Laptop Battery එක වැඩි කාලයක් භාවිතා කරන්න




Laptop තියෙන අයට ඉතින් ඒකෙ Battery එක පරෙස්සම් කරගෙන එය වැඩි කාලයක් භාවිතා කරන එක වැදගත් දෙයක්. ඉතින් පහත උපදෙස් ටික අනුගමනය කරලා බලන්න වැඩේ සාර්ථක වෙයි.
  1. සතියකට වතාවක්වත් Hard Disk එක Defrag කරන්න.(Battery එකෙන් Laptop එක වැඩ කරන වෙලාවට නෙවේ) එවිට Hard Disk එක වේගයෙන් වැඩ කරාවි.එවිට Hard එක මඟින් battery එකට සිදුවන බලපෑම අඩු වේ.
  2. Screen එකේ Brightness එක හැකිතාක් අඩු කරන්න. මෙය keyboard එකේ fn key එක ඔබාගෙන Brightness එක අඩු කරන button එක ඔබන්න.
  3. Background එකේ අවම Programs ප්‍රමාණයක් තබාගන්න. එවිට Processor / RAM සඳහා අඩු වෙහෙසකින් වැඩ කළ හැක.
  4. බාහිරව සම්භන්ද කර ඇති උපාංග විසංධි කරන්න. Dongle , Mouse , Keyboard වගේ දේවල්. අවශ්‍යනම් පමණක් මේවා භාවිතා කරන්න.
  5. RAM එකෙහි ධාරිතාව වැඩි කරන්න. (අවම වශයෙන් 2GBවත් තිබේනම් හොඳය) එවිට Virtual Memory භාවිතා කිරීම අවම වන නිසා Hard Disk එක අවම වශයෙන් භාවිතා වේ.
  6. CD/DVD Rom Drives භාවිතය අවම කරන්න. එක් Drive එකක් තිබීම සෑහේ. මේවාට Hard Drive එකටත් වඩා විදුලිය වැය වේ. නිතරම භාවිතා කරන CD වල Backup එකක් පරිගණකයේ තබා ගැනීම වඩා උචිතය.
  7. Battery එක භාවිතයෙන් තොරව තබන්න එපා, අවම වශයෙන් සති 2කට වරක්වත් එය භාවිතා විය යුතුය.
  8. මාසයකට වරක් Laptop Battery එක සම්පූර්ණ වශයෙන් discharge  වන තුරු භාවිතා කරන්න.කෙසේවෙතත් Li-On battery සම්පූර්ණයෙන්ම discharge වන තුරු භාවිතා කිරීම සුදුසු නැත.
  9. Standby කිරීමෙන් වැළකී Hibernate කරන්න. එවිට පරිගණකය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වේ.
  10. හැකි උපරිම වශයෙන් Laptop එක උණුසුම් වීමෙන් වළක්වන්න. වායු ඇතුලුවන පිටවන කොටස් වැසෙන ලෙස භාවිතා කරන්න එපා. නිවැරදිව සිසිල් වූ Laptop එක වේගවත්ව ක්‍රියාත්මක වේ.
  11. Control Panel හී Power Option මඟින් Maximum Battery ලෙස සකසන්න.
  12. Multitask කිරීමෙන් වළකින්න. උදා : - එකවර අන්තර්ජාලය භවිතා කරමින් විට සංගීතයට සවන් දෙමින් Virus Scan කරමින් තවත් Application භාවිතා කරමින් සිටීම Multitask තත්වය බරපතල කරන අතර මෙය Battery එකත් ඉක්මනින් ක්ශය වීමට බලපායි.
  13. සරල වැඩසටහන් භාවිතා කරන්න,නිතරම සංකීර්ණ කටයුතු වලට යොමු වන්න එපා.උදා : - MS Word වැනි වැඩසටහනකට් වඩා පරිගණක ක්‍රීඩාවකට වැඩි විදුලි නාස්තියක් සිදු වේ.
  14. කාර්‍යක්ශමතාවයෙන් උසස් Laptop එකක් භාවිතා කරන්න. අඩු කාලයකින් ඔබේ කටයුතු කරගැනීමේදී අඩු ඉතිරිවන Battery Charge එක වෙනත් අවස්ථාවකදී යොදාගත හැක.
  15. Memory Effect එක වළකන්න. මෙය බොහෝවිට බලපාන්නේ පරණ Laptops වලටය. Battery එක Full Charge කිරීමත් සතියකට වරක් එය සම්පූර්ණයෙන්ම discharge කිරීම වැදගත්ය.
  16. Graphic Use එක අඩු කරන්න. Desktop එකේ right Click කර හෝ Control Panel මඟින් හෝ Task bar එකේ Notification area එකෙහි ඇති Graphic settings මඟින් මෙය සිදු කරන්න.

0 Responses to “Laptop Battery එක වැඩි කාලයක් භාවිතා කරන්න”

Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.