ඉන්ජිනේරුවන් අතින් සිදුවූ මෙම අත්වැරදීම් අදහාගැනීමටද නොහැක


ඉන්ජිනේරුවන් ගැන කතාකරනවිට භෞතිකව විශාල නිර්මාණ කරන්නෙ සිවිල් ඉන්ජිනේරුවන්.ඉතින් එයාලගෙ මේ නිර්මාණ වසර ගණනාවක් මිනිස් ජීවිතත් සමඟ ගත වෙන්න තමයි හදන්නෙ. අතීතයේ පටන් මොවුන්ගේ දෑතින් නිමවූ විස්මිත ඉදිකිරීම් අදටත් දැකගත හැක. කෙසේවෙතත් පහත පින්තූර දකින විට ඔබ කැමති දෙයක් සිතාගන්න. :D

building-fails18building-fails19building-fails20building-fails21building-fails22building-fails23building-fails24building-fails25building-fails26building-fails27building-fails28engineering-building-fails 0engineering-building-fails 1engineering-building-fails 2engineering-building-fails 3engineering-building-fails 4engineering-building-fails 5engineering-building-fails 6engineering-building-fails 7
engineering-building-fails 8engineering-building-fails 9engineering-building-fails 10engineering-building-fails 11engineering-building-fails 12engineering-building-fails 90engineering-building-failsengineering-fails 01engineering-fails 02engineering-fails 02h
engineering-fails 09

6:35 AM by Unknown · 6

ලොව විශාලතම ඩීසල් එන්ජිම බලන්න යමු



ඩීසල් එන්ජින් කියන්නෙ අපේ ජීවිත වලට සමීප දෙයක් වුවත් ලොව විශාලතම හා ප්‍රබලම ඩීසල් එන්ජිම ගැනයි අද ලිපියෙන් කියන්නෙ.
එහෙනම් යාලුවනේ බලාගන්න Wärtsilä RT-flex96C නමින් හඳුන්වන එම එන්ජිම.
පිස්සු වගේ නේද, වාහනේක එන්ජිමක් නම් අපි තරම්වත් උස නෑ , ඒත් මේක. Wärtsilä නම් Finnish සමාගමකින් තමයි මේක හදලා තියෙන්නෙ. 80080KW පමණ බලයක් ලබාදෙන්න මේ එන්ජිමට පුලුවන්කමක් තියෙනවා.එමෙන්ම මෙය ටොන් 23,000ක බරකින් යුක්ත වේ. මෙය මන්දගාමී Two-Stroke Turbo එන්ජිමකි. මෙතරම් ශක්තිමත් Wärtsilä RT-flex96C එන්ජිම 2006 සැප්තම්බර් මස පටන් භාවිතයට ගන්න පටන් අරන් තියෙනවා.
මෙය සිලින්ඩර් 14 එන්ජිමක් වන අතර එක් චක්‍රයකට ඩීසල් අවුන්ස 6.5 පමණ වැය කරයි. සෑම සිලින්ඩරයක්ම 7500KW ශක්තියක් නිපදවයි. මෙහි සැලැස්ම  RTA96C එන්ජිමට සමාන වුවත් සාප්‍රදායික කැමිදණ්ඩ, ද්‍රව ඔදයනය සහ පොම්ප වෙනුවට, අලුත් තත්වයේ state-of-the-art rail තක්ශණයෙන් නිපදවා ඇත. එන්ජිමේ වේගය 22-102 rpm පමණ වේ.
170 g/kWh පරිභෝජනයක් ඇති මෙහි කාර්යක්ශමතාව අති බැලුවහොත් ඉතා ඉහල අගයක් ගන්නා අතර පරිසර හිතකාමී බවක්ද පෙනේ.මන්ද යත් එය අධික ලෙස GHG වායු විමෝචනයක් සිදු නොකරන බැවිනි.
නිසැකවම මෙම Wärtsilä RT-flex96C එන්ජිම වත්මන් ඉන්ජිනේරු තාක්ශණයේ විස්මය ද්න්වන නිර්මාණයකි.මෙම ඕනෑම ප්‍රමාණයක නැවක් බලගන්වන්න පුලුවන්කමක් තිබෙන ඕනෑම බල අවශ්‍යතාවකට ඔරොත්තු දෙන සිලින්ඩර 14කින් සමන්විත වේ. මේ අපූර්ව එන්ජිම අඩි 44ක උසින් හ අඩි 99ක දිගින් යුක්ත වේ.
චීනයේ සිට ඇමෙරිකාවට භාන්ඩ ප්‍රවාහණය කරන නෞකා සැබවින්ම දැවැන්ත වේ.ඉතින් එව්වා ගොඩක් විශාලයි, ඒ නිසා අපිට කතාකරන්න සිද්ද වෙනවා ටොන් 180,000ක් පමණ බර අඩි 1300ක්  හෝ ඊට වැඩි දිගකින් යුත් නැවි ගැන. සාමාන්‍ය Turbo එන්ජිමකට මේ දැවැන්තයින්ව හොල්ලන්නවත් බෑ.නමුත් අශ්වබල 109,000ක් සපයන Wärtsilä RT-flex96C එන්ජින් තමයි ඔය දැවැන්තයින්ව ඇදගෙන යන්නෙ. දැනට මෙවැනි දැවැන්ත එන්ජින් 25ක් පමණ ඇති අතර සාගර 86ක ගමන් ගනී.වැඩිදියුණු කළ ඉන්ධන පිරිමැසුම, වැඩි ආයුකාලය හා උසස් ක්‍රියාකාරීත්වය සමඟ Wärtsilä RT-flex96C එන්ජිමේ අනාගතය ගොඩනැගේ.

8:57 AM by Unknown · 0

Laser වලින් හොරු අල්ලමු


චිත්‍රපටවල එහෙම තියෙන Laser ආරක්ශක පද්ධති දැකලා තියෙනවානෙ හැමෝම, එහෙනම් ඉතින් තවත් නිර්මාණයක් කරන්න තමයි අවස්ථාව. යාලුවො ඉතින් කිව්වා වගේම Comments එහෙම දාලා තිබ්බා එහෙනම් කෙලින්ම යමු මාතෘකවට.
Laser එක්ක වැඩකරද්දි Laser කිරණ වලින් ඔබේ ඇස් ප්‍රවේශම් කරගන්න. අධික ලෙස Laser කිරණ සම මතට වැටීමත හානිදායකයි.
 බලන්නකො පහළ තියෙන උපකරණය, කලින් Laser නිර්මාණයෙදි අපි භාවිතා කළා Laser එකක් වගේම LDR එකක්.

 පහළ තියෙන්නෙ LDR එකක්. හැබැයි මේක පැන්සල් හිසක් තරම් පුංචි උපකරණයක්. Digital ඇසක් වගේ. මේකට ආලෝකය වැටුණම වෙන්නෙ LDR එකේ ප්‍රතිරෝධීතාව අඩු වෙන එක. ඉතින් ඒ සිද්ධාන්තය භාවිතා කරලා තමයි මේ ආරක්ශක පද්ධතිය හදන්නෙ.
අපි හදන පරිපථ වල Laser එකේ ආලෝකය හැම විටම මේ LDR එකට වැටෙන්න සලස්වනවා, ඒ ආලෝකය හරහා යම් බාදකයක් ගමන් කළොත් පරිපථය විසින් එය හඳුනාගන්නවා.
 ඉතින් අපිට ආරක්ශාකරන්න ඕනේ උපකරණය වටා තළ දර්පණ (කණ්නාඩි) වලින් මේ Laser ආලෝකය පරාවර්තනය කරගෙන වැඩේ කරගන්න පුලුවන්. බලන්න පහත පින්තූරය.

පහල තියෙන්නෙ සරළ නිර්මාණයක්.
දැක්කා නේද LDR එකට වැටෙන Laser ආලෝකයට බාදාවක් ආපු ගමන් LED එකක් දැල්වෙලා අපිට ඒ බව දැනුම්දෙනවා.අපිට මේකෙ 150 K ප්‍රතිරෝදකය ඉවත් කර ඒ වෙනුවට 100k VR එකක් (33k හෝ ඊට මද වශයෙන් අඩු ප්‍රතිරෝදකයක් සමඟ ශ්‍රේණිගතව එකතුකළහොත් Transistor එකට සිදුවන හානිය අවම කරගතහැක)  සම්බන්ධකොට මෙහි සංවේදීතාව සීරුමාරු කරගත හැක. BC 547 හොයාගන්න නැත්නම් 2N2222 / C828 / D400 වගේ එකක් භාවිතා කරන්න.
මේ තියෙන්නෙ Breadboard එකක ඉහත පරිපථය සාදා ඇති ආකාරයයි.
ඔයාලට මේකෙ LED එක වෙනුවට Relay එකක්, Music Circuit එකක් වගේ භාවිතා කරන්න් පුලුවන්. Relay එකක් භාවිතා කරලා ඒ හරහා වෙනත් විදුලි උපකරණයක් වුවත් ක්‍රියාත්මක කරවන්න පුළුවන්.

ඉහත පරිපථයෙ පොඩි අවුලක් තියෙනවා, මොකද ඒක වැඩ කරන්නෙ Laser ආලෝක ධාරාව හරහා බාදකයක් තිබ්බොත් විතරයි, ඉතින් නැවත ආලෝකය ගමන් කරනවිට පරිපථය මුල් තත්වයට පත් වෙනවා. අපිට හොරු අල්ලන පරිපථයක් නම් එය හරහා කිසිවෙකු ගමන් කළ විගස නොනැවතී ක්‍රියාත්මක වන පරිපථයක් අවශ්‍ය වෙනවා. ඉතින් පහතින් තියෙන්නෙ අපි කවුරුත් දන්න 555 chip එකෙන් හදපු Circuit එකක්.
යාලුවන්ගෙ ප්‍රතිචාර අනුව ඊළඟ LDR Circuit එකත් අරන් එනවා, රාත්‍රියට පමණක් ක්‍රියාත්මක වන පරිපථය.

7:45 AM by Unknown · 5

අසල්වාසීන්ද පුදුමයට පත් කළ මොහුගේ ගරාජයේ තිබූ දෙය ඔබ පුදුම කරාවි


මොකක්ද මෙතරම් සැකසහිතව ඔහු ගරාජයේ සිදු කළේ?

12:24 AM by Unknown · 3

ඔබ දැනගතයුතු Google Search Tricks 10ක්


අපේ එදිනෙදා වැඩකටයුතු බොහොමයකට මේ Google Search උදව් වෙන බව ඇත්ත. නමුත් ඒ වැඩ තවත් පහසු කරගන්න වැදගත් Google Search Tricks 10ක්ම අරන් ආවා අද ලිපියෙන්.

  • කිසියම් වෙබ් අඩවියකට අදාල තොරතුරු පමණක් සොයාගැනීම

මෙහිදී අවශ්‍ය කරුණ Site: වෙබ් අඩවිය සටහන් කොට සොයාගත හැක. උදා:- Tips And Tricks site:www.sadeepa01.blogspot.com

  • මගහැරුණු අකුරු සහ වචන සමඟ Search කිරීම
ඔබට මගහැරන කොටසට * භාවිතා කළ Search කළ හැක.
  • සමාන වෙබ් අඩවි සෙවීම

සමාන වෙබ් අඩවි සෙවීමට Related: වෙබ් අඩවිය සඳහන් කර Search කළ හැක.
උදා:- Related:www.sadeepa01.blogspot.com

  • අර්ථ දැක්වීම් සෙවීමට

මෙහිදී Define:අවශ්‍ය වචනය සඳහන් කර Search කිරීමෙන් අර්ථ දැක්වීම් ලබාගත හැක.
උදා:- Define:Democracy
  • ගණිතමය පරිවර්ථනයන් කිරීමට
10 Amazing and Useful Google Search Features 6
මෙයට in යනුවෙන් Type කර වම් පසින් අප ලබා දෙන මිනුම සහ ඒකකයත් දකුණුපසින් ලැබිය යුතු මිනුමේ ඒකකයත් ලබා දිය යුතුය.
  • සමීකරණ විසඳීමට
10 Amazing and Useful Google Search Features 5
ඉහත ආකාරයෙන් සමීකරණය Search bar එකේ Type කර එය විසඳාගත හැක. එමෙන්ම වෙනත් ගණිතමය කටයුත්තක් වුවද මෙසේ Type කර ලබාගත හැක.
  • ගුවන් ගමන්වල තොරතුරු
10 Amazing and Useful Google Search Features 4
මෙහිදී ගුවන් සමාගමේ නම හා ගුවන් යානයේ අංකය Type කිරීමෙන් ඒ ගැන විස්තර ලබාගත හැක.
  • චිත්‍රපට පෙන්වන වේලාවන් දැනගැනීමට
10 Amazing and Useful Google Search Features 3
මේ සඳහා Showtimes: චිත්‍රපටයේ නම සඳහන් කොට විස්තර ලබාගත හැක.
  • විවිධ රටවල් වල වේලාවන්
10 Amazing and Useful Google Search Features 2
මේ සඳහා time:රටේ නම සඳහන් කළ යුතුය.
  • Barrel Roll එකක් කිරීමට
10 Amazing and Useful Google Search Features
Search bar එකේ Do a Barrel Roll යනුවෙන් type කර enter කිරීමෙන් මෙය සිදු කළ හැක.

11:34 PM by Unknown · 1

අත් ඔරලෝසුවට ලබා දෙන විධානයෙන් Auto Park වන BMW Car



BMW සමාගමේ අලුත්ම නිර්මාණය වන මේ ස්ව්‍යංක්‍රීය Park වීමේ පද්ධතිය සමඟ ඔවුන් හඳුන්වාදෙන විශේෂාංගය ගැනයි අද ලිපියෙන් කියන්නෙ. වාහන විශාල ප්‍රමාණයක් අතර දුක් විඳිමින් එය Park කළ අවස්ථාවත් නැවත් එය පිටතට ගත් අවස්ථාවත් මිනිස් අතින් සිදු කිරීමට තිත තබමින් මොවුන් හඳුන්වාදෙන්නේ ඔවුන් සුළු මොහොතකට පෙර ඉදිරිපත් කළ මේ වටිනා නිර්මාණයයි.
අත් ඔරලෝසුවට ලබා දෙන විධානය ලබා දිය යුත්තේ බොත්තමක් එබීමෙන් නම් නොවේ, ඔබේ කටහඬින්මයි.මෙයට සුදුසු වන Smart අත් ඔරලෝසු දැනට වෙළඳපොලේ ඇති අතර එමඟින් Knight Rider Car එකේ මෙන් BMW සමාගමත් ස්ව්‍යංක්‍රීයව කටහඬ අනුව පාලනය වන වාහනය තනා ඇත. 
ඉතින් ඔබ යම් ස්ථානයකට ගොස් එය Park කිරීමට යන වේලාවේදී ඔබ පැමිණි කටයුත්ත ඉටු කර ගැනීමට හැකි වන අතර ඔබට ඇත්තේ වාහනය නවතා එයට Park වන ලෙස පැවසීම පමණි. ඉතින් කාලෙත් ඉතුරුයි ඔබටත් පහසුයි. BMW සමාඟමේ Munich based i3 Car එකක් සමඟ එන මේ තාක්ශණය ඔවුන් හඳුන්වන්නේ Remote Valet Parking Assistant යනුවෙනි.
විශාල Car Park වලදිත් හොඳින් ක්‍රියාත්මක වීමට GPS තාක්ශණය වෙනුවට මෙය භාවිතා කරන්නේ Laser සංවේදක මඟින් සාදාගන්නා Car Park එකේ සිතියමකි. රියදුරුට වහනයෙන් බැස විධානය ලබාදීම පමණක් සිදු කළ යුතු වන අතර ඉතිරිය වාහනය විසින් සිදු කරයි.
තවද සොයාගැනීමට ඉඩ තිබෙන ස්ථාන සොයාගනීමට හැකි වන මේ තාක්ශණය මෙන්ම අංශක 360 ම ආවරණය කරන laser සංවේදක පද්ධතිය නිසා තමාවටා ඇති වාහන සමඟ ගැටීමක් සිදු නොවීමට වග බලාගැනීමේ වැඩසටහනක්ද එයට අනුබද්ධව ස්ව්‍යංක්‍රීය තිරිංග පද්ධතියක්ද මෙයට අන්තර්ගතකොට ඇත.
තවත් විශේශාංගයක් නම් මෙයට විශේශවූ Car Parks අවශ්‍ය නොවන අතර දැනට තිබෙන Car Parks සමඟ වුවත් හොඳින් ක්‍රියාත්මක වීමයි. කෙසේවෙතත් මෙය වෙළඳපොළට නිකුත් කරන්නේ කවදාදැයි නිවැරදි දිනයක් තවම BMW සමාගම විසින් දන්වා නැත.

6:48 AM by Unknown · 2

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.