මොකක්ද මේ Facebook Hacking කියන්නේ..



         2004 - 02 - 04 උපත ලද මෙම Facebook සමාජ ජාල වෙබ් අඩවියේ නිර්මාතෲ වනුයේ මාක් ශුකබර්ග් .හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ තම මිතුරන් සමඟ විනෝද වීමට මොහු විසින් මුලින්ම මෙය තනා ඇති අතර,පසුව එම විශ්වවිද්‍යාලයේ අති විශාල සිසුන් ප්‍රමාණයක් අතර මෙය කෙටි කලක් තුළම ජනප්‍රිය විය. සමඟම පිටත ලෝකයට විවෘත වූ ෆේස්බුක් සමාජ ජාලය,අපගේ මව්බිම වන ශ්‍රී ලංකාවටද ලැබුනේ එය අන්තර්ජාල පහසුකම ඇති ඕනෑම කෙනෙකුට පිවිසිය හැකි වූ වෙබ් අඩවියක් නිසාවෙන්ය.නමුත් මෙයද හොඳට මෙන්ම නරකටද පාවිච්ච් කරන උදවියකගෙ වැඩක් තිබේ.සරලවම කියනවනම් මෙම සමාජ ජාල වෙබ් අඩවියේ සිටින සාමාජිකයන්ගේ ගිණුම් හැක් කිරීම නොහොත් අනවසරයෙන් අනුන්ගේ ගිනුම් වලට පිවිසීමයි.
            ඉතින් මේ හැක් කරනව කියලා වෙන කෙනෙකුගේ ගිණුමක මුරපදය(Password) එක උස්සලා නොයෙක් වාසි ගන්න අය අපේ රටෙත් නැතුවා නොවේ,මොහොතක් හිතන්න ඔබගේ ෆේස්බුක් ගිණුමත් කිසිවෙකු හෝ හැක් කර එහි ඔබේ නමින් වැරදි යමක් දැමුවහොත් එයින් ඔබ කෙතරම් අපහසුතාවයට පත් වේද කියා.ඒ නිසා එවැනි දෙයක් තමන්ට නොවෙන්න වගබලාගැනීමට නම්,මේ හැකර්ස්ලාගෙ උපක්‍රම දැනගත යුතුයි.ෆේස්බුක් ගිණුමක් හැක් කරන්න බොහෝ විට භාවිතා කරන ක්‍රම කිහිපයක් පහත පරිදිය.
Ø  Keylogging
Ø  Phishing
Ø  Realtime hacking
ක්‍රම වලින් එයලා හැක් කරන්නේ මෙහෙමයි..
Keylogging
                මේක බොහෝ රහසිගතව පාස්වර්ඩ් පමණක් නොවේ ටයිප් කරන සෑම දෙයක්ම පාසා සොරකම් කරන ක්‍රමයක්.මෙහිදී වනුයේ හැකර් හැක් කරන්න බලාපොරොත්තුවන කෙනා ෆේස්බුක් ලොග් වන පරිගණකයේ “Keylogger” නම් ටූල් එකක් install කිරීමෙන්ය.මෙය ඔහුට කෙලින්ම කිරීමට නොහැකිනම් ඔහු හැක් කිරීමට බලාපොරොත්තුවන කෙනාගෙ පරිගණකයට මේ Keylogger රහසිගතව යවනු ඇත.උදාහරණයක් ලෙස,ඔහු මෙය  සොෆ්ට්වෙයා එකක් ලෙස හෝ වෙනත් ෆයිල් එකක වේශයෙන් අවශ්‍ය කෙනාට E-mail හෝ වෙනත් අයුරකින් ලබා දෙයි.පසුව එම හැකර් මොහුව රවටා මෙම ටූල් එක, මොහු නොදෙනුවත්වම install කරගනී.මෙම Keylogger එක තිබෙන පරිගණකයේ එය තිබෙන බවක් නොපෙන්වා ඒ පරිගණකයේ කරන කියන සියලුම වැඩ හැකර්ගෙ අතට යවනවාඑලෙසින් ඔය අතරතුර මොහුගේ Facebook Password එකද නොදැනුවත්වම හැකර්ගෙ අතට ගොස්  මොහුගේ ගිණුම හැක් වෙනවා.Internet café තුළ ඇති පරිගණක වලද මෙම Keyloggers තිබිය හැක.
Phishing
          මෙය Fishing වැනි වැඩකි,මන්ද හැකර් මෙහිදී කරනුයේ අවශ්‍ය කෙනාට ඇමක් දී එම Facebook Account එක හැකර් විසින් බිලී බා ගැනීමකි.හැකර් කරනුයේ ඔහු හැක් කිරීමට බලාපොරොත්තුවන කෙනාව රවටා ගැනීමයි.ඔහු ලින්ක් එකක් එවා හැක් කරන්න අවශ්‍ය කෙනා බලන්න කැමති ලෙසට.උදාහරණයක් ලෙස ඔහුට ලොකු මුදලක් එම ලින්ක් එකට ගියහොත් හිමි වන බව පැවසීමක් වැනි මුලාකිරීමක් ගත හැක.ඒ අයුරින් එම ලින්ක් එකට ගිය විට Facebook එකෙන් ඔහුට ලොග් වීමට පවසනවා එම ලින්ක් එකට යෑමට නම්.නමුත් එහි Facebook login page එක වගේ පෙන්වන්නේ හැකර් හදපු බොරු සයිට් එකය.ඉතීන් අපේ යාලුවෝ ඔවුන්ගෙ පාස්වර්ඩ් එක හැකර් දෙනවා නොදැනුවත්වම.
Realtime hacking

මෙය ඇත්තෙන්ම අඟේ ඉදන් කන කනවා වගේ වැඩක් ය. මන්ද,මෙහිදිත් කරනුයේ ලොකු රැවටීමකි.හැකර් කරනුයේ ෆේස්බුක්හී Fake (හොර) account එකක් සදාගෙන හැක් කරන්න අවශ්‍ය කෙනාට ලොකු මුලාකිරීමක් (බයිට් එකක්) කරනවා.සමහරවිට හැකර් ගැහැනු නමකින් පැමින, හැක් කරන කෙනා සමඟ හොදින් මිතුරු වී,සමහර විට පෙම්වතියක් ලෙසින් හෝ විශ්වාසය දිනාගත හැකි කුමන ක්‍රමයකින් හෝ මිතුරු වී හැක් කරන්න අවශ්‍ය කෙනාගෙන්ම Password එක ඉල්ල ගන්නවා.
ඉතින් ඔය විවිධ ක්‍රම මඟින් හැක් කරන අයගෙන් ප්‍රවේසම් වීමටනම් අපම මදක් වැඩිදුර සැලකිල්ලකින් යුතුව මෙම සමාජ ජාල වෙබ් අඩවි භාවිතා කළ යුතුයි.කවුරුන් දුන්නද, ලින්ක් එක විශ්වාස නැත්නම් නොයා සිටීම ආරක්ශා සහිතය.අන්තර්ජාලයෙන් භාගත කරන සැම දෙයක්ම open කරන්න පෙර සැලකිලිමත් වන්න.තවද අවම වශයෙන් මසකට දෙවතාවක්වත් ඔබේ මුරපදය (password) එක වෙනස් කරන්න.වෙනත් පරිගණක මඟින් Facebook ගිණුමට log වුවහොත් මතක ඇතුව log out වන්න.යාලුවන්වත් හැකර්ලගේ අතට අසු නොවෙන්න මේ ගැන ඔවුනටත් කියා දෙන්න.
Sadeepa Ravishan

10:45 PM by Unknown · 4

ෆේස්බුක් හොර Profile පහසුවෙන් සොයගන්න.....


මෙන්න මන් හුග කාලෙක ඉදන් ෆේස්බුක් එකේ කෙල්ලන්ගෙ හොර අල්ලන්න භාවිතා කරපු ක්‍රමයක්,
මේකයි සීන් එක ඔය කෙල්ලො එයාලගෙ කියලා පින්තූර දගෙන කොල්ලන්ව අමාරුවෙ දාන්න යන වෙලාවල් තියෙනවානේ,වැඩේ කියන්නෙ කොල්ලොත් කෙල්ලන්ගෙ පිංතූර දාගෙන කෙල්ලන්ගේ නමින් කරන කෙරුවාව හින්දා මේක ඔයාලටත් නොකියම බෑ කියලා හිතුන
ආයෙ වෙන කෙනෙක්ගෙ එකක් අරන් වලි දාගන්න ඕනි නෑනෙ ඔන්න මගෙ එකම ගත්තා...



  

වැඩේ හරි හියානම් කොමෙන්ට් එකක් දාලම යන්නකෝ,ඔන්න කෙල්ලන්ගෙ ෆොටෝ වලට මන්  මුකුත් කීව ඒම නෙවේ හොදේ,ෆොටෝ එකක් දාන්න,ඒත් ඔයාගෙ නෙවේනම් කියන්න මේ කොල්ලො රවට්ටන්නේ නැතුව.

9:24 AM by Unknown · 5

විදුලිය පිරිමසන LED යොදාගත් පහන් කූඩුව


 
  මෙතනදි මම Phone charger එකක් බල සැපයුම විදියට පාවිච්චි කරලා,පාට මාරුවන වර්ණවත් LED බල්බ් කිහිපයක් සමාන්තරගත විදියට අමුනල ගත්තා....



 සම්පූර්නම පේන්නැත්තේ කැමරාවෙන් නිසා....

6:51 AM by Unknown · 1

වස විස නැතිව මදුරු කරදරයෙන් මිදෙමු...


වස විස නැතිව මදුරු කරදරයෙන් මිදෙමු...
මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද්දක් නොවේ..
 

7:25 AM by Unknown · 0

නොමිලේ Facebook යමු :) Facebook For Free...


ආ යාලුවනේ මෙන්න ඔයාලට අලුත් ආරංචියක්, ඔයාලත් ෆේස්බුක් යනවා වෙන්න ඕනි සාමාන්යෙන්,ඒකට ඉතින් අන්තර්ජාල සේවාදායකයාට සල්ලි ගෙන්වන්න වෙනවානේ... මේක හොර විදියට නෙවේ හරි විදියට සල්ලි කපාගන්නැතුව ෆේස්බුක් යන්න ක්‍රමයක්..මහලොකු දෙයක් නෑ.. 0.facebook.com/ එකට යන්න..ඔයාලත් බලන්න ඒකට සල්ලි යනවද කියලා...

10:22 PM by Unknown · 5

පරන ෆෝන් එකෙන් දුරස්ථ පාලයක් හදමු.. හරිම සරලයි..




කොහොමද ඉතින් යාලුවනේ මේක ඔයාලටත් අත්හදාබලන්න පුලුවන් වැඩක්. වැඩකට ගන්නැති මොබයිල් ෆෝන් එකක් න වඩාත් හොදයි.

මේ වගේ එකක් උනත් කමක් නෑ Vibration තියෙන්නත් ඕනා..නැත්නම් වැඩේ අමාරු කරයි.
 
 මේ තියෙන්නෙ Vibration motor වගයක්.
එහෙනම් ෆෝන් එක ගලවලම වැඩේ පටන් ගමු.
 Remove vibra assembly with white rubber cover.

මුලින්ම Vibration motor එක ගලවන්න.
Use soldering iron to connect two wires to printed circuit board

දැන් ඒ මෝටර් එකේ වයර් circuit එකට සම්බන්ද වෙන තැන් වලට වයර් දෙකක් පාස්සන්න.
Drill small hole for wires to phone.

ඒ වයර් පිටට ගන්න සිදුරක් සාදාගන්න.
Put wires to hole and assemble phone.

දැන් ඒ වයර් පිටට අරන් ෆෝන් එකේ පියන වහන්න.
Make hollow to back cover for wires.

දැන් පොඩි වැඩක් තමා කරන්න තියෙන්නෙ.

ඔය කලු රතු වයර් තමා ෆෝන් එකෙන් පිටට ගත්තෙ ඒවගෙ + - මාරු උනාට අවුලක් නෑ.හැබැයි රිලේ එකේ (ඔය නිල් පාට ගැජට් එකේ.පහල තියෙන්නෙ රිලේ එකක කනෙක්ශන් තියෙන විදිය) 1 2 ට අමුනාගන්න. 3 4 තමා දැන් ස්විච් එකක් විදියට වැඩ කරන්නෙ.
 
දැන් මේ වයර් අමුන ගත්ත ෆෝන් එකට කෝල් එකක් අරන් බලන්න.
රිලේ එකෙන් ටික් ගාල සද්දයක් ඇහෙයි.
ඒ කියන්නෙ අර 3 4 කොල නිල් වයර් වල ස්විච් එක සම්භන්ද උනා.

මෙන්න මේ විදියට රිලේ එකට LED එකක් සම්භන්ද කරල බලන්න. දැන් කෝල් එකක් දීල බලන්නකො. LED එක on වෙයි. (මන් 1k resistor එකක් ගත්තෙ 9v battery එකක් ගත්ත නිසා). 2v විතර තිබුනොත් LED එකකට හොදා.

ඒත් ඔයාල මේකෙ හොදම හරියට ආවේ නහැනෙ.... අපිට දැන් ලෝකෙ කොහෙ හිටියත් මේ පොඩි circuit එක on කරන්න පුලුවන්. මේ බ්ලොග් එක හොදට කියෙව්ව අයටනම් පුලුවන්. ඒක නරක විදියට පාවිච්චි කරයි කියල හිතලා මන් මෙතන කියන්නෑ.

ඔයාල ගෙදර ලයිට් එකක් ON/OOF කරන්න.වාහනේ Ignition ස්විච් එකට සෙට් කරහෙන කෝල් එකකින් පනගන්වන්න වගේ වැඩ..

ඉතින් ඔයාලත් මේ වගෙ නව නිර්මාන හදල ලංකාවට වැඩදායි දෙයක් කරන්න. Sadeepa Music Zone බ්ලොග් එකේ මම සදීප.
වැඩේ කොහොමද කියල comment එකකුත් දාලම යන්න..ඔයාලට සුභ දවසක්.

7:28 PM by Unknown · 17

පලවෙනි සොෆ්ට්වෙයා එක..


start > Microsoft Visual Basic 2008 Express Edition වලට ගිහින් පටන් ගන්නකො..

ඔයාල නමක් දීලා ප්‍රොජෙක්ට් එක පටන් ගන්න.
ToolBox එකෙන් TextBox 3කුයි,Label 4කුයි Forum එකට දාල පිලිවෙලකට හදන්නකො මන් වගේ.අන්තිමට Button එකකුත් දාල ගන්න. පහලින් තියෙන්නෙ ටූල් එකකට නමක් දෙන විදිය..

ඊලගට ඔය Answer කියන Button එක ඩබල් කිලික් කරලා මේ කොඩෙ එක දෙන්න..
Dim num1, num2, Product As Single
        num1 = TextBox1.Text
        num2 = TextBox2.Text
        Product = num1 * num2
        TextBox3.Text = Product
ඊලගට ඔය Play හැඩේ Button එක ක්ලික් කරලා ප්‍රෝග්‍රෑම් එක ටෙස්ට් කරලා බලන්න...
හරි ඔය අපේ Multiply Project එක ඒති මේකෙ සුලු වෙනස්කමක් කරල බලන්න්න..Code එකේ..
Dim num1, num2, Product As Single
        num1 = TextBox1.Text
        num2 = TextBox2.Text
        Product = num1 + num2
        TextBox3.Text = Product
දැං ආයෙත් ටෙස්ට් කරලා බලන්න.. ඔයාල මේ වගේ වෙනස්කම් කරල අලුත් ක්‍රම හොයාගන්න. එහෙනම් පලවෙනි සොෆ්ට්වෙයා එක හදල ඉවරයි..ආයෙත් එන්නම්කො තවත් Project එකක් අරගෙන යාලුවනේ.ස්තූතියි කියෙව්වට...

4:31 AM by Unknown · 0

මොකෙන්ද? කොහොමද? මොකක්ද? Programming





මන් ඔයාලට සොෆ්ට්වෙයා ප්‍රෝග්‍රමින් ගැන තමා කියල දෙන්න ඉන්නේ.
මේක කරන්න පොඩි Coding වැඩක් කරන්නත් තියෙනව ඒ Code එකේ තියෙන උපදෙස් අනුව තමා මේ සොෆ්ට්වෙයා එක වැඩ කරන්නේ.මන් තෝරගන්නවා Microsoft Visual Basic 2008 Express Edition එක.

Microsoft Visual Basic 2008 Express Edition.






4:12 AM by Unknown · 0

පෙන් එකට පාස්වර්ඩ් එකක් දාමුද?..(වීඩියෝවත් සමග)


 
 කොහොමද යාලුවනේ මං සදීප අදත් මං ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන දෙයක් ගෙනාව ඒ කවුරු ගාවත් තියෙන පෙන් ඩ්‍රයිව් එකට පාස්වර්ඩ් එකක් දාල ඒකට ආරක්ශාවක් දෙන්නෙ කොහොමද කියලා.
මුලින්ම ඔයාල පෙන් එකක් ගන්න ඕනි.
ඔයා පෙන් එකෙන් ගෙනියන්නෙ හුගක් වටින දේවල් වෙන්න පුලුවන්..ඉතිං ඒකෙ ආරක්ශාවත් වැදගත් නේද..මොකා?? ඔයාල ඒක ගැන සැලකිලිමත් වෙන්නෙ නෑ.. :O..

විකාර කිව්ව ඇති මේක වොන්ඩෝව්ස් විස්ටා හා 7 සමග එක වාසිදායක ටූල් එකක්.. ඒ තමා "BitLocker" Drive Encryption වෙනුවෙන්ම ආපු එකක්..
බලන්න ඔයාල පෙන් එකට ආරක්ශාවක් දාල තියෙනකොට ඒක වෙන කෙනෙක්ගෙ අතට ගියොත් නැත්නම් නැති උනොත් ඒකෙ තියෙන දේවල් ගැන බයවෙන්න දෙයක් නෑ..

එහෙනම් වැඩේට බහිමු..
#මුලින්ම පෙන් එක කම්පියුටර් එකට ගහන්න..
ඒලගට Start -> Control Pane ->  Security -> BitLocker Drive Encryption
නැත්නම් කෙලින්ම search කරල යන්න..
 
 
 දැන් මෙතනින් ඔයාලගෙ පෙන් එක තෝරල දෙන්න..
එතනින් Turn on Bitlocker දෙන්න..(ටිකක් ඉවසන් ඉන්න..)
දැන් පහල වගේ වින්ඩෝ එකක් ඇවිල්ල පෙන් එකට දාන්න පාස්වර්ඩ් එකක් අහයි..පාස්වර්ඩ් එකක් දීල Next යන්න....
Recovery key එක කැමති තැනකට සේව් කරගන්න.. (මෙය පාස්වර්ඩ් අමතක වුවහොත් ප්‍රයෝජනවත් වේ...)
දන් පෙන් එක Encryption කරන්න පටන් ගන්න අහයි..
 
Start Encrypting දුන්නාම ටික වෙලාවකින් වැඩේ ඉවර කරයි..
 
වැඩේ ඉවරනම් මෙහෙම එයි..
 
 
හ්ම් දැ පෙන් එක ගලවල ගහන්න බලන්න.. වැඩේ හරිනම් පෙන් එක Open කරන්න පාස්වර්ඩ් එක ඉල්ලයි...
මෙන්න වීඩියෝ එක..


ඉතින් "BitLocker Drive encryption" එකට පිංසිද්ද වෙන්න ඔයාලගෙ පෙන් පරිස්සම් කරගන්න...
වැඩේ කියල දුන්නෙ http://www.itechmag.com . එහෙනම් comment එකකුත් දාලම යන්න...

7:56 AM by Unknown · 1

Facebook එකේ නිල් පාටින් chat කරමුද..



 යාලුවනේ ඔයාල ෆේස්බුක් එකේ නිල් පාටින් කොමෙන්ට් එහෙම දාල ඇති..නමුත් මේ ක්‍රමෙන් කොමෙන්ට් විතරක් නෙවේ චැට් කරද්දිත් නිල් පාට අකුරු ගන්න පුලුවන්.. බලන්නකො පහල තියෙන එක කොපි කරල චැට් එකේ දාල..

www.hi_machan_kohomada_itin_balhan_sadeepage_bolg_isavva_patta_aaaa.lk

දැක්කනේ..ඉතින් ඔයාලටත් කියන්න ඕනෙ දේ මුලට www.   කියල දාල අගට .lk හරි ඩොමෙන් එකක් ඉවර වෙන විදියට දාල....මෙහෙම කොමෙන්ට් කලත් එන්නෙ නිල් පාටින්ම තමා....

2:37 AM by Unknown · 1

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.