කස්ටිය බලන් උන්නු Windows 10 නිළ සංස්කරණය ආවා


ඔන්න යාලුවනේ මේක නම් දෙන්නෙ 100%ක් නොමිළේ හොඳේ, තව මොන කතාද මෙතනින් ඇවිත් අරගන්න.
Download Windows 10
ඉහත Link එකෙන් පිවිසෙන ඔබට පිවිසිය හැකි වන Microsoft නිළ වෙබ් අඩවියෙහි Windows 10 Download Links දෙකක් 32 Bit හා 64 Bit ලෙස ඇති අතර ඔබගේ පරිගණකයට සුදුසු එක තෝරා එය ලබාගන්න.
Windows 10 මෙහෙයුම් පද්ධතිය ඉතා පහසු අතුරුමුහුණතක් සහිතව ඔබ වෙත එන අතර Windows 7 හී තිබූ Start menu එක සමඟ Windows 8 Start Menu එකද එකට අමුණා ඇති ආකාරය බලන්න.
This combines the strengths of Windows 8 with Windows 7
මෙය Windows 8 හී ශක්තිය Windows 7 සමඟ මුසු කරාවි
-Windows Insider

එන්න Live අත්හදා බලන්න වැඩේ -->> See it in action


ඇත්තටම එයාලා මුල් තැනක් දීලා තියෙනවා ලස්සන අතුරුමුහුණතක් සපයන්න.

එමෙන්ම Cortana
මෙය Windows මෙහෙයුම් පද්ධතිය විසිනි ප්‍රථම වතාවට හඳුන්වාදෙන යෙදවුම් සහයකයෙකි (virtual personal assistant) . මෙය Google Now සහ Apple උපාංග වල භාවිතා වන Siri යන virtual personal assistant App මෙන්ම ජනතාව අතරට එන අලුත් කෙනෙකි. මෙය කටහඬට අනුව ක්‍රියාත්මක වන අතර අන්තර්ජාලයද උපයෝගී කරගෙන ඇතිව ඔබට සහය දක්වයි.
MAIL, CALENDAR, PHOTOS, MAPS වැනි Microsoft සමාගම විසින් ලබා දෙන Apps පවා අලුත් වී ඇත.
CONTINUUM නමින් හඳුන්වන මෙම විශේශාංගය හරහා Tablet පරිගණක සඳහා Desktop පරිගණක වලට සීමා වූ අතුරුමුහුණත Tablet සඳහා හිතකර ලෙස හැඩගස්වා ඇත.
EDGE BROWSER නමින් හඳුන්වන ඔවුන්ගේ නවතම Web Browser එක සුපුරුදු Internet Explorer එක වෙනුවට ඉදිරිපත් කොට ඇත.
ACTION CENTER එක පහසුවෙන් භාවිතා කිරීමට පරිගණක තිරයේ දකුණුපසට එය රැගෙන තිබේ. Windows 8 එකේ Charms වගේ.
ඔබේ XBOX ක්‍රීඩා පරිගණකය වෙතට ගෙන ඒමට ඔවුන් විසින් XBOX Stream To PC විශේශාංගය හඳුන්වා දී ඇත.
HELLO නමින් ඔවුන්ගේ Lock Screen එකද අලුත් වී ඇත. පරණ විදියට Password කොටලා යන එක වෙනුවට පරිගණකය විසින් ඔබව හඳුනාගෙන එය භාවිතා කිරීමට ඉඩ දෙන්නකි.

4 Responses to “කස්ටිය බලන් උන්නු Windows 10 නිළ සංස්කරණය ආවා”

Thamara Lakshan said...
July 29, 2015 at 6:25 PM

තව windows 8.1 දාල මාස 5ක් වත් ගියෙ නෑනෙ.


Unknown said...
August 1, 2015 at 2:16 AM

මාත්,
හැබැයි තවමත් 8.1ම තමා මම


Unknown said...
August 4, 2015 at 7:44 AM

key akk ellanawane...mokada karanne akata


Unknown said...
August 6, 2015 at 6:56 AM

google search කරලා බලන්න, ගොඩක් තියෙනවා, ඔයා ගත්තු version එකට ගැලපෙන එක භාවිතා කරන්න.


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.