ශක්තියක් පදාර්ථයක් බවට පත් කිරීම


E=mc2 කියන සමීකරණය බොහෝ දෙනක් අහලා තියෙන එකක් වුවත් ඇත්තටම මේකෙන් කියන්නෙ මොකක්ද? අයින්ස්ටයින් මහතා හොයාගත්ත සමීකරණය නේද ඔය? ඔව් ඔව් ඒක තමා. හැබැයි මේකෙ ගැඹුරු අදහසක් තියෙනවා. මේ ගැන හොයන්න මම උනන්දු උනේ "Charlie and the Chocolate  Factory" කියන චිත්‍රපටයෙදි මේ ගැන කියපු නිසා. බලපු අයට මතක ඇති පදාර්ථයක් වශයෙන් තිබ්බ Chocolate එකක් ශක්තියක් බවට හරවා එය නැවතත් පදාරථය්ක් බවට හරවා මුල් අවස්ථාවට ගත්ත විදිය එතනදි අර පොඩි එකා කියනවා "ශක්තියක් පදාර්ථයක් බවට පත් කිරීම පරමාණු බෝම්බ 9ක් පිරිපුමට සමාන වෙනවා" කියලා එකක්. ඔව් ඒ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා කියලා කියන්න පුලුවන්. මොකද ඔය මුලින් කිව්ව සමීකරණයෙන් කියන්නෙ ශක්තියක් - පදාර්ථයක් අතර පරිවර්තනයක් සිදු වන්නේනම් එය සරල දෙයක් නොවන බවයි. කොහොමද එහෙම වෙන්නෙ?
හරි ඔතනදි 


E කියන්නෙ Energy (ශක්තිය)
m කියන්නෙ Mass (ස්කන්ධය)
c කියන්නෙ Speed of light (ආලෝකයේ වේගය)
c2 කියන්නෙ Square (එහි වර්ගය). 

:D කොහෙන් හරි මේ ලිපියටත් ආවා නේද ආලෝකයේ වේගය. මෙතනදි Mass  කිව්වෙ සාමාන්‍යෙන් අපිට අල්ලන්න පුලුවන් බරක් තියෙන යම් වස්තුවක්. උදා :- ගඩොල් කැටයක්.C කියන්නෙ ආලෝකයේ වේගය(299 792 458 m / s) ,නමුත් මෙතනදි එහි වර්ගය. එහකොට අර ගඩොල් කැටයෙ බර 1 KG කියලා හිතමු. ඒ ගඩොල් කැටය අපි සම්පූර්ණ වශයෙන් ශක්තියක් බවට පත් කරොත් කොච්චර ශක්තියක් ගන්න පුලුවන්ද කියලා බලමු.

E=mc2
m=1kg
c=299 792 458 m/s

E=1*(299792458*299792458) = 8.9875517873681760000000000000000 Joules

ඒක හිතාගන්නවත් බැරි තරම් විශාල පිළිතුරක්. දැන් මම කිව්වොත් ගඩොල් කැටයක් සම්පූර්ණ වශයෙන් ශක්තියක් බවට පත් කරා කියලා ඔයාලට පිලිගන්න සිද්ධ වෙනවා එය පරමාණු බෝම්බ 9ක නෑ ඊටත් වැඩි ගානක පිපිරීමකට සමාන වන වග.
හරි ඒකත් කමක් නෑ කියමුකො මේක අහද්දිනෙ එපා වෙන්නෙ. අපි හිතමු P(W) = E(J) / t(s) සමීකරණයට අනුව ඔය ශක්තියෙන් මම 28W බල්බයක් දල්වනවා කියලා, මට පුලුවන් ඒක වසර 3155700000000000 ක්ම දලවලා තියන්න ඔය ගඩොල් කැටෙන් ගත්ත ශක්තියෙන් :D .

විහිලු නෙවේ ඉතින් ඇල්බර්ට් අයින්ස්ටයින් මහතා ඉදිරිපත් කළ E=mc2 සමීකරණයෙන් තමා ගාන හැදුවෙ.

හ්ම් ඒකත් හරි දැන් කියන්න යන්නෙ හොඳම හරිය.ඔයා ලෝකෙ කොහෙ හරි ඉන්න කෙනෙක් එක්ක Internet එකෙන් Chat කරනවා. මෙතනදි ඔයාලා දෙන්න සන්නිවේදනය කරන්නෙ විද්‍යුතය පදනම් කරගත් ශක්තීන් මඟිනි. තවත් කියනවානම් ආලෝක ශක්තිය චුම්භක ශක්තියත් භාවිතා වෙනවා. තේරෙන්නෙ නැත්නම් අමතක කරන්න.
හරි කෙසේ හෝ මේ දේ වෙන්නෙ ශක්තියක් හුවමාරු වීම මඟිනි. ඉතින් අපිට මේ විදියට ලොව එක් තැනක සිට තවත් තැන්කට පදාර්ථයක් යවන්න පුලුවන් උනොත්?
ඔව් අර උඩ කිව්ව විදියට යම් පදාර්තයක් විද්‍යුතයක් (electrical Energy) බවට පත් කරලා තව තැනකට වයරයක් හෝ වයර් රහිතව යවනවා, ම්ම් ඉතින් අර යැව්ව එක නැවතත් පදාර්ථයක් බවට පත් කරන්වා, එතකොට එය මුලින් තිබුණ තත්වයට පත් වෙනවා. :o .එතකොට වැඩේ හරි.අර එක ලිපියකදි මම කිව්වෙ දැන් Video Call ගත්තට අනාගතේදි එකට හමු වෙලාම කතා කරන්න පුලුවන් වෙනවා කියලා. :3
හොඳම හරිය දැන් කියන්නම්කෝ ශක්තියක් කියන්නෙ වෙනස් නොවන වයසට නොයන දෙයක්, කලින් ලිපි වලදි මම කිව්වා ආලෝක ශක්තිය,ශබ්දය වගේ දේවල් තවමත් එලෙසින්ම පවතිනවා. ඉතින් ඔයාට පුලුවන්නම් අර සමීකරණයට අනුව සම්පූර්ණයෙන්ම ශක්තියක් බවට පත් වෙලා කැමති වසර ගානක් ඉන්න , අපි හිතමු වසර 100ක් . ඔහොම ඉඳලා නැවතත් හිටපු තත්වයට එන්න, ඔයා වයසට ගිහින් නැහැ ඇයි ඉතින් ශක්තියක් වෙලා ඉද්දි ඔයගෙ කිසිම වෙනස් වීමක් වුනේ නෑ.
පරමාණු බෝම්බයකදී වුවත් ශක්තියක් පදාර්ථයක් බවට පත් වීමේදී නිකුත් වන ශක්තිය සිතාගන්න්ට බැරිය. මතකනෙ ජපානයට එල්ල කළ පරමාණු ප්‍රහරය කෙතරම් විනාශකාරීවූවාද කියලා.මිනිසා හුදෙක් විනාශයට ලඟා වනවා පමණි.
E=mc^2 (Energy mass Equation by Sir. Albert Einstein) සමීකරණයට අනුව කිසියම් පුද්ගලයෙකු ආලෝකයේ වේගයෙන් ගමන් කිරීමට පටන් ගත් අවස්ථාවේ ඔහුට තිබුනේ වයස අවු. 24ක පෙනුමකි, ඔහු මෙසේ වසර 50ක් ගමන් කළා යැයි සිතමු. ඔහු ගමන් අවසන් කර නැවතුන විට නැවත් ඔහුට තිබෙන්නේ වසර 75ක පෙනුමක් නොවේ, වසර 25ක පෙනුමක්ය.
හේතුව, මොහු ආලෝකයේ වේගය (Speed of Light) ගන්නේ නම් ඔහුගේ (බර) පදාර්තය  (mass) සම්පූර්ණයෙන්ම ශක්තියක් බවට පත් විය යුතුයි, මොකද බරක් තියෙනවානම් ආලෝකයේ වේගය ගන්න බැහැ. එයා ගමන නවත්වනකන් අර ශරීරය තියෙන්නෙ ශක්තියක් විදියට නිසා ඒක වයසට යනෙන් නැහැ, අහලා තියෙනවාද විදුලිය වයසට යනවා කියලා? බැටරියෙ විදුලිය ක්ශය වන්නේ එම ශකිතිය ටහ්වත් ශක්තීන්ට පරිපර්තනය වන නිසාය.පරිපර්තනය වූ ශක්තීන්ද වෙනත් ශක්තීන් බවට පරිවර්තනය වෙමින් දිගටම පවතී (Law of conservation of Energy)
බැටරිය පස්සෙ කතාකරමු, එයා නැවතුනාට පස්සෙ සමීකරණයට අනුව ආපසු එයා පදාර්ථයක් බවට පත් වෙනවා. ආ දැන් ඉතින් මෙයා වයසට ගිහිල්ලා නැහැ බලද්දි.
අදට ඇති වගේ කස්ටිය අවුල ගහල නෑ කියල හිතවනවා.

9 Responses to “ශක්තියක් පදාර්ථයක් බවට පත් කිරීම”

Unknown said...
December 17, 2014 at 5:50 AM

fattama lipiyak....hugak kashtiyata wadagath wei.......good luck.....thawa me wage wadagath ewa watunanam hari....


Unknown said...
December 17, 2014 at 6:06 AM

niyamai. danata paramaaanu 1 thanaka idan thavath thaanakata yavanna paryeeshana karanava.
hoda lipiyak. oya sameekaranayema viloomayedi ee kiynne shakthiya padaarthaya bavata path kiriimedi scanda haaniyak venava. eeka ganath dan paryeeshana karanva. good post :)


Unknown said...
December 17, 2014 at 8:26 PM

බොහොම ස්තූතියි මචෝ comment එකට. වෙලාව ලැබුනාම ලියනවා :)


Unknown said...
December 17, 2014 at 8:28 PM

=)) එහෙම පරික්ශන කරනවානම් ඉතින් ළඟදිම ඔය කිව්ව වැඩ ටිකත් කරයි කස්ටිය. එල මචං 8-)


Unknown said...
December 17, 2014 at 8:30 PM

ඔව් බං ස්කන්ධ හානියක් වෙනවා,ඒකෙ අනිත් පැත්තත් ඒ වගේමයි,.ආලෝකයේ වේගය ගන්න උත්සහ කරද්දි ස්කන්ධයේ බර වැඩි වෙනවා එඑට්කොට අලෝකයේ වේගය ගන්නත් අපහසු වෙනවා, ඔතනදි පොඩ්ඩක් අවුල් වැඩේ


Unknown said...
February 19, 2015 at 11:21 PM

සුපිරි ලිපිය සහෝ..


Thamara Lakshan said...
July 19, 2015 at 10:59 PM

ගඩොල් කැටයක් ඔලුවට වැන්නහම ඔහොම ඒව වෙනව තමා! :o


Unknown said...
July 26, 2015 at 7:27 AM

හොඳට තියෙයි ;)


Unknown said...
July 26, 2015 at 7:27 AM

ස්තූතියි ඔබ සැමට


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.