Laser වලින් හොරු අල්ලමු


චිත්‍රපටවල එහෙම තියෙන Laser ආරක්ශක පද්ධති දැකලා තියෙනවානෙ හැමෝම, එහෙනම් ඉතින් තවත් නිර්මාණයක් කරන්න තමයි අවස්ථාව. යාලුවො ඉතින් කිව්වා වගේම Comments එහෙම දාලා තිබ්බා එහෙනම් කෙලින්ම යමු මාතෘකවට.
Laser එක්ක වැඩකරද්දි Laser කිරණ වලින් ඔබේ ඇස් ප්‍රවේශම් කරගන්න. අධික ලෙස Laser කිරණ සම මතට වැටීමත හානිදායකයි.
 බලන්නකො පහළ තියෙන උපකරණය, කලින් Laser නිර්මාණයෙදි අපි භාවිතා කළා Laser එකක් වගේම LDR එකක්.

 පහළ තියෙන්නෙ LDR එකක්. හැබැයි මේක පැන්සල් හිසක් තරම් පුංචි උපකරණයක්. Digital ඇසක් වගේ. මේකට ආලෝකය වැටුණම වෙන්නෙ LDR එකේ ප්‍රතිරෝධීතාව අඩු වෙන එක. ඉතින් ඒ සිද්ධාන්තය භාවිතා කරලා තමයි මේ ආරක්ශක පද්ධතිය හදන්නෙ.
අපි හදන පරිපථ වල Laser එකේ ආලෝකය හැම විටම මේ LDR එකට වැටෙන්න සලස්වනවා, ඒ ආලෝකය හරහා යම් බාදකයක් ගමන් කළොත් පරිපථය විසින් එය හඳුනාගන්නවා.
 ඉතින් අපිට ආරක්ශාකරන්න ඕනේ උපකරණය වටා තළ දර්පණ (කණ්නාඩි) වලින් මේ Laser ආලෝකය පරාවර්තනය කරගෙන වැඩේ කරගන්න පුලුවන්. බලන්න පහත පින්තූරය.

පහල තියෙන්නෙ සරළ නිර්මාණයක්.
දැක්කා නේද LDR එකට වැටෙන Laser ආලෝකයට බාදාවක් ආපු ගමන් LED එකක් දැල්වෙලා අපිට ඒ බව දැනුම්දෙනවා.අපිට මේකෙ 150 K ප්‍රතිරෝදකය ඉවත් කර ඒ වෙනුවට 100k VR එකක් (33k හෝ ඊට මද වශයෙන් අඩු ප්‍රතිරෝදකයක් සමඟ ශ්‍රේණිගතව එකතුකළහොත් Transistor එකට සිදුවන හානිය අවම කරගතහැක)  සම්බන්ධකොට මෙහි සංවේදීතාව සීරුමාරු කරගත හැක. BC 547 හොයාගන්න නැත්නම් 2N2222 / C828 / D400 වගේ එකක් භාවිතා කරන්න.
මේ තියෙන්නෙ Breadboard එකක ඉහත පරිපථය සාදා ඇති ආකාරයයි.
ඔයාලට මේකෙ LED එක වෙනුවට Relay එකක්, Music Circuit එකක් වගේ භාවිතා කරන්න් පුලුවන්. Relay එකක් භාවිතා කරලා ඒ හරහා වෙනත් විදුලි උපකරණයක් වුවත් ක්‍රියාත්මක කරවන්න පුළුවන්.

ඉහත පරිපථයෙ පොඩි අවුලක් තියෙනවා, මොකද ඒක වැඩ කරන්නෙ Laser ආලෝක ධාරාව හරහා බාදකයක් තිබ්බොත් විතරයි, ඉතින් නැවත ආලෝකය ගමන් කරනවිට පරිපථය මුල් තත්වයට පත් වෙනවා. අපිට හොරු අල්ලන පරිපථයක් නම් එය හරහා කිසිවෙකු ගමන් කළ විගස නොනැවතී ක්‍රියාත්මක වන පරිපථයක් අවශ්‍ය වෙනවා. ඉතින් පහතින් තියෙන්නෙ අපි කවුරුත් දන්න 555 chip එකෙන් හදපු Circuit එකක්.
යාලුවන්ගෙ ප්‍රතිචාර අනුව ඊළඟ LDR Circuit එකත් අරන් එනවා, රාත්‍රියට පමණක් ක්‍රියාත්මක වන පරිපථය.

5 Responses to “Laser වලින් හොරු අල්ලමු”

Unknown said...
December 22, 2014 at 10:54 PM

ela nea machan..


Unknown said...
December 23, 2014 at 8:10 PM

ස්තූතියි comment එකට


Unknown said...
January 17, 2015 at 5:39 PM

supiri circuit 1 (y)


Unknown said...
November 9, 2015 at 6:45 AM

machan puluwan nam relay gana poddak pahadili karanna


Unknown said...
January 4, 2016 at 4:38 AM

relay gana meke tienawa
arduinotutes.blogspot.com
coment karapu aya thanks


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.