ලොව විශාලතම Truck එක - හයර් එකකට ටොන් 450ක්ම අදිනවා


ඉතින් යාලුවනේ ඔයාලා දැනට දැකපු ලොකුම Truck එක මොකක්ද? මොකක්වුනත් කමක් නෑ, මේ කියන්නෙ ඉතින් ටොන් 450ක්, එහෙමත් නැත්නම් කිලෝ 450,000ක්ම එකවර අදින්න පුලුවන් Truck එකක් ගැන. පුදුමත් හිතෙනවා නේ?
අපිට මේ වාහනේ හම්බෙන්නෙ රුසියාවේ Kuzbaas වලින්. එම ප්‍රදේශයේ භූගත කැනීම් කටයුතු වලට සහය වෙන්න ඉන්න දැවැන්තයෙක් තමයි ඉතින් මේ. BelAZ 75710 යන නමින් හඳුන්වන මේ Truck එක මීටර් 20ක දිගින් හා මීටර් 10ක පලලින් යුක්ත වෙනවා, මෙහි හිස් බර පමණක් ටොන් 360ක් වෙනවා.ඒ වගේම පැයට කි.මී. 64ක වේගයක් හා මීටර් 20ක හැරවුමක්ද ලබාගන්න පුලුවන්.
එමෙන්ම මෙහි මීටර් 2ක උසක් ඇති ටයර් 8ක් තියෙනවා, අඩුමගානෙ ඔයාවත් ඒ ටයර් එකක් තරම් උසද?
ටොන් 450ක බරක් (Full load කරපු A380 Air bus එකක් තරම්) රැගෙන යාමේ බලයක් සහිත මෙහි 1700kW බලයක් නිකුත් කරන  Sports 2 වර්ගයේ සිලින්ඩර 16ක ඩීසල් එන්ජිමක්ද තියෙනවා.තවද 1200kW වන විදුලි මෝටර් හතරක්ද මෙහි අන්තර්ගතකොට ඇත. ගෙදර වතුර මෝටරය තරම් කී ගුණයක් බලවත්ද මේක?
වාහනේ ගොඩක් උසයි ,බරයි එත් ලංකාවෙ පාරවල්වලට නම් දාන්න බැරිවෙයි ඉතින්.
මේ මැමත් රථයෙ රියදුරු අසුනට හිමිකම් කියන්න ලැබිලා තියෙන්නෙත් පුද්ගලයන් දෙදෙනෙකුට පමණයි,ඔවුන්ගෙන් Andrej Vashkevich නම් පරීක්ශක රියදුරු මහතා පවසන්නේ මෙය පැදවීමට ලැබීම ආඩම්බරයට කරුණක් වන බවත් මෙය ධාවනය පහසු වූ බවත් එයට අනුගතවීමට සුළු කාලයක් ගත වූ බවත්ය. වැඩිදුරටත් අදහස් දැක්වු ඔහු පවසා සිටියේ කැණීම් කටයුතු සිදු කරන රළු/ලිස්සනසුළු පාරවල් සහිත බිමක වුවත් පහසුවෙන් මෙය ගෙන යාමට හැකිවීම භාග්‍යක් බවයි.
තවත් මෙවැනි ට්‍රක් රථ දෙකක් නිර්මාණය කරමින් පවතින අතර එකක මිළ සඳහන් වී තිබෙන්නේ ඩොලර් මිලියන 6ටත් වැඩි ලෙසයි.
අන්තර්ජාලය ඇසුරින් සොයාගත් තොරතුරු ඇසුරිණි. සිංහල බ්ලොග් එකක් කරා වුනත් සොයාගන්නා තතුවලට අදාල සමහර සිංහල වචන නොදන්නා නිසා ලිපි වල ගැටලු තිබිය හැක, එවන් යමක් වෙතොත් දැනුම් දෙන්න.ලියන්න නම් බොහෝ දේ ඇත හැකි අයුරින් එය ලියමි.

1 Responses to “ලොව විශාලතම Truck එක - හයර් එකකට ටොන් 450ක්ම අදිනවා”

Thamara Lakshan said...
January 19, 2015 at 1:23 AM

වාව්!


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.