පරිගණක තාක්ශණයේ අනාගතය මගේ ඇසින් - අනාගතයට ගිය මම



ලස්සනයි නේද උඩ පින්තූරෙ තියෙන Computer එක :) ඒත් ඉතින් මේක තියන්න ටිකක් ලොකු කාමරයක් ඕනෙ.
ඔය තියෙනෙ දැනට ලොව වේගවත්ම පරිගණක ගණයට අයත්වන TITAN සුපිරි පරිගණකය මෙයට තට්පරයකදී ගණිතකර්ම ට්‍රිලියන 27,000ක් සිදුකළ හැක.සැබැවින්ම ප්‍රමණයට සාපේක්ශව සාමාන්‍ය Desktop පරිගණකයකට වඩා වේගවත්, ඔබ දන්නවාද Blue Gene සුපිරිපරිගණකයේ Processors 250,000 භාවිතාවන බව?
හරි වර්තමානය බැලුවා, ඒත් පොඩ්ඩක් අතී තයක් කතාකරමුද?
මේ මොකක්ද කියලා ගොඩක් අය දන්නවා, ඔව් ඔය තියෙන්නෙ ලොව පළමු පරපුරේ පරිගණකයක් වන Eniac පරිගණකයයි. ඇත්තටම ඒ කාලේ ගණිතමය කටයුතු වලට භාවිතාකරපු උපකරණත් එක්ක සසඳලා බලද්දි කාමරයක් පිරෙන්න තිබ්බ සුපිරි පරිගණකයක් වගේ තමා මේක, හැබැයි ඒ දවස්වල.(1946)
ඒ කොහොම උනත් අද අඩුම ගානට තියෙන Chinese phone එකෙන් කරගන්නවා ඔයිට වඩා ලොකු වැඩ ගොඩක්. මේ පරිගණකවල  Processor එකක් වෙනුවට තිබ්බෙ  Vacuum Tubes 250,000 ක එකතුවක්. ඒත් කවුරුහරි ඔය පරිගණකය හදපු දවසෙ කිව්වානම් 2014 වෙද්දි ඔය පරිගණකයෙන් කරගන්න වැඩ ටික කරගන්න උපකරණ අතේ තබාගන්න තරාට කුඩා වන අතර ඉතා අඩු මුදලකට ඒවා වෙළඳපොලට එන බවත්, කවුරු විශ්වාස කරයිද?
පොඩ්ඩක් බලන්න පලවෙනි පින්තූරෙත් තියෙන්නෙ පරිගණකයක් 2014 වෙද්දි ලොව සුපිරිම ගණයට අයත් , දෙවෙනි පින්තූරෙත් තියෙන්නෙ පරිගණකයක් 1946 වෙද්දි ලොව සුපිරිම ගණයට අයත් වෙලා තිබුණ.
ඉතින් මම කියන්න යන්නෙ වෙන මොකුත් නෙවේ අද 1GHz processors (මීට වඩා වැඩි වේගයන් ඇත) අතේ තියන Phone එකටත් ඇවිත් තියෙනවා ඒත් තව වසර 40ක්පමණ යන්නත් කලින්  Processors 250,000ක වේගයක් සහිත ජංගම දුරකථන සාමාන්‍ය ජතතාව අතරට එනු නොඅනුමානයි. 
හැබැයි ඒ කාලෙ වෙද්දි Phone කියලා දෙයක් නැති වෙයි ,
 මොකද අද භාවිතාවන "Desktop පරිගණකය , Smart phone එක වැනි උපකරණ කිහිපයක් වෙනුවට එක් උපකරණයක්" ජනතාව අතරට ඒමයි.
ඒ විතරද Storage Devices මේ සියල්ලටම පෙර භාවිතයෙන් හීන වෙනවා මන්ද Cloud Storage සැම දෙනා අතරටම යන නිසා, 5G තාක්ශණයත් නොබෝ දිනකඉන් පැමිණෙන නිසා Pen එකක් දීලා Data හුවමාරු නොකර Cloud ක්‍රමයට අනිත් අය එක්ක දත්ත හුවමාරු කරගන්න පහසු වෙනවා මන්ද යත් තත්පරයකට Tera bit ගණනක වේගයෙන් එම කටයුතු සිදු වන නිසා.එනිසා අතේ ගෙනයන Storage Devices කරදරයක් වන මට්ටමට පැමිනේ.

ඇතටම Storage ගැන කතාකරද්දි මට මතකයි මම පෙර පාසල් යන් වයසෙදි අපේ ගෙදරට ගෙනාපු Pentium 2 Computer එක, ඒකෙ Hard Disk එකේ මතක ධාරිතාව 8GB විතරයි තිබ්බෙ, ඒත් අද 8TB Hard එකක් කියන්නෙ සුළු දෙයකනෙ ඉතින් තව වසර 40 ක් යන්නට පෙර 8TB යනු අර මම කිව්ව ජංගම දුරකථන වෙනුවට එන උපකරණයේ තාවකලික මතකයක් වේ. (RAM සමහරවිට Cache එක :/ )



මීට වසර 40ට පමණ පෙර කිසිවෙකු හෝ කීවානම් අත්ලේ තබාගන්න උපකරණයක් හරහා එකම වෙලාවේදි ලොව දෙකෙළවර සිටින ද්දෙනෙකුට මුහුණට මුහුණ බලා කතාකරන්න පුලුවන් කියලා එය හුදෙක් විහිලුවක් වන්නට තිබුණා.


ඉතින් මෙතනදි කියන්න යන්නෙ, ඔව් වසර 40කින් නෑ 50කින් හ්ම් කීයකින් හරි ග්‍රහලෝක දෙකක සිටින පුද්ගලයින්ට අර මම කිව්ව උපකරණය හරහා එක් ක්ශණයකින් එම ග්‍රහලෝක දෙක හරහා ගමන් කරන්න හැකියාව ලැබෙනවා, ඒ කෙසේවෙතත් සඳහන් කළ යුතුයි Hologram / Virtual Reality වැනි දෑ තවත් දියණු වී සැබෑ ලෝකය ඒවාගෙන් පරාජය කරන බව. පේනවානෙ දැන් පරිගණක තාක්ශණයේන් ආපු සමජ ජාල ;) .එතෙක් පැවති සාම්ප්‍රදායික ක්‍රම වලට වඩා බලවත් වෙනවා.


මීට දින කිහිපයකට පෙර මා හට ආරංචි වූ දෙයක් නම්, කැලිෆෝනියාවේ විශ්වවිද්‍යාලයක් විසින් සිදුකළ පරීක්ශණයක් මගින් මිනිස් මොළයට දත්ත ඇතුලත් කළ Chip එකක් ආධාරයෙන් මොළයට උපදෙස් ලබා දීමට හැකි වූ බව. කෙසේ වෙතත් මේ ගැන සෙවීමට මා උනන්දු නොවූයෙමි.




එමෙන්ම කෲතිමව මිනිස් ජීවීන් බිහිකිරීමට , අවශ්‍ය තාක්ශණයක් වෙතොත් එමඟින් මා පිය දෙපළක් නොමැතිව කෘතිම දරුවන් නිපදවන ක්‍රමයක් බිහිවන අතර ඔවුන්ගෙන් යම් වැඩක් ගන්නට අවශ්‍යනම් එම උපදෙස් මාලාව කෘතීමව ඔවුන්ගේ මනසට ඇතුලත් කළ හැකි වනු නොඅනුමානය.













අපොයි මම පරිගණක තාක්ශණයන් පිට පනිනවා, නෑ කොහොම උනත් දැන් හැම ක්ශේත්‍රයක්ම පරිගණක තාක්ශණය විසින් අත්පත්කරගෙන තියෙන නිසා අනගතය ගැන කියන්න ඕනෙ නැහැනෙ.
අදට කෙටුවා ඇති වගේ මේ ලිපියට අලුතෙන් යමක් එක් කළොත් Updated කියල දාන්නම්.
 තරහවෙන්න එපා බං මම කාගෙවත් නම් ගම් මතක් තියාගන්න උනන්දුවක් නැති කෙනෙක් , ඉතින් වරක් අනාවැකි කියන පුද්ගලයෙකුගෙන් ඇහුවලු ඔබට 3න් වන ලෝක යුද්ධය ගැන මොකද කියන්න තියෙන්නෙ කියලා, ඔහුගේ පිළිතුර මෙසේය,
" මට 3න් වන ලෝක යුද්ධය ගැන නම් කියන්න හැකියාවක් නෑ , නමුත් මට විශ්වාසයි හතරවන ලෝක යුද්ධය වෙන්නෙ ආයුද වලින් නෙවේ පොලු මුගුරු වලින් " තේරෙනවානෙ කියපු දේ, මිනිසා හුදෙක් විනාශයට ලඟාවනවා යන වග අපකවුරුත් දන්නා කරුණකි.
මන් දන්නවා මොන දේ කිව්වත් විහිලුවකට ගන්න පිරිසකුත් ඉන්නවා කියලා, ඉතින් මම කියන්නෙ නෑ කාටවත් මෙව්වා විශ්වාස කරන්න කියලා :) .අන්තිමටම මම කියන්න කැමතියි මම කිව්ව දේවල් බොරු වෙන්නත් පුලුවන් , මොකද කිසිම විද්‍යාත්මක පසුබිමක්වත් නැතුව කිව්ව නිසා.අනාගතයට ගිය මම සදීප. ;)

8:19 AM by Unknown · 6

Call / Wifi / HiCloud එක්ක මෙන්න Mobile Partner අලුත්ම Version එක



බ්ලොග් එකට Software එකක් දාන්න කියල හිතුවා, Dongle එකෙන් Internet යන අයට භාවිතාකරන්න වෙන software එකක් තමයි මේ Mobile Partner කියන්නෙ. ඒත් මේකෙ පරණ Version වල Call ගන්න වගේ පහසුකම් තිබුනෙ නෑ, ඉතින් අද අරගෙන ආවෙ SMS / Call / Data .. මේ ඔක්කොම තියෙන අලුත්ම Mobile Partner එක.
තව මොන කතාද මෙන්න බාගන්න ලින්කුව.
Mobile-partner-23.009.09.02.910.zip
පහල තියෙන්නෙ මේ Version එකෙන් එන අලුත්ම Features.

  • Huawei HiCloud (Cloud+)

  • Improved Internet Data usage tracking

  • New Beautiful Theme

  •  Wifi Facility

  •  Auto APN

  • Supports Windows 8.1

  • USSD features

  • Voice Calling features

  • Phonebook

  • SMS

  • යාලුවන්ටත් දැනගන්න Share කරන්න පහත Share Buttons වලින්. 

    mobile-partner-3

    4:30 AM by Unknown · 4

    Facebook Friend List එක හංගමු


    මේකත් මගෙන් අහපු අය හිටපු නිසා බ්ලොග් එකේම දාන්න හිතුවා. අද කියන්න යන්නෙ ඔයාගෙ Facebook එකේ ඉන්න Friendsලව අනිත් අයට පේන්නෙ නැති විදියට හදාගන්න විදිය.
    මුලින්ම යන්න ඔයාගෙ profile එකට.
    දැන් යන්න Friends කියන එකට


    එතනින් යන්න Edit privacy වලට.


    දැන් පින්තූරෙ වගේ friendlist එක only me කියලා දීලා close ඔබන්න.

    8:31 AM by Unknown · 0

    කන පැලෙන්න Page එකට like ගන්න මෙන්න Script එක


    ඔන්න යාලුවනේ හැමදාමත් වගේ අදත් අරන් ආවා Facebook එකට Script එකක්.මේකෙන් ඔයාගෙ Page එක like කරන්න කියලා යාලුවන්ට invite autoම යනවා.පොඩ්ඩක් හිතලා බලන්න යාලුවො 400ක් ඉන්න account එකකින් කරොත් අනිවා ඔතනින් 250ක්වත් like කරනවා , 1000ක් ඉන්න එකක්නම් 700ක්වත් like කරනවා. තව මොන කතාද මෙතනින් ගන්න Script එක. http://www65.zippyshare.com/v/84230982/file.html
    • මේ link එකට ගිහින් Code එක අරන් Open කරලා Ctrl+A , Ctrl +C ඔබන්න.
    • දැන් ඔයාට like ගන්න ඕනෙ page එකට යන්න.
    • Chrome පාවිච්චි කරන අය Ctrl + Shit +J ඔබලා Ctrl + V ඔබා Enter කරන්න.
    • Firefox පාවිච්චි කරන අය Ctrl + Shit + Kඔබලා Ctrl + V ඔබා Enter කරන්න.
    මෙමගින් ඔබේ Page එකට Invite යැවෙන අතර, පෙර ඔබ විසින් Invite කර ඇති අයට හා එය Like කර අඑති අයට Invite යන්නේ නැත. මේ Script එක මම ලබාගත්ත Site එකෙන් හදලා තිබ්බෙ එයාලගෙ Page එකකටත් Invite යන්න, එනිසා ඒ වෙනුවට මගේ Page එක එකතු කර ඇත.කෙසේ වෙතත් පවසා ඇති ආකාරයට ඔබේ Page එකට Invite සාර්ථකව ලැබේ.

    8:45 AM by Unknown · 4

    ඔබ දුටු දෙයක් ඊට පෙරත් දැක තිබෙනවා යැයි සිතුනාද?


    මේක මමත් අත්දැකපු දෙයක්.සමහරවිට ඔබටත් වී තිබෙන්න පුලුවන්. ඔබ එක් වතාවක් පමණක් දුටු දෙයක් ඒ අයුරින්ම ඊට පෙරත් දැක තිබෙනවා යැයි සිතීම.ඉතින් මම හිතුවා මේකෙ විද්‍යාත්මක පසුබිම පැහැදිලි කරන්න. 

    බොහෝ දෙනෙක්ගෙ මතය වෙන්නෙ අපිට ඒ කලින් දැක්කා වගේ මතක් වෙන්නෙ පෙර භවයක දැකපු දෙයක් කියන එක. සැබැවින්ම එය එසේ නොවේ.මිනිසුන් වන අපට ඇස් 2ක් තිබෙනවා.Optic nerves (ස්නායු) හරහා මේ ඇස් දෙක මොළයට සම්බන්ධ වෙනවා.

    ඉතින් අපි දකින හැම දේම මොළයට ලැබෙන්නෙ මේ ස්නායු හරහා තමයි.ඉතින් මේ ස්නායු හරහා මොලය සන්නිවේදනය කරන විට ඇතිවන දෝශයක් නිසා තමයි ඉහත සිදුවීම වෙන්නෙ.

    සාමාන්‍යෙන් සිදුවන්නේ ඇස් දෙකෙන් දකින දෙය එකම වේලාවේදි මොළයට ගමන් කිරීමයි.නමුත්, යම් අවස්ථාවක එක් ඇසකින් දකින රූපය මොලයට යන්න කලින් අනිත් ඇසෙන් ඒ රූපය මොළයට ගියහොත් (ඉතා සුලු කාලයක ප්‍රමාදයක්) ඇස් දෙකෙන්ම එකවර මෙම රූපය දුටු බව මොළය තේරුම් ගන්නෙ නෑ. 

    ඉතින් අපිට තේරෙන්නෙ මේ දකින දෙයක් වෙලාවල් දෙකකදි දැකපු දෙයක් විදියට.ඉතින් මම කලි ලිපියක්දිත් කිව්වා වගේ අපි දකින් දෙය එකවරම විශ්වාස කරන එක හොඳ දෙයක් නෙවේ.

    10:05 PM by Unknown · 1

    ඔබ දන්නවාද අප පැවසූ දෑ තවමත් පවතින බව?



    අතීතයේ සිටි මිනිසුන් කතාබහකළ දේවල් පවා තවමත් විශ්වයේ පවතින බව දන්නවාද?
    මෙයත් කාළ තරණයේ ලිපියට සබැඳිකම් කියන්නකි, කියවද්දි තේරෙයි ඇයි කියලා.
    විද්‍යාවට අනුව අපි කවුරුත් දන්න දෙයක් තමා කිසියම් ශබ්ධයක් ඇති වුවහොත් එය යම් දිශාවකට ගමන් කරන අතර, එහි විස්තාරය (Amplitude) කෙමෙන් කෙමෙන් අඩු වෙමින් ආදෝලනය (pitch) සමානව පවතින නිසා, දුර සිටින කෙනෙකුට එය ඇසෙන්න යම් වෙලාවක් ගත වුවද අඩු හඬකින් හෝ එය පැවතිය හැකි බව අප කවුරුත් දනිමු.
    මේ ශබ්ධ තරංගය එතනින් නැවතෙයිද?
    නැත
    නැත, මන්ද ඉහත ආකාරයට එය දිගින් දිගටම විස්තාරය (Amplitude) අඩු වෙමින් ආදෝලනය (pitch) සමානව පවත්වාගෙන යන බැවිනි. කාලයත් සමග විස්තාරය විශාල ලෙස අඩු වුවත් එය සැබැවින්ම පවතී.

    පොඩ්ඩක් හිතන්න.. ඔබ තවකෙකුට පවසන දෙයක් නිසා දෙපාර්ශවයම සතුටින් හෝ දුකින් පිරෙන්නේද මෙනිසාය. තවද, විශාල පිරිසක් එක්ව ගාථා පාඨ කියවීමෙදීද ( කුමන ආගම හෝ වෙත්වා ) විශ්වයට යම් ශක්තියක් එක්වන බව විශ්වාස කරන අයද සිටී , සියලු සතන් හට යහපතක් වේ යැයි සිතන අයද සිටී . මෙය වැරදියි කිව නොහැක මන්ද විශ්වයට එකම ආදෝලනයකින් යුත් නමුත් විශාල විස්තාරයකින් යුත් ශබ්ද ශක්තියක් එක්වීමත්, එහි අන්තර්ගතවන යහපත් වදන් නිසා ලෝකයාට එය හොඳාකාරව බලපාන නිසාත්ය.

    ඒ විතරද? ශබ්දය හැරුණුකොට චේතනාව නමි දෙයක්ද ඇත ඉදිරියට ඒ ගැන කිය්න්න බලාපොරොත්තු වන්නෙමි. අපේ අයට බොරුවක් කිව්වත් කොමෙන්ටුවක් ගන්න තියෙන අමාරුව :p . ඇත්තටම මමත් කියන්නෙ 100%ක් ඇත්ත නොවෙන්න පුලුවන් නමුත් විද්‍යාත්මකව බැලුවොත් මෙහි සියල්ලම බොරුවක් නොවන බව කාටත් තේරෙන දෙයක්නෙ.කඩ්ඩෙන් කොටලා කස්ටිය බයවෙයි කියලා හිතුනා සිංහල වල අඩුපාඩු තිබ්බොත් අවුල් ගන්න එපා. ;)

    8:33 AM by Unknown · 4

    ලෝකය වෙනස් කළ මිනිසාගේ සොයාගැනීම් 5ක්






    - ගින්දර 

    මේ ගැන විශේශයෙන් කියන්න ඕනේ නෑනෙ
    - රෝදය 
    ගින්දර වගේම අදත් භාවිතාවන,මුල් යුගයේ ප්‍රවාහණය තකා නිර්මාණය කළ අදවන විට වාහනයේ සිට CD-Rom එක දක්වා තියෙන.
    - බුදු දහම
    හුදෙක් ආගමක් නොවන අතර පුද්ගලයාගේ පැහැදීම අනුව ඇදහිය හැකි, ආත්මයෙන් ගලවා ගැනීමට (ආගමකට) නොව අවිහිංසාවෙන් යහපත් පුරවැසියෙකු බිහිකිරීමේ ඉගැන්වීමකි,යම්තාක්දුරකට හෝ මෙය නැතිවුවහොත් හිංසා පීඩා කරන සමජයේ වර්ධනයක් ඇති වේ. 
    - ට්‍රාන්සිස්ටරය 
    මේක නැත්නම් ඇත්තටම තාක්ශණයේ දියුනුවක් නෑ කියලා තමා කියන්න වෙන්නෙ, මොකද අතේ බඳින ඔරලෝසුවේ සිට අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකාවා දක්වා සෑම ඉලෙක්ට්‍රොනික උපකරණයකම ඇති බැවිනි.
    IT කරන අයනම් දන්නවා මේ ට්‍රාන්සිස්ටරය කොහොමද අද smart phone වල / වාහන වල පවා භාවිතා වන microprocessor එකක් බවට පත් උනේ කියලා.
    - අංශුව 
    විද්‍යාවේදි කියන අංශුව ගැන මේ කියන්නෙ,මේකනම් තාම ලෝකය වෙනස් කරේ නෑ,මම එක වතාවක් පැහැදිලි කරා ආලෝකයට වඩා වේගයෙන් ගමන් කර අතීතයට ගමන් කරන විදිය, ඉතින් ඒකට අවශ්‍ය ආලෝකයේ වේගය ලබා දෙන්නෙ මෙමගින්ය.
    නමුත් අපි නොසිතුවාට ඉහතින් සඳහන් කළ සොයාගැනීම් මිනිසාගේ විනාශයටද යොදාගන්නා බව නොඅනුමාණය, එනිසා සොබාදහමින් මෙයට යෙදූ පිළියමක් බදූ බුදු දහමේ ඉගැන්වීම් රුකුලක් වන බව නොඅනුමාණය. කවුරුත් වැරදියට හිතන්න එපා මට හිතෙන දේ කිව්වෙ. බුදු දහම විශේශ කර දැක්වීමට උත්සාහාගැනීමක් නොවේ. ඔබේ අවබෝධය සඳහා පමණක් සඳහන් කළෙමි.

    6:29 AM by Unknown · 0

    ඔයාගෙ නමත් අඟහරු වෙත යවන්න




    ආ කස්ටිය කැමතිද අඟහරුට යන්න, හැබැයි ඒක කරන්න බැරි උනත් තමන්ගෙ නම අඟහරු වෙත යවන්න පුලුවන්. ;) 
    නාසා එකෙන් කරන ORION'S FLIGHT TEST එකේදි ඔයාගෙ නමත් අඟහරු වෙත අරන් යන්න එයාලා අවස්ථාවක් දීලා තියෙනවා. ඉතින් තව මොන කතාද මෙතනින් ගිහින් දැනම ඔයාගෙ විස්තර ටික දෙන්න එයාලට මෙතනින් Click here. පහල තියෙන්නෙ මම දාපු එක. :D 
    උබලත් බලන් ඉන්නැතුව යමන් අඟහරු වලට අපිට වද නොදී :p .යාලුවන්ටත් මේ ගැන කියන්න.
    ඔන්න ලංකාවෙන් 2415ක්ම ඉන්නවා.

    10:06 PM by Unknown · 1

    GMail එකට එන Mails MMS මගින් Phone එකට ගමු


    මේ වගේ tricks only by Sadeepa හොදේ.
    මේ ක්‍රමය වැඩකරන්නෙ මොබිටෙල් සිම් වලට විතරයි.

    • මුලින්ම G-mail වලට ලොග් වෙන්න
    • දැන් Settings වල Forwarding and POP/IMAP tab එකට යන්න.   ( https://mail.google.com/mail/u/0/#settings/fwdandpop )
    • දැන් Fowarding Addres එක විදියට ඔයාගේ Phone number එක දෙන්න. ( Ex:- +9471234567@mms.mobitel.lk )
    • Phone එකට ආපු Verification Code එක දෙන්න මෙතනට.
    • Enable POP for all mail (even mail that's already been downloaded) Select කරන්න.
    • දැන් Save Changes දෙන්න.


    10:47 AM by Unknown · 0

    සිංහල Photo Comment ඇති තරම් ගන්න



    එහෙනම් ඉතින් බුකියෙ වැඩර් වෙන්න කැමති අය නැතුව නෙවේනේ එයාලා ගැන හිතලා ගෙනාවා Photo Comment තොගයක්ම.
    මෙන්න බාගන්න.

    මේ එකක්වත් මගෙ නෙවේ ඒ නිසා ඒවාගෙ අයිතිය එම වෙබ් අඩවි හට හිමි වේ. යාලුවන්ට වටින නිසයි ගෙනාවෙ.

    10:30 AM by Unknown · 0

    දඩිබිඩි ගාලා File Copy කරන්න මෙන්න භාන්ඩේ




    අදත් එහෙනම් අරන් ආවා ඔයාගේ වටිනා කාලය ඉතුරු කරලා දෙන Software එකක්. ලොකු ලොකු File copy කරද්දි ගොඩක් වෙලා යන නිසා සිදුවන අපහසුතාවයට පිළියක් තමා මේ. එහෙනම් මෙන්න බාගන්න TeraCopy

    10:07 AM by Unknown · 0

    අඩු මුදලකින් 20 W Sub-Woofer Amp එකක් හදමු


    හ්ම් ඔන්න Electronic ලිපියක් අරන් ආවා එහෙනම්,,
    කලින් ලිපියකදි අරන් ආව Amplifier එකට වඩා අද අරන් ආපු එක වැඩි ප්‍රතිදාන බලයක් ලබා දෙනවා.
    මෙන්න Circuit Diagram එක.

    මෙය සාර්ථකව ක්‍රියාත්මක වීමට අවම වශයෙන් 12V 1.5A DC බල සැමයුමක් තිබිය යුතුය.
    මෙන්න ජව සැපයුම් පරිපථය.(power supply)
    මෙය පරිගණකයක Power Supply එකකින් වුවද බලගැන්විය හැක.
    දැන් තියෙන්නෙ අවශ්‍ය උපකරණ ටික අරගෙන හදන්න තමා. Resistor Color Code බලාගන්න Android app එකකුත් හොයාගත්තා.
    මෙන්න App එක, Click here
    මෙහි TDA 2005 IC එක රු. 100/- ක් පමණ වන අතර, ඉතිරි උපාංග (Resistor, Caps) සඳහා රු. 50/- ක් පමණ වේ.
    Dot board එක රු. 60/- යි.
    (power supply සඳහා යන වියදම හැර)
    Sub woofer Speaker රු. 350 / 650 / 1800 අතර මිල ගණන් යටතේ ඇත.
    රු. 7000ක් දීලා Subwoofer එකක් ගන්න අකමැති අයට මේ ක්‍රමය ගොඩක් හොඳයි.
    Subwoofer Amp එකක් තනාගැනීමට මෙය උචිතය.

    7:40 AM by Unknown · 8

    Windows 8.1 Theme එක Windows 7 වලට දාමු


    Windows 8.1 වල තියෙන Themes , Effects දාලා සුපිරි Desktop එකක් හදාගන්න කැමතිනම් මෙන්න අවස්ථාව.

    aero 8 8 1 theme for windows 7 by sagorpirbd d6qx1ke Windows 8.1 Theme for Win7

    මුලින Theme එක බාගන්නකෝ >> Download
    දැන් C:\Windows\Resources\Themes Folder එකට ඒ Theme එක Copy කරගන්න.spauxtp How to install third party themes in Win8/8.1/7
    Theme එක භාවිතා කරන්න කලින් Theme patcher එක Install කරගන්න >>
    Download Skin Pack Auto UXThemePatcher
    එහෙනම් දැන් copy කරගත්ත Theme එක Double Click කරන්න.
    වැඩේ ගොඩනෙ. එහෙනම් මම ගියා. :)

    9:12 PM by Unknown · 0

    Facebook Group සියල්ලටම එකවර Post දාන්න මෙන්න Script එක.




    Facebook Group සියල්ලටම එකවර Post දාන්න මෙන්න Script එක.

    http://www9.zippyshare.com/v/89051500/file.html
    මේක open කරලා Ctrl+A ඔබලා, Ctrl + C ඔබන්න.


    Chrome පාවිච්චි කරන අය Ctrl + Shit +J ඔබලා Ctrl + V ඔබා Enter කරන්න.

    Firefox පාවිච්චි කරන අය Ctrl + Shit + Kඔබලා Ctrl + V ඔබා Enter කරන්න.
    දැන් එන Window එකේ අවශ්‍ය post එක type කර Post button එක ඔබන්න.

    6:30 AM by Unknown · 4

    Windows හී නවතම සංස්කරණය Windows 10 Download කරගන්න



    ඔන්න යාලුවනේ අද අරන් ආවා අලුත්ම දෙයක්. ඊයෙ තමයි Microsoft සමාගම විසින්  Windows 10 නිකුත් කරලා තියෙන්නෙ. තව මොන කතාද මෙන්න Download Links 


    English 64-bit (x64)
     Download (3.81 GB)  
    EB75A3D3C0F621F175B75DC65DB036D0E00EAC43
    English 32-bit (x86)
     Download (2.93 GB) 

    Product Key : NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR

    sure නැති අය Microsoft නිල වෙබ් අඩවියෙන්ම බාගන්න මෙන්න ලින්ක් එක. > http://windows.microsoft.com/en-us

    මෙන්න  Windows 10 හී නවතම විශේෂාංග ගැන කියන Video එක >> Video
    කස්ටිය අවුල ගහලා නේද Windows 10 ආවා කිව්වම ඔන්න Dell එකෙනුත් දාලා තියෙන්නෙ මම  දාපු ලින්කුවම. :) 
    මතක ඇතුව යන link එකෙන් open වෙන page එකේ උඩ දකුණු කෙළවරේ skip ad ඔබන්න.


    Tech Preview_Start menu
    Start menu: The familiar Start menu is back, but it brings with it a new customizable space for your favorite apps and Live Tiles.
    App_Commands
    Everything runs in a window: Apps from the Windows Store now open in the same format that desktop apps do and can be resized and moved around, and have title bars at the top allowing for maximize, minimize, and close with a click.
    Tech Preview_Three program snap and suggestions
    Snap enhancements: You can now have four apps snapped on the same screen with a new quadrant layout. Windows will also show other apps and programs running for additional snapping and even make smart suggestions on filling available screen space with other open apps.
    Tech Preview_Task view
    New task view button: There’s a new task-view button on the taskbar for quick switching between open files and quick access to any desktops you create.
    Tech Preview_Virtual desktop
    Multiple desktops: Create desktops for different purposes and projects and switch between these desktops easily and pick up where you left off on each desktop.
    Find files faster: File Explorer now displays your recent files and frequently visited folders making for finding files you’ve worked on is easier.

    5:37 AM by Unknown · 3

    Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

    මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
    Follow sadeepamax
    ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

    මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
    Powered by Blogger.