ඔබ දුටු දෙයක් ඊට පෙරත් දැක තිබෙනවා යැයි සිතුනාද?


මේක මමත් අත්දැකපු දෙයක්.සමහරවිට ඔබටත් වී තිබෙන්න පුලුවන්. ඔබ එක් වතාවක් පමණක් දුටු දෙයක් ඒ අයුරින්ම ඊට පෙරත් දැක තිබෙනවා යැයි සිතීම.ඉතින් මම හිතුවා මේකෙ විද්‍යාත්මක පසුබිම පැහැදිලි කරන්න. 

බොහෝ දෙනෙක්ගෙ මතය වෙන්නෙ අපිට ඒ කලින් දැක්කා වගේ මතක් වෙන්නෙ පෙර භවයක දැකපු දෙයක් කියන එක. සැබැවින්ම එය එසේ නොවේ.මිනිසුන් වන අපට ඇස් 2ක් තිබෙනවා.Optic nerves (ස්නායු) හරහා මේ ඇස් දෙක මොළයට සම්බන්ධ වෙනවා.

ඉතින් අපි දකින හැම දේම මොළයට ලැබෙන්නෙ මේ ස්නායු හරහා තමයි.ඉතින් මේ ස්නායු හරහා මොලය සන්නිවේදනය කරන විට ඇතිවන දෝශයක් නිසා තමයි ඉහත සිදුවීම වෙන්නෙ.

සාමාන්‍යෙන් සිදුවන්නේ ඇස් දෙකෙන් දකින දෙය එකම වේලාවේදි මොළයට ගමන් කිරීමයි.නමුත්, යම් අවස්ථාවක එක් ඇසකින් දකින රූපය මොලයට යන්න කලින් අනිත් ඇසෙන් ඒ රූපය මොළයට ගියහොත් (ඉතා සුලු කාලයක ප්‍රමාදයක්) ඇස් දෙකෙන්ම එකවර මෙම රූපය දුටු බව මොළය තේරුම් ගන්නෙ නෑ. 

ඉතින් අපිට තේරෙන්නෙ මේ දකින දෙයක් වෙලාවල් දෙකකදි දැකපු දෙයක් විදියට.ඉතින් මම කලි ලිපියක්දිත් කිව්වා වගේ අපි දකින් දෙය එකවරම විශ්වාස කරන එක හොඳ දෙයක් නෙවේ.

1 Responses to “ඔබ දුටු දෙයක් ඊට පෙරත් දැක තිබෙනවා යැයි සිතුනාද?”

tharindu said...
October 18, 2014 at 11:09 PM

;-d


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.