Facebook එකේ Hack නොවී ඉන්න මෙන්න උපදෙස්



මම පෙර ලිපියකදි Facebook Hacking ගැන කිව්වා කියවපු නැති අය http://sadeepa01.blogspot.com/2013/10/facebook-hacking.html බලන්න., නමුත් අද වන විට ඊට හාත්පසින්ම වෙනස් ක්‍රම මඟින් මේ අපරාධය සිදු වන බව නොඅනුමාණය.
  • App වලට Permission ලබා දීමේදී
Facebook එකේ තියෙන Apps ( Games ) වගේ දේවල් Play කරන්න යද්දි ඔයාලගෙන් Permission ඉල්ලනවා. ඒත් අපේ අය Game එකට තියෙන ආසාවට මෙව්වා බලන්නෑ බෙල්ල ගහල ගියත් Allow කරනවා. Facebook එකේ Fake Like ලබා දෙන වෙබ් අඩවි වලට Access Token ලබා දීමේදීද ඔබ බෙහෙවින් ප්‍රවේසම් විය යුතුය. මන්ද එම වෙබ් අඩවි විසින් ඔබේ Facebook ගිණුමට බලපෑම් කළ හැකි Permissions විශාල ප්‍රමණයක් ලබා ගන්න බැවිනි.
ඉහත පින්තූරෙ තියෙන්නෙත් App එකකට Permission ඉල්ලන අවස්ථාවක්. ඇස් දෙක ඇරලා බැලුවොත් පෙනෙයි ඔයා මේ App එක Okay කළොත් තව කෙනෙක්ට ඔයාගෙ Facebook Messages පවා බලගන්න අවස්ථාව ලබා දෙනවා කියලා. Hubla වගේ Site වලින් ඔය විදියට අපේ Access Token ඉල්ලන්නෙ අපේ Account එක එයාලට ඕනෙ විදියට පාලනය කරලා එයාලට අවශ්‍ය Fake Likes , Comments එකතු කරගන්න. ඒත් අපි නොදැනුවත්වම එයාලට අපේ Facebook Account එකෙන් 95%ක්ම භාර දෙනවා.
අනේ මම මේ වගේ App ගොඩකට Permission දීලා තියෙන්නෙ එතකොට මාවත් Hack වෙයිද?
බයවෙන්න දෙයක් නෑ , හැකි ඉක්මනින් https://www.facebook.com/settings?tab=applications වෙත යන්න.
දැන් ඔයා අර විදියට Permission දුන්න apps සියල්ලම පහත පරිදි ඉවත් කරන්න.

මුලින් App එක ඉදිරියෙන් ඇති X ලකුණ ඔබන්න.

දැන් අර Delete කියන Tick එක දාලා Remove කරන්න. එවිට මෙම App එක මඟින් ඔබ නොදැනුවත්ව Facebook එකේ ඔබේ Account එකෙන් පළ කර ඇති යමක් වෙතොත් එයද ඉවත් වේ.
අහ් තව්ත් දෙයක් මේක කියන්නෙ අර Fake like ගත්ත අයට, ඔයාලා Addmefast වගේ Site එකකින් Like ගන්නවා වගේ නෙවේ Access token දීලා Like ගද්දි මොකද,Addmefast වලදි ඔබ Like කරන්නෙ ඔබට අවශ්‍ය Post පමණක් වුවද Hublaa වැනි site මඟින් ඔබ විසින් දෙන Permissions හරලා ඔබ නොදැනුවත්වම තවත් අයගේ Post වලට ඔබේ Account එකෙන් Likes යෑම ඔබ නොසිතූ දෙයකට හේතු විය හැක.
උදාහරණයක් ලෙස, ඔබ නොදැනුවත්ව මෙලෙසින් යම් අසභ්‍ය දෙයකට ඔබේ Account එකෙන් Like එකක් ගියහොත් ඔබේ මිතුරන්ගේ News Feed එකෙහි ඔබ එය Like කළ බවට පළ වේ. කොහොමද වැඩේ? ඔබ නොදැනුවත්වම වැරදි දෙයක් කරලා.
  • Spam Video Links
මෙව්වත් බොහෝ විට අපට දකින්න ලැබෙනවා. මෑතකදී බොහෝ දෙනෙක් අතරට ගිය "This video is yours..." නම් Spam Video Link එකත් මෙයට උදාහරණයකි. මෙය Spam එකක් යන වග නොදැන ඒ වෙත පිවිසි අයට උනේ මොකක්ද? අර කියපු Video එක බලන්න ලැබුනද? නැහැනෙ තමුනුත් දන්නෙ නැතුව තමන්ගෙ Facebook Account එකෙන් අනිත් අයට Message ගිහිල්ලා. :D Spam Video වල නොදියුනු නමුත් ඔබව මුලා කරන අවස්ථාවක් ලෙස යම් Video එකක් නැරඹීම සඳහා එය Share කළ යුතු බව හඟවා ඔබේ Facebook Timeline එකෙහි එම Spam එක ප්‍රසිද්ධ කිරීම පෙන්වාදෙන්න පුලුවන්. උදාහරණකක් ලෙස කිසියම් දූශණ සිදුවීමක් මුල් කරගෙන පැතිරෙන Video Links පෙන්වාදෙන්න පුලුවන්.මේ දවස් වල නම් Spam එක Tsu නෙ :p.
  • Download Notification
මෙය ඉහත අවස්ථාවටත් අදාලයි අර කියන Video එක බලන්න නම්, ඔබ යම් "Browser Plugin" එකක් භාවිතා කළ යුතු බව හඟවා ඔවුන්ගේ Virus එක ඔබව රවටා ඔබේ පරිගණකයට ඇතුලත් කරනවා. අපේ අයව කොයි තරම් මුලා කරනවද කිවහොත් Facebook Hacker කියලා දෙන Software (මෙව්වා බොරු Software) එක සැබැවින්ම Virus එකක් නිසා Virus Guard එකෙන් Block කරන බැවින් , මේවා ලබා දෙන වෙබ් අඩවි පවසන්නේ Facebook Hacker යනු ඉතා භයානක Software එකක් බැවින් Virus Guard එක එය නවත්වන නිසා Virus Guard එකත් Off කරලා ඒක open කරන්න කියලා. කොහොමද වැඩේ :D හොරාට ගේ ඇතුලට ඇවිත් ගේත් සුද්ද කරන් යන්න කියනවා වගේ වැඩක් සමහරවිට එය Keylogger එකක් විය හැකියි.නැත්නම් RAT එකක් (මෙමගින් ඔබේ පරිගණකයේ පාලනය පිටස්තර පුද්ගලයෙකුගේ අතට ගත හැක) විය හැකියි. මෙමඟින් ඔබේ Facebook ගිණුම පහසුවෙන් වෙනකෙකුගේ අතට යන බව විශේශයෙන් කිව යුතු නෑ.අන්තිමට වෙන්නෙ තව කෙනෙක්ව Hack කරන්න ගිහින් තමන්ව Hack වීමයි.
  • Facebook එකෙන් එන Messages
සමහරවිට ඔබටත් 'Facebook' , 'Facebook Inc' , 'Facebook Team' , 'Facebook Security' , 'Security' වැනි නම් වලින් විවිධ පණිවිඩ ලැබී ඇත. ඒවාගෙන් පවසන්නේ ඔබට යම් Link එකක් වෙත පිවිසෙන්න කියා හෝ කිසියම් වෙබ් පිටුවකට ගොස් ඔබේ Password එක ඒ වෙත ලබා දෙන්න යනුවෙනි. නමුත් සත්‍ය වශයෙන්ම Facebook විසින් මෙවැනි පණිවිඩ එවන්නේ නැත. මෙවැනි දෑ මඟින් Hackersලා හට අවශ්‍ය Phishing කටයුතු වලට ඔබව පහසුවෙන් හසු කරගනී.මෙවැනි Messages Facebook වෙත Report කරන්න.

ඔබේ ආරක්ශාවට මේ පියවර පිළිපදින්න.


  • ඔබේ දු.අංකයක් තිබේනම් එය Facebook වෙත එක්කරන්න. https://www.facebook.com/settings?tab=mobile.
  • ඔබේ Profile එකේ එහි Privacy එක Only me ලෙස තබන්න.
  • දු.අං. පමණක් නොව අන් අය දැනගතු යුතු නැති ඔබේ පුද්ගලික තොරතුරුද වෙතොත් ඒවාද මෙලෙස Only me ලෙස තබන්න.
  • නොදන්න අයව මිතුරන් කරගැනීමේදී ප්‍රවේසම් වන්න.ඔවුන් ඔබේ සැබෑ ජීවිතයේ මිතුරන් නොවේ නම්, ඔබේ පුද්ගලික තොරතුරු ඔවුන් වෙත හෙලි කිරීමෙන් වළකින්න.
  • අනවශ්‍ය ලෙස ඔබට කරදරයක් වන අයව Block කරන්න.
  • Login Notifications On කරන්න. එවිට කිසිවෙකු හෝ ඔබේ Facebook ගිණුමට ඇතුල් වුවහොත් එය SMS එකක් මඟින් දැනගත හැක.
  • කැමතිනම් Login Approvals භාවිතා කරන්න, එවිට ඔබේ Facebook ගිණුමට log වීමට Password එක ලබා දී ඔබේ දු.අංකයට ලැබන රහස් අංකයක් ද ලබා දීමෙන් මෙන් පමණක් log විය හැක.
එහෙනම් ඉතින් අද ලිපිය අවසානයි, ඔබේ අදහසක් වෙතොත් comment කරන්න.

12 Responses to “Facebook එකේ Hack නොවී ඉන්න මෙන්න උපදෙස්”

Nipuna said...
October 28, 2014 at 6:39 PM

වටිනා විස්තර් ටික ස්තූතියි!


Nomad said...
October 29, 2014 at 3:52 AM

ela(h)


Unknown said...
October 29, 2014 at 6:31 AM

thanks all


Eranga said...
October 29, 2014 at 10:45 PM

Niyamai mchn


harsha said...
November 28, 2014 at 9:58 PM

thanks (h)


DiscoveryCM said...
December 9, 2014 at 8:58 PM

එල


Miran said...
December 11, 2014 at 11:26 PM

Fatta Bro....Good Luck cheer


xgco said...
December 12, 2014 at 3:31 AM

thankz friend............... :-d


Unknown said...
December 12, 2014 at 8:08 PM

සියලුදෙනාටම ස්තූතියි :)


e5jrfyjfujru said...
January 9, 2015 at 12:22 AM

thanks mchan.... loku udauwak


Kasun Ishara Weerasinghe said...
November 8, 2015 at 6:14 AM

niyamai sadeepa


Unknown said...
January 4, 2016 at 4:37 AM

comment කරපු හැමෝටම බොහොම ස්තූතියි


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.