රාත්‍රියට පමණක් ක්‍රියාත්මක වන ස්ව්‍යංක්‍රීය විදුලි බල්බයක් හදමු


මේ සරළ පරිපථය හදාගත්තොත් රෑ වෙද්දි Auto දැල්වෙන Light එක උදේට Auto නිවෙනවා. අඩු මුදලකින් ලොකු දෙයක් කරගන්න පුලුවන්නම් වටිනාකමක් තියෙනවානෙ.ඉතින් මේකත් ඒ වගේ වටිනා දෙයක්, ගොඩක්ම කම්මැලි අයට. අනික Light එක off කරන්න අමතක වෙන එකෙන් නාස්ති වෙන විදුලියත් ඉතුරුයි, ගමනක් ගියත් රෑට light වැඩ කරන නිසා සතුරු උවදුරු වලිනුත් බේරෙන්න ගොඩක් හොඳයි.
අපි සරළ පරිපථයේ සිට පටන් ගමු.
ඉහත පරිපථයේ ඇති LED බල්බය ක්‍රියාත්මක වෙන්නෙ රාත්‍රී වූ විට පමණයි, ඒ කියන්නෙ මේ LDR සංවේදකයට ලැබෙන ආලෝකය අඩු වූ විට පරිපථය ක්‍රියාත්මක වෙනවා. අපිට ගෙදර විදුලි පහණක් ක්‍රියාත්මක කරවන්න ඕනෙ නම්, ඔය 330ohm resistor එකයි LED එකයි ඉවත් කරලා ඒ වෙනුවට Relay එකක් සම්බන්ද කරගන්න.
පහත තියෙන්නෙ ඒ විදියට හදපු පරිපථයක්, මේකෙ සංවේදීතාව වැඩි කරන්න අමතර Transistor එකකුත් භාවිතා වෙලා තියෙනවා.
Photo-resistor කියන්නෙත් LDR එකටමයි.
ඔය Realy, power pack එහෙම දාන එක කරදරයි නේද? එහෙනම් ප්‍රධාන විදුලි මර්ගය හරහා වැඩ කරන පරිපථයක් හදමු.
හැබැයි මේකට විදුලිය සම්බන්ධ කරලා තියෙද්දි පරිපථයෙ කිසිම උපාංගයක් අල්ලන්න එපා, විදුලි සැර වදින්න ඉඩ තිබෙනවා.

ඇයි රෑට විතරද, දවල්ට විතරක් වැඩ කරන්නත් මේක හදන්න පුලුවන්. බලන්න පහත පරිපථය.
LDR ඔයිට වඩා වැඩ දාන්න පුලුවන් Arduino එකත් එක්ක, ඒ ගැන දැනගන්න මෙතනින් arduinotutes.blogspot.com

13 Responses to “රාත්‍රියට පමණක් ක්‍රියාත්මක වන ස්ව්‍යංක්‍රීය විදුලි බල්බයක් හදමු”

Sadeepa Ravishan said...
December 31, 2014 at 12:06 AM This comment has been removed by the author.

Thamara Lakshan said...
December 31, 2014 at 12:57 AM

නියමයි. මම ඕක හදල තියෙයි. දැන් මම kdg nimalsiri නෙමෙයි. ඒ යාලුවෙක්ගෙ නමක්. දැන් මම SL lakshan
මම තව website එකක් හැදුව. මේ තියෙන්නෙ ඒක teachcyber.blogspot.com
ගිහිල්ල comment එකක් දාන්න හොදේ. මමත් දවස ගානෙ post දානව.


Unknown said...
December 31, 2014 at 8:27 AM

සුභම සුභ නව වසරක් වේවා................................

කුගැගීප


අටම්පහුර said...
December 31, 2014 at 9:03 AM

බ්ලොග් එක හොදයි දිගටම ලියන්න


අටම්පහුර said...
December 31, 2014 at 9:06 AM

මේ බ්ලොග් එක සින්ඩි වලට දාල නැද්ද , කමෙන්ට් කරනකොට මොකක්ද ඇඩ් $ත්තක් එන එකනං මහ වාතයක්


Thamara Lakshan said...
December 31, 2014 at 9:26 AM

සුභ නව වසරක් වේවා!


Unknown said...
December 31, 2014 at 12:25 PM

එසේම වේවා මිතුර!!!


Unknown said...
December 31, 2014 at 12:26 PM

එසේම වේවා මිතුර!!!


Unknown said...
December 31, 2014 at 12:26 PM

haduwa dawas walama damma aye e gana baluwe ne, tika dawasakin ads iwath karnwa.


Unknown said...
December 31, 2014 at 12:27 PM

sthuthiyi yaluwa :-)


Unknown said...
December 31, 2014 at 12:28 PM

ah elas, aluth blog ekath niyamayi :-) digatama karan yanna


Unknown said...
February 21, 2015 at 7:30 AM

Math oinkak essara haduwa eke thibunu widihamai mekath oka aniwaren wadakaranawa ela bn thawa oya wage post dahan


Unknown said...
July 12, 2017 at 9:14 AM

Me circuit eke nama mokakda...gampaha thiyena thanak kiyanna puluwanda


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.