරීමට හැකියාවක් තිබේ.WAAS නිසා අමතර උපාංග භාවිතයක්ද සිදුවන්නේ නැත.Differential GPS (DGPS) හරහා එය තවත් නිර්වද්‍ය කරගත හැක (ඉහත පින්තූරය බලන්න).ඇමෙරිකානු වෙරළ ආරක්ශකයින් විසින් පවත්වාගෙන යන මෙම DGPS පද්ධතිය beacon transmitters භාවිතා කරන ස්ථාවර කුළුණු සමූහයක ජාලයකින් මෙම සේවාව ලබා දේ.මෙම සේවාව ලබාගැනීමට එකක් මෙන්ම differential beacon receiver හා beacon ඇන්ටනාවක් භාවිතා කළ යුතු වේ.

GPS චන්ද්‍රිකා පද්ධතිය (GPS Satellite System)

පෘථිවියට සැතපුම් 12,000 ක් ඉහලින් පිහිටා ඇති චන්ද්‍රිකා 24 ක් කක්ශගතකොට ඇත. මේවා නොකඩවා ගමන් කරන අතර පැය 24ට අඩු කාලය්කදී සෑම චන්ද්‍රිකාවක්ම වට දෙකක් තම කක්ශය හරහා ගමන් කරයි. මේවා පැයට සැතපුම් 7,000 ක වේගයෙන් ගමන් කරන අතර මෙම චන්ද්‍රිකා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වේ.සූර්යග්‍රහණයකදී වුවත් නොකඩවා බලය ලබාගැනීමට උපස්ථ බැටරි (Battery Backup) භාවිතා කරයි.සෑම චන්ද්‍රිකාවකම කුඩා Rocket boosters භාවිතා කරමින් ඒවායෙහි නිවැරදි ගමන් මාර්ගය පවත්වාගනී.


පහතින් දැක්වෙන්නේ GPS Satellite ගැන තවත් තොරතුරු කිහිපයකි

  • පළමු GPS Satellite එක කක්ශගත කරන ලද්දේ 1978දී ය.
  • මුල් වරට GPS Satellite 24ක මණ්ඩලය පිහිටවූයේ 1994දී ය.
  • සෑම චන්ද්‍රිකාවක්ම වසර 10ක් දක්වා ක්‍රියාත්මක වීමට් සෑහෙන අතර ඉන් මත්තට භාවිතා විය යුතු චන්ද්‍රිකා දැනට නිපදවමින් පවතී.
  • එක් චන්ද්‍රිකාවක් රාත්තල් 2000 ක් පමණ බරකින් යුක්ත වන අතර අඩි 17ක් වන හරස් සූර්ය පැනල අන්තර්ගත වේ.
  • ඒවායෙහි සම්ප්‍රේශකය (Transmitter) 50w හෝ ඊට අඩු බලයක් නිකුත් කරයි.
  • 1575.42 MHz UHF පරාසයකින් මෙම තරංග පිට කරති. අප භාවිතා කරන FM ගුවන්විදුලි වල නම් 88-108MHz පරාසයක් භාවිතා කරයි.
  • එලෙසින් තොරතුරු කාණ්ඩ 3ක් සම්ප්‍රේශණය වේ.ඒවා නම්, Pseudorandom කේත, Ephemeris දත්ත හා Almanac දත්ත ය.
  • Pseudorandom යනු එක් එක් චන්ද්‍රිකාව හඳුනාගැනීමට භාවිතා කරන කේතයයි.
  • Ephemeris දත්ත මඟින් චන්ද්‍රිකාව හොඳ තත්වයේ පසුවන්නේද යන බව පෙන්වා දේ.
  • Almanac දත්ත හරහා එම චන්ද්‍රිකාව දවසේ නියමිත් වේලාවෙදි කුමන ස්ථානයක සිටිය යුතුද යන බව හඳුනා ගනී.
එහෙනම් යලුවනේ කිව්වා වගේම GPS ගැන ලිපිය දුන්නා, ඔන්න ඔයාලට Comment එකක් දාලා යන්න තමයි වෙලාව.
Best thanks to www8.garmin.com

9:21 PM by Unknown · 2

35MB වලට Operating System එකක් මෙන්න


Floppy එකකින් දානවනම් 1.4MB Copy එකකුත් එක්ක එන මේ GUI OS එක PEN එකකින් උනත් Boot කරන්න පුලුවන්.

3:11 AM by Unknown · 2

Bluetooth වලට ඇයි Bluetooth කියන්නෙ?


උපාංග දෙකක් අතර දත්ත / තොරතුරු හුවමරුවක් කිරීමට පෙර ඒ දෙක අතර කිසියම් සම්බන්ධතාවක් ඇති කළ යුතුය. එය යම් මාධ්‍යක් පදනම්කොටගෙන ඇති විය යුතු අතර එම මාධ්‍ය රැහැන් රහිත හෝ රැහන් සහිත විය හැක. Bluetooth යනු රැහැන් රහිත මාධ්‍යකි.මෙය උපාංග දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර සම්බන්ධතා සිදු කරයි.
මෙහිදී රැහැන් නොමැති නිසා උපාංග අතර ගමන් කරන්නේ තරංග වර්ගයකි. මේවා ඇසට නොපෙනෙන අතර එම තරංග දතක හැඩය ගන්නවාද?
නැත! එහි නම හා එම තරංග අතර කිසිඳු සබඳකමක් නැත.Sony Ericsson සමාගම විසින් නිර්මාණය කරන ලද Bluetooth තාක්ශණය එය Bluetooth ලෙස නම් කර ඇත්තේ 10 වන ශතවර්ශයේදී Harald Blåtand නම් රජ කෙනෙකු Denmark සහ Norway එකමුතු කිරීමට එහි සිටි මිනිසුන් එකිනෙකා අතර ඇතිකරගත් සබඳතාව නිසාවෙනි.Blåtand යන්නෙහි තේරුම නම්, blue-tooth ය. පරිගණක තාක්ශණයේදී Bluetooth Protocol  විසින් සිදු කරන්නේද මෙවනි ආකාරයෙන් තමා වටා ඇති උපාංක එකමුතු කිරීමකි කාර්යකි.
Bluetooth සංකේතය තුළ Harald Blåtand ගේ නමෙහි මුලකුරු දෙක, H සහ B අඩංගු වේ. B අකුරෙන් පිටතට එන රේඛා දෙක H අකුරක් සංකේතවත් කරන අතර B අකුරෙත් Blåtand මෙන්ම Bluetooth යන අදහසත් ලබාදෙයි.

5:23 AM by Unknown · 0

Quadcopters ගැන දැනගමු


නියමුවන් රහිත අහස් යානා අද වන විට ලංකාවට අලුත් දෙයක් නොවන බව සැබෑවකි.එවැනි මාතෘකාවක් ලෙස Quadcopters ගත හැක. මෙහිදී වැදගත් වන්නේ Quadcopters සඳහා යොදාගෙන ඇති තාක්ශණයයි.

quadrotor helicopter, quadrotor යන නමින්ද මෙය හඳුන්වන අතර සාමාන්‍ය helicopter එකක මෙන් නොව මෙහි Rotors 4 ක් භාවිතා කරයි.
මේ තියෙන්නෙ Rotor එකක්
මෙහි Rotor දෙකක් දක්ශිණාවර්තව කරකැවෙන අතර. අනෙක් Rotor දෙක වාමාර්තව කරකැවේ. 

මෙම එක් එක් Rotor එකෙහි වේගය වෙනස් කිරීම මඟින් Quadcopter එක අවශ්‍ය ආකාරය පාලන කළ හැක.

 (RPM එක හා Torque එක) එනිසා මෙය ඉහලට පහලට හා වෙනත් දිශාවකට පාලනය කළ හැක.
මෙය Drone තාක්ශණය , (අප දන්නා ආකාරයට නියමුවන් රහිත යානා ) සඳහාද භාවිතා කෙරේ.
එමෙන්ම විවිධ සංවේදක / Camera වැනි උපකරණ අන්තර්ගතකොට තනා ඇති/Quadcopters ද ඇත.
තවද මේ ආකරයට තැනූ Quadcopter  එකක් මඟින් ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථාන පාදක කොට Ariel View නොහොත් කුරුල්ලෙකු දකින ආකාරයට අහසේ සිට රූගත කරන ලද Video එකක් පහතින් ඇත.

Quadcopters තාක්ශණය ඉතා සුන්දර බව පෙන්වන්න තවත් නිදසුන් කුමටද.
පහත් තිබෙන්නේ අඩි 1000ක් උසින් ගමන් කරන Quadcopter එකක සටහන් වූ දර්ශණයි.



http://www.shaafm.lk/remix/ එකේ DJ Sadeepa ගෙ Mix එකක් තියෙනවා අහපු නැති අය අහන්න ;) තවත් ලිපියකින් හමු වෙමු යාලුවනේ.

9:17 AM by Unknown · 10

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.