BMW කර්මාන්තශාලා බලන්න යමු - එයාලගෙ පුදුම වැඩ බලමු



වාහන නිර්මාණ ලෝකයේ පෙරලිකරුවෙක් වන BMW සමාගම බලන්න යන්නයි හදන්නෙ. ඉතින් ඔවුන්ගේ දක්ශ ඉන්ජිනේරු තාක්ශණයත් දැනගන්න බලන්න මේ ලිපිය. ජර් මනිය , නෙදර්ලන්තය, ඇමෙරිකාව, එක්සත් රාජධානිය යන් රටවල මෙම කර්මාන්තශාලා පිහිටා ඇත.
BMW Plant Leipzig – 2 Series Active Tourer එකලස් කිරීමෙන් අනතුරුව

BMW Plant Leipzig – Electric BMW i8 
එකලස් කිරීම

BMW Plant Spartanburg – ස්ව්‍යංක්‍රීය ක්‍රියාවලි

BMW Plant Spartanburg – පෑස්සුම් කටයුතු

BMW Plant Regensburg – කැතෝඩ පිරිසිදු කිරීම හා ආලේපන කටයුතු කිරීම.

BMW Plant in Regensburg – ආලේපන කටයුතු

BMW Plant Berlin – BMW C නිශ්පාදනය

BMW Plant Berlin – පරීක්ශන කටයුතු. (මෙහෙම තැනකදි තමයි ලීටරයට කෙතරම් දුරක් ධාවනය වනවාද යන තොරතුරු සොයාබලන්නේ)

BMW Plant Born – අලුත් MINI නිශ්පාදනය

BMW Plant Oxford –  MINI සඳහා ආලේපන විජලනය

BMW Plant Swindon – Line 15,Hoods තද කිරීම

BMW Plant Swindon – Press කිරීමට නියමිත වානේ coil 

BMW Plant Dingolfing – Electric Gearbox, BMW i3

BMW Plant Regensburg – ආලේපන කටයුතු, 1 Series Production

BMW Plant Oxford – MINI 5 දොරක් සමඟ වැඩ කරන අවස්ථාවක්

BMW Plant in Swindon – Hood Cell උප එකලස් කිරීම

BMW Plant Landshut – CFRP සඳහා නිමැවුම් මධ්‍යස්ථානය

6:53 AM by Unknown · 30

ජපානයෙන් එලිදක්වන සුබෝපබෝගී දුම්රිය


මෙහම සුබෝපබෝගී දුම්රියක යන්න අකමැති කෙනෙක් නැති තරම්, කතාව ඇත්තක්ද කියලා බලන්නකෝ ඉතින්, මෙය 2017දී දියත් කිරීමට නියමිත වන අතර Ken Okuyama නම් Ferrari නිර්මාණකරු විසින් JR නැගෙනහිර දුම්රිය ගමන් සමඟ එක් වී සිදු කරයි.
මෙහි කැපී පෙනන ලක්ශනයක් වන්නේ වීදුරු බිත්ති වලින් සමන්විත වීමයි. එමෙන්ම මෙහි ගමන් කළ හැක්කේද මගීන් 34කට පමණි. කෙසේවෙතත් ඔවුන් හට වෙන් වූ දුම්රිය මැදිරි 10ක් වන අතර දුම්රිය ගමන් අතරතුර දෙපස නැරඹීමට හැකි වන ලෙස ඒවා තනා ඇත. එමෙන්ම ඔවුන් හට සෝෆා වැනි ආසනද පිරිණැමේ.
මෙහි නිර්මාණකරුගේ අදහස වන්නේ මෙහි ගමන් කිරීම කාලය හා අවකාශ තුල සැරිසැරීමක් බවයි. මෙය නිර්මාණය කිරීමට යුරෝ මිලියන 3ක පමණ මුදලක් වැයවන බවද වාර්ථා වේ.

6:39 AM by Unknown · 1

ගුවන් සේවා ගැන ඔබ නොදත් රහස්



ගුවන් යානාවල සිදුවන මේ රහස් ඇහුවොත් ඔබ පුදුම වන බව නිසැකය.

6:22 AM by Unknown · 2

අනාගතේ දවසක ලංකාවෙ එක් ගමක


අනාගතේ දවසක ලංකාවෙ එක් ගමක
" මැශින් Format කරනවා, OS දානවා, Virus Guard දානවා..... "
පාරෙ යන මිනිසෙක් හමු වූ ඔහු
"මහත්තයා මැශිමට Cleanup එකක් දාමුද?"
ඒ අතරෙ ලොකු ලොරියක් එයි,
"පරණ පෝන්, කොම්පියුටර් වලට දෙනවා අලුත් ටැබ් , අයි පෑඩ්..."
බස් රථයක
" ඔබේ දුවට පුතාට නංගිට මල්ලිට ගහන්න මෙන්න පට්ට Games ටිකක්, මේ එකක් කඩේ රු.. 50යි ඒත් මං 5ක්ම දෙනවා 50ට, දැන්ම ගන්න "
"මෙන්න ලංකාවෙ Free Wi-fi Zone තියෙන මැප් එක, මෙකෙ තියෙනවා ලංකාවෙ සෑම වයිෆයි හොට්ස්පොට් එකක් ගැනම තොරතුරු, මේ රතු පාටින් තියෙන්නෙ my3 වයිෆයි හොට්ස්පොට්, එතකොට..."
පාරෙ හට් එකක් ගහගෙන,
"මහත්තයා මේ මොබිටෙල් එකෙන් නොමිළේ දෙන Android phone එක ගන්නවද?"
දේවාලයක
"අනේ මහත්ත්යෝ මේ පළතුරු වට්ටියත් දේවාලෙ වෝල් එකේ පෝස්ට් කරලා මගෙ පෝන් එකේ ලොක් එක ඇරලා දෙන්න.."
පත්තර දැන්වීමක්
"ඔබේ Facebook ගිණුමට Like ලැබෙන්නේ අඩුවෙන්ද? Requests එනවා අඩුද? නිතරම බ්ලොක් වෙනවාද?..කෙල්ලන් Request එවන්නේ නැද්ද? හොඳම වශී Script අපෙන්..."
:p වෙන්න බැරිකමක් නෑ..

6:53 AM by Unknown · 2

ගණිත විශයට පට්ට මීටර් එකක් වෙන්න මේ Tricks ටික මතක තියාගන්න


ගණිතයට දක්ශ අයත් දක්ශ වෙන්න බලාපොරොත්තු වෙන අයත් මේක බලන්න. වයස කුමක් වුවත් ඔබ නොදන්නා දේවල් මෙහි තිබිය හැක. හදිසියට දාන්න වුනේ වටින දෙයක් නිසා ඉතින්

6:45 AM by Unknown · 3

ඕනෑම දෙයක් ආලෝකය බවට පත් කරවන ආලෝක පත්‍ර


මෙන්න ගෙදර තියෙන විදුලි බුබුලු ටිකටත් නිවාඩු දෙන්න වෙන වැඩක්. ඔයාලා ආලෝකය ගන්නෙ මේ වගේ පත්‍ර වලින් නෙවේද? කමක් නෑ එහනම් කියවලා බලන්නකො මොකක්ද මේ කියන්නෙ කියලා. ඔබේ නිවසේ තිබෙන ඕනෑම දෙයක් ආලෝක සම්පතක් බවට පත් කරවන මේ පත්‍ර පර්යේශකයන් පිරිසක් විසින් ගත් උත්සාහයක ප්‍රතිඵලයකි.
තවත් විස්තර කලොත් මෙම පත්‍ර මුද්‍රනය කර තිබෙන්නේ කුඩා LED ඒ මත පිහිටන ලෙසයි.
පර්යේශකයන් පැවසූ ආකාරයට මෙම ආලෝක පත්‍ර බිත්තියක වුවත් ඇලවිය හැකි යමක් මත මුද්‍රනය කිරීමටද පුළුවනි. 
අවසානයේ ඔවුන් පවසා සිටියේ දැනට සිදුවන්නේ විදුලි බුබුලු පරිපථ මත පෑස්සීම වුවත් මින් මත්තට එය මුද්‍රනය කිරීම පමණක් සෑහෙන අතර තමාට රිසි සේ කැමති දෙයක් මත එක මුද්‍රනය කර ගත හැකි බවයි.
මෙහි නිර්මාණකරු වන Rohinni පැවසූයේ ලොව තුනීම ආලෝක බල්බය(පත්‍රය) මෙය වන බවයි.
මේවා Program කිරීමටත් අවශ්‍ය Diode එක Address කිරීමටත් පුලුවනි, ඒ කියන්නෙ මේක පත්‍රයක් මත පිහිටවූ Display එකක් සෑදීමටද සෑහෙන බවයි.

6:25 AM by Unknown · 0

නැවීම නිසා හානි වන වයර් වලට ආරක්ශාවක්


ගොඩක් වෙලාවට Charger එකේ Cable එක එහෙම නැවිල පොඩි වෙලා ඒකෙ රබර් එකත් ගැලවිලා කැඩුනු අවස්ථා යාලුවොත් අත්දැකලා ඇති. ඒත් මේ සරල වැඩෙන් ඔයාලට පුලුවන් ඒකෙන් බේරෙන්න.
කැමති අය ඔය විදියට නූල් ඔතලා වයර් එක පරෙස්සම් කරගන්න එහෙම බැරි නම් කුඩා Spring එකක් වයර් එකේ නැවෙන ස්ථානය වටා ඔතන්න.
පෑන් වල තියෙන එකක් වඩා සුදුසුයි.

6:06 AM by Unknown · 0

ලොව ප්‍රථම Hybrid ගුවන් යානය කේම්බ්‍රිජ් සරසවියෙන්


Hybrid Car ගැනනම් මටත් වඩා දන්න යාලුවො ඇති, ඒත් Hybrid Plane එකක් ගැන අහන පලවෙනි වතාව වෙන්න ඇති මේක. ඉතින් කේම්බ්‍රිජ් සරසවිය ලෝකෙ පලවෙනි දෙමුහුන් ගුවන් යානය හැදුවා. Boeing සමාගම සමඟ එක් වී තැනූ මෙම ගුවන් යානය ඉන්ධන මඟින් ක්‍රියාත්මක වන ඒවාට වඩා 30%ක් අඩුවෙන් ඉන්ධන භාවිතා කොට ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතියේ නායකත්වය දැරූ Dr. Paul Robertson මහතා ප්‍රකාශ කර සිටියේ වසර ගනනාවකට පෙර සිටම Hybrid Car භාවිතය තිබුනද මෙම ගුවන් යානය පසුපස තිබෙන්නෙ Hybrid හෝ විදුලියෙන් බලගැන්වුනු තාක්ශනයක් බවයි. මෑතක් වන තුරුම ගැටලුවක් වූයේ වැඩි ශක්ති ප්‍රමාණයක් ගබඩා කර ගැනීමට තිබූ බාදාවයි. කෙසේවෙතත් කාර්යක්ශමතාව වැඩි Lithium-Polymer බැටරි යොදාගනිමින් මෙම ගැටලුවට පිළියමක් සොයාගැනීමට හැකි වූ බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. මෙවැනි බැටරි ලැප්ටොප් පරිගණක වල මෙන්ම දැන් පටන් ගුවන් යානා වලද භාවිතා වේ.වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශකර සිටියේ දැනට කුඩා පරිමනයෙන් වුවත් අනාගත්යේ එය බහුල වන බවයි.
Honda 4 Stroke එන්ජිමක් සහිත මෙම ගුවන් යානය විදුලි මෝටරක් හා විදුලි ජනකයක් (Generator) සමඟ බැටරියට සම්බන්ද වී Hybrid තාක්ශණය සියතට ගනී. මේවා යුගලක් ලෙස එක් වී Propeller එක කරකවයි. ගුවන්ගත කිරීමේදි වැඩි බලයක් අවශ්‍ය වන බැවින් මෙම ක්‍රම ඉතා වාසිසහගත වේ.
තනි ආසනයක් පමණක් ඇති ගුවන් යානයේ එන්ජිමෙන් ලැබෙන අතිරික්ත බලය බැටරිය ආරෝපනය කර අවශ්‍ය වේලාවට බැටරියේ බලයෙන් විදුලි මෝටරය ක්‍රියා කරවයි. කේම්බ්‍රිජ් සරසවිය මෙහි පළමු ධාවනය සාර්ථකව ඉටු කළහ.

5:59 AM by Unknown · 0

Drones මඟින් තැපැල් කටයුතු කිරීම ප්‍රංශයෙන් ඇරඹේ


අපි නම් දන්නෙ ගෙදර එන ලියුම එන්නෙ පියුම් මාමගෙ අතේ කියලා, ඒත් මේ වැඩෙන් වෙන්නෙ එන ලියුම හෝ පාර්සලය ඩ්‍රෝන තාක්ශණයෙන් ගුවනේ සිට අදාල නිවස වෙත ගෙන ඒමයි. මේ වැඩේට මිලින්ම අතගැහුවෙ Amazon සමාගම වුවත් ප්‍රංශයේ La Poste නම් වේගවත් තැපැල් සේවාවක් විසින් මෙම GeoPost  සේවාව ආරම්භ කර ඇත.
ඒ වන විටත් ඔවුන් විසින් භාවිතා කරන ලද Atechsys නම් GeoDrone ව්‍යාපෘතියක් සමඟ මෙය දියුණු වී තිබේ. ඉතින් ඒ නිසා අඟල් 16 x 12 x 8 ප්‍රමාණයක පාර්සලයක් වුවත් රැගන් යා හැකි ඉලෙක්ට්‍රොණික ඩ්‍රෝනයක් තැනීමට මුලපුරා ඇත. එමෙන්ම මෙයට 4 kg බරක් වුවත් රැගෙන 20km පමණ පරාසයක ස්ව්‍යංක්‍රීයව ක්‍රියාත්මක විය හැක. ඉතින් මෙහි නිර්මාණකරුවන්ගේ බලාපොරොත්තුව කඳු සහිත ප්‍රදදේශ, දූපත්, හුදෙකලා වූ ගම්මාන ලඟා වී තම සේවය ඉටු කිරීමට හැකි වන ලෙස මෙය දියුණු කිරීමටයි. එමෙන්ම යම් හදිසි අවස්ථාවක් උදා වුවහොත් එයටද සරිලන පරිදි තම තැපැල් සේවය ඉක්මන් කිරීමට පිටුවහලක් ව්අන බවත් ඔවුන් සදහන් කර සිටියහ.
මෙය සැබෑ ලෝකයේදි භාවිතා විය යුතු ආකාරෙයෙන්ම අත්හදාබලා ඇති අතර ස්ව්‍යංක්‍රීයම ගුවන්ගත වීම හා භූමිය වෙත් නැවත පැමිණීමත් සාර්ථකව සිදු කර තිබෙනවා. එමෙන්ම දකුණු ප්‍රංශයේ CEEMA නම් ප්‍රදේශයක් වෙත 2kg පාර්සලයක් 1.2km තරම් වන දුරකට යැවීමටද ඔවුන් සමත් විය. ලංකාවටත් මේ වැඩේ ආවම වෙන්නෙ පියුම් මාමට ගෙදර යන්නද? සමහරවිට එයාට මේවා පාලනය ගැන කටයුතු කරනන් ලැබෙයි, ඒත් ඉතින් මෙය ස්ව‍යංක්‍රීය එකක් නිසා වෙන වැඩක් බාර දෙන්න වෙයි එයාට.

5:35 AM by Unknown · 3

ලොව ආරක්ශිතම ටැක්සි එක රුසියාවෙන්


ලංකාවෙ බහුලවම දකින්න ලැබෙන්නෙ 3-Wheel ටැක්සි වුනත් මෙහෙම එකක්නම් තාම දැකලා නැතුව ඇති කවුරුවත්. බයවෙන්න එපා යුද්ධ ටැංකියක්මත් නෙවෙයි මේක, ඒත්...
St. Petersburg ප්‍රදේශයේ සැරිසරන අයට වාසනාව ලැබිලා තියෙනවා ලොව ආරක්ශිතම ටැක්සියෙ හයර් එකක් යන්න.ඔයාලා ඒ පැත්තට ගිය වෙලාවක මේ වාහනේ තමන් ලඟට ආවොත් එහෙම බයවෙන්න එපා හොඳේ, BRDM-2 නමින් හඳුන්වන මෙම යුධ ප්‍රහාරක කුලී රථයට ගොඩ වෙලාම බලන්න. එවලෙම ටැක්සියෙ රියදුරු මහත්තයා අහයි කොහාටද මල්ලි යන්නෙ කියලා.මොකද ඉතින් මේකත් ඉතින් ටැක්සියක්නෙ.
මේ වාහනේ ප්‍රථමයෙන් ලෝකයට එන්නෙ සෝවියට් රුසියාවෙ යුධ කටයුතු වෙනුවෙන් තැනූවක් ලෙසයි. කෙසේහෝ එය දැන් නම් මගී ප්‍රවාහන ටැක්සියක් විදියට තමයි භාවිතා වෙන්නෙ. ඉතින් මේ වාහනේ යුධමය මතුපිට මෙන්ම turret අවියත් දැකගන්න පුළුවන්.
1963 - 1989 දක්වා වන කාල වකවානුවේදී නිපදවූ මෙහි විශේශ්ත්වය වන්නේ ඕනෑම භූමි මට්ටමකට ඔරොත්තු දෙමින් ගමන් කිරීමට ඇති හැකියාවයි.මෙය 14.5mm Vladimirov  Heavy machinegun එකකින්  හා a 7.62mm Kalashnikov’s tank machinegun එකකින් සමන්විත වේ. කොහොම කොහොමහරි ඉතින් මේක පාරට දාන්නත් අයිතිකාර මහත්මයාට බලදාරින්ගෙන් අවසර ගන්න එකත් බර වැඩක් වෙලා තියෙනවා. වාසනවට ඔහුට එම අවසරය ලැබී තිබෙනවා. නමුත්, මෙහි වේශාංතරණ පෙනුම වෙනස් කොට කුඩා පාරවල් වල ගමන් නොකර භාවිතා කිරීමට සිදු වී තිබෙනවා.
යුධ ටැකියක් ටැක්සියක් විදියට ගන්න ?
ඔව් හැබැයි දැනට තිබෙන ටැක්සි වලට වඩා වාසිසහගත දේවල් රැසක්ද සමඟින් තමයි එන්නෙ.St. Petersburg හී ‘white nights’ පවතවන අවස්ථාවලදී නෙවා ගඟ තරණය කොට තම රාජකාරිය කිරීමට මෙහි රියදුරු මහතා වගබලාගෙන ඇත.
පිටින් පෙනුම වෙනස් කරත් ඇතුල නම් තිබ්බා වගේම තියෙනවා. මේකෙ රවුමක් යන්න නම් 100$ පමණ ගෙවන්න වෙනවා. ගාන කීය වුනත් මේ වැඩේ නැගලම යනවා සංචාරකයින් හා විවාහ යුවල් වෙනුවෙන් ලබාදෙන හයර් වෙනුවෙන්. බලන්නකො Video එක මෙතනින්.

4:33 AM by Unknown · 1

වීනස් ග්‍රහලොව වෙත නාසා එකෙන් යවන HAVOC අහස් යානාව


යාලුවො දැනටත් දන්න දෙයක්නෙ අඟහරු වලටත් මිනිස් බැල්ම යොමු වෙලා තිබෙන බව.ඉතින් අඟහරුට CURIOSITY රෝවර් එකක් යැව්වා වගේම අපි වාසය කරන පෘථිවියෙ අසල්වාසියා වන වීනස් වලටත් භාන්ඩයක් යවන්නයි යන්නෙ, වෙන මොකක්වත් නෙවේ HAVOC කියන අහස් නැව. ඉතින් මේ සැලසුම වෙනුවෙන් නාසා ආයතනය කැපවෙලා තිබෙන බවයි වාර්ථා වෙන්නෙ.
නාසා හී Langley facility පර්යේශක කණ්ඩායම විසින් වීනස් ග්‍රහයා පිළිබධ පර්යේශණ කටයුතු කිරීමට ඉදිරිපත් කර ඇති එක් ආකාරයක් ලෙස High Altitude Venus Operational Concept (HAVOC) සිද්ධාන්තය ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ යානාව තනියම නම් නෙවේ යන්නෙ, මාසයක් වැනි කාලයක් පුරාවට අභ්‍යවකාශගාමින් දෙදෙනෙකු විසින් වීනස් ග්‍රහයා වටා බ්‍රමණය වෙමින් විශාල මෙහෙයුමකටයි යන්නෙ. කෙසේ වෙතත් මෙම ග්‍රහයා වටා ඇති උණුසුම් මතුපිටෙහි තිබෙන ඊයම් පවා දියකරවන වායුගෝලයේ තිබෙන සල්පර් අම්ලය නිසා මෙයට බාදා පැමිණියහැකි බව වාර්තා වේ. තවද මෙහි භූමියේ තිබෙන වායු පීඩනයත් දරාගත නොහැකි තරම් ය.
ඉතින් මේ HAVOC අහස් යානාව කොහොමද ඔය අභියෝගයට මුහුණ දෙන්නෙ?
වායුවෙන් පිරවූ මෙම වාහනය ඒ සියල්ලටම පිළිතුරු සපයයි. මන්ද යත් එය ගොඩබෑමට හා නැවතත් රැගෙන ඒමට යන වියදම හා තාක්ශණික ගැටලු නැති වීමයි. HAVOC සිද්ධාන්තයට පණ පොවන අභ්‍යවකාශගාමින් හට වායු පිරවූ පාවෙන අහස් යානාව තුළ ජීවය පවත්වාගත හැකි බවත් ඒ සමඟ පර්යේශණ කටයුතුද කළ හැකි බව වාර්තා වේ. එමෙන්ම මෙය හීලියම් වායුව පිරවූ දැවැන්ත බැලුමකි. ඉන්ජිනේරුවන් බලාපොරොත්තු වන ආකාරයට මෙය වීනස් වායුගෝලයේ 50km මතුපිටක පවත්වාගැනීමට හැකි වේ.
ඉතින් මේ වැඩේට එකතු වෙලා ඉන්න කණ්ඩායමේ අභිමතාර්ථය වෙන්නෙ වීනස් ග්‍රහයා වෙත මිනිසුන් යැවීමට පෙර එය සුදුදු ස්ථානයක්දැයි පරීක්ශා කිරීමයි.
ඉතින් යාලුවනේ ඉන්න තැන ඇරුණම තවත් ස්ථාන වෙනුවෙන් ඇස යොමු කරන නාසා ආයතන ගැන හිතන්නෙ මොනවද?

4:08 AM by Unknown · 0

ලොව විශාලතම Truck එක - හයර් එකකට ටොන් 450ක්ම අදිනවා


ඉතින් යාලුවනේ ඔයාලා දැනට දැකපු ලොකුම Truck එක මොකක්ද? මොකක්වුනත් කමක් නෑ, මේ කියන්නෙ ඉතින් ටොන් 450ක්, එහෙමත් නැත්නම් කිලෝ 450,000ක්ම එකවර අදින්න පුලුවන් Truck එකක් ගැන. පුදුමත් හිතෙනවා නේ?
අපිට මේ වාහනේ හම්බෙන්නෙ රුසියාවේ Kuzbaas වලින්. එම ප්‍රදේශයේ භූගත කැනීම් කටයුතු වලට සහය වෙන්න ඉන්න දැවැන්තයෙක් තමයි ඉතින් මේ. BelAZ 75710 යන නමින් හඳුන්වන මේ Truck එක මීටර් 20ක දිගින් හා මීටර් 10ක පලලින් යුක්ත වෙනවා, මෙහි හිස් බර පමණක් ටොන් 360ක් වෙනවා.ඒ වගේම පැයට කි.මී. 64ක වේගයක් හා මීටර් 20ක හැරවුමක්ද ලබාගන්න පුලුවන්.
එමෙන්ම මෙහි මීටර් 2ක උසක් ඇති ටයර් 8ක් තියෙනවා, අඩුමගානෙ ඔයාවත් ඒ ටයර් එකක් තරම් උසද?
ටොන් 450ක බරක් (Full load කරපු A380 Air bus එකක් තරම්) රැගෙන යාමේ බලයක් සහිත මෙහි 1700kW බලයක් නිකුත් කරන  Sports 2 වර්ගයේ සිලින්ඩර 16ක ඩීසල් එන්ජිමක්ද තියෙනවා.තවද 1200kW වන විදුලි මෝටර් හතරක්ද මෙහි අන්තර්ගතකොට ඇත. ගෙදර වතුර මෝටරය තරම් කී ගුණයක් බලවත්ද මේක?
වාහනේ ගොඩක් උසයි ,බරයි එත් ලංකාවෙ පාරවල්වලට නම් දාන්න බැරිවෙයි ඉතින්.
මේ මැමත් රථයෙ රියදුරු අසුනට හිමිකම් කියන්න ලැබිලා තියෙන්නෙත් පුද්ගලයන් දෙදෙනෙකුට පමණයි,ඔවුන්ගෙන් Andrej Vashkevich නම් පරීක්ශක රියදුරු මහතා පවසන්නේ මෙය පැදවීමට ලැබීම ආඩම්බරයට කරුණක් වන බවත් මෙය ධාවනය පහසු වූ බවත් එයට අනුගතවීමට සුළු කාලයක් ගත වූ බවත්ය. වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු පවසා සිටියේ කැණීම් කටයුතු සිදු කරන රළු/ලිස්සනසුළු පාරවල් සහිත බිමක වුවත් පහසුවෙන් මෙය ගෙන යාමට හැකිවීම භාග්‍යක් බවයි.
තවත් මෙවැනි ට්‍රක් රථ දෙකක් නිර්මාණය කරමින් පවතින අතර එකක මිළ සඳහන් වී තිබෙන්නේ ඩොලර් මිලියන 6ටත් වැඩි ලෙසයි.
අන්තර්ජාලය ඇසුරින් සොයාගත් තොරතුරු ඇසුරිණි. සිංහල බ්ලොග් එකක් කරා වුනත් සොයාගන්නා තතුවලට අදාල සමහර සිංහල වචන නොදන්නා නිසා ලිපි වල ගැටලු තිබිය හැක, එවන් යමක් වෙතොත් දැනුම් දෙන්න.ලියන්න නම් බොහෝ දේ ඇත හැකි අයුරින් එය ලියමි.

6:39 AM by Unknown · 1

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.