Laser වලින් හොරු අල්ලමු


චිත්‍රපටවල එහෙම තියෙන Laser ආරක්ශක පද්ධති දැකලා තියෙනවානෙ හැමෝම, එහෙනම් ඉතින් තවත් නිර්මාණයක් කරන්න තමයි අවස්ථාව. යාලුවො ඉතින් කිව්වා වගේම Comments එහෙම දාලා තිබ්බා එහෙනම් කෙලින්ම යමු මාතෘකවට.
Laser එක්ක වැඩකරද්දි Laser කිරණ වලින් ඔබේ ඇස් ප්‍රවේශම් කරගන්න. අධික ලෙස Laser කිරණ සම මතට වැටීමත හානිදායකයි.
 බලන්නකො පහළ තියෙන උපකරණය, කලින් Laser නිර්මාණයෙදි අපි භාවිතා කළා Laser එකක් වගේම LDR එකක්.

 පහළ තියෙන්නෙ LDR එකක්. හැබැයි මේක පැන්සල් හිසක් තරම් පුංචි උපකරණයක්. Digital ඇසක් වගේ. මේකට ආලෝකය වැටුණම වෙන්නෙ LDR එකේ ප්‍රතිරෝධීතාව අඩු වෙන එක. ඉතින් ඒ සිද්ධාන්තය භාවිතා කරලා තමයි මේ ආරක්ශක පද්ධතිය හදන්නෙ.
අපි හදන පරිපථ වල Laser එකේ ආලෝකය හැම විටම මේ LDR එකට වැටෙන්න සලස්වනවා, ඒ ආලෝකය හරහා යම් බාදකයක් ගමන් කළොත් පරිපථය විසින් එය හඳුනාගන්නවා.
 ඉතින් අපිට ආරක්ශාකරන්න ඕනේ උපකරණය වටා තළ දර්පණ (කණ්නාඩි) වලින් මේ Laser ආලෝකය පරාවර්තනය කරගෙන වැඩේ කරගන්න පුලුවන්. බලන්න පහත පින්තූරය.

පහල තියෙන්නෙ සරළ නිර්මාණයක්.
දැක්කා නේද LDR එකට වැටෙන Laser ආලෝකයට බාදාවක් ආපු ගමන් LED එකක් දැල්වෙලා අපිට ඒ බව දැනුම්දෙනවා.අපිට මේකෙ 150 K ප්‍රතිරෝදකය ඉවත් කර ඒ වෙනුවට 100k VR එකක් (33k හෝ ඊට මද වශයෙන් අඩු ප්‍රතිරෝදකයක් සමඟ ශ්‍රේණිගතව එකතුකළහොත් Transistor එකට සිදුවන හානිය අවම කරගතහැක)  සම්බන්ධකොට මෙහි සංවේදීතාව සීරුමාරු කරගත හැක. BC 547 හොයාගන්න නැත්නම් 2N2222 / C828 / D400 වගේ එකක් භාවිතා කරන්න.
මේ තියෙන්නෙ Breadboard එකක ඉහත පරිපථය සාදා ඇති ආකාරයයි.
ඔයාලට මේකෙ LED එක වෙනුවට Relay එකක්, Music Circuit එකක් වගේ භාවිතා කරන්න් පුලුවන්. Relay එකක් භාවිතා කරලා ඒ හරහා වෙනත් විදුලි උපකරණයක් වුවත් ක්‍රියාත්මක කරවන්න පුළුවන්.

ඉහත පරිපථයෙ පොඩි අවුලක් තියෙනවා, මොකද ඒක වැඩ කරන්නෙ Laser ආලෝක ධාරාව හරහා බාදකයක් තිබ්බොත් විතරයි, ඉතින් නැවත ආලෝකය ගමන් කරනවිට පරිපථය මුල් තත්වයට පත් වෙනවා. අපිට හොරු අල්ලන පරිපථයක් නම් එය හරහා කිසිවෙකු ගමන් කළ විගස නොනැවතී ක්‍රියාත්මක වන පරිපථයක් අවශ්‍ය වෙනවා. ඉතින් පහතින් තියෙන්නෙ අපි කවුරුත් දන්න 555 chip එකෙන් හදපු Circuit එකක්.
යාලුවන්ගෙ ප්‍රතිචාර අනුව ඊළඟ LDR Circuit එකත් අරන් එනවා, රාත්‍රියට පමණක් ක්‍රියාත්මක වන පරිපථය.

7:45 AM by Unknown · 5

අසල්වාසීන්ද පුදුමයට පත් කළ මොහුගේ ගරාජයේ තිබූ දෙය ඔබ පුදුම කරාවි


මොකක්ද මෙතරම් සැකසහිතව ඔහු ගරාජයේ සිදු කළේ?

12:24 AM by Unknown · 3

ඔබ දැනගතයුතු Google Search Tricks 10ක්


අපේ එදිනෙදා වැඩකටයුතු බොහොමයකට මේ Google Search උදව් වෙන බව ඇත්ත. නමුත් ඒ වැඩ තවත් පහසු කරගන්න වැදගත් Google Search Tricks 10ක්ම අරන් ආවා අද ලිපියෙන්.

  • කිසියම් වෙබ් අඩවියකට අදාල තොරතුරු පමණක් සොයාගැනීම

මෙහිදී අවශ්‍ය කරුණ Site: වෙබ් අඩවිය සටහන් කොට සොයාගත හැක. උදා:- Tips And Tricks site:www.sadeepa01.blogspot.com

  • මගහැරුණු අකුරු සහ වචන සමඟ Search කිරීම
ඔබට මගහැරන කොටසට * භාවිතා කළ Search කළ හැක.
  • සමාන වෙබ් අඩවි සෙවීම

සමාන වෙබ් අඩවි සෙවීමට Related: වෙබ් අඩවිය සඳහන් කර Search කළ හැක.
උදා:- Related:www.sadeepa01.blogspot.com

  • අර්ථ දැක්වීම් සෙවීමට

මෙහිදී Define:අවශ්‍ය වචනය සඳහන් කර Search කිරීමෙන් අර්ථ දැක්වීම් ලබාගත හැක.
උදා:- Define:Democracy
  • ගණිතමය පරිවර්ථනයන් කිරීමට
10 Amazing and Useful Google Search Features 6
මෙයට in යනුවෙන් Type කර වම් පසින් අප ලබා දෙන මිනුම සහ ඒකකයත් දකුණුපසින් ලැබිය යුතු මිනුමේ ඒකකයත් ලබා දිය යුතුය.
  • සමීකරණ විසඳීමට
10 Amazing and Useful Google Search Features 5
ඉහත ආකාරයෙන් සමීකරණය Search bar එකේ Type කර එය විසඳාගත හැක. එමෙන්ම වෙනත් ගණිතමය කටයුත්තක් වුවද මෙසේ Type කර ලබාගත හැක.
  • ගුවන් ගමන්වල තොරතුරු
10 Amazing and Useful Google Search Features 4
මෙහිදී ගුවන් සමාගමේ නම හා ගුවන් යානයේ අංකය Type කිරීමෙන් ඒ ගැන විස්තර ලබාගත හැක.
  • චිත්‍රපට පෙන්වන වේලාවන් දැනගැනීමට
10 Amazing and Useful Google Search Features 3
මේ සඳහා Showtimes: චිත්‍රපටයේ නම සඳහන් කොට විස්තර ලබාගත හැක.
  • විවිධ රටවල් වල වේලාවන්
10 Amazing and Useful Google Search Features 2
මේ සඳහා time:රටේ නම සඳහන් කළ යුතුය.
  • Barrel Roll එකක් කිරීමට
10 Amazing and Useful Google Search Features
Search bar එකේ Do a Barrel Roll යනුවෙන් type කර enter කිරීමෙන් මෙය සිදු කළ හැක.

11:34 PM by Unknown · 1

අත් ඔරලෝසුවට ලබා දෙන විධානයෙන් Auto Park වන BMW Car



BMW සමාගමේ අලුත්ම නිර්මාණය වන මේ ස්ව්‍යංක්‍රීය Park වීමේ පද්ධතිය සමඟ ඔවුන් හඳුන්වාදෙන විශේෂාංගය ගැනයි අද ලිපියෙන් කියන්නෙ. වාහන විශාල ප්‍රමාණයක් අතර දුක් විඳිමින් එය Park කළ අවස්ථාවත් නැවත් එය පිටතට ගත් අවස්ථාවත් මිනිස් අතින් සිදු කිරීමට තිත තබමින් මොවුන් හඳුන්වාදෙන්නේ ඔවුන් සුළු මොහොතකට පෙර ඉදිරිපත් කළ මේ වටිනා නිර්මාණයයි.
අත් ඔරලෝසුවට ලබා දෙන විධානය ලබා දිය යුත්තේ බොත්තමක් එබීමෙන් නම් නොවේ, ඔබේ කටහඬින්මයි.මෙයට සුදුසු වන Smart අත් ඔරලෝසු දැනට වෙළඳපොලේ ඇති අතර එමඟින් Knight Rider Car එකේ මෙන් BMW සමාගමත් ස්ව්‍යංක්‍රීයව කටහඬ අනුව පාලනය වන වාහනය තනා ඇත. 
ඉතින් ඔබ යම් ස්ථානයකට ගොස් එය Park කිරීමට යන වේලාවේදී ඔබ පැමිණි කටයුත්ත ඉටු කර ගැනීමට හැකි වන අතර ඔබට ඇත්තේ වාහනය නවතා එයට Park වන ලෙස පැවසීම පමණි. ඉතින් කාලෙත් ඉතුරුයි ඔබටත් පහසුයි. BMW සමාඟමේ Munich based i3 Car එකක් සමඟ එන මේ තාක්ශණය ඔවුන් හඳුන්වන්නේ Remote Valet Parking Assistant යනුවෙනි.
විශාල Car Park වලදිත් හොඳින් ක්‍රියාත්මක වීමට GPS තාක්ශණය වෙනුවට මෙය භාවිතා කරන්නේ Laser සංවේදක මඟින් සාදාගන්නා Car Park එකේ සිතියමකි. රියදුරුට වහනයෙන් බැස විධානය ලබාදීම පමණක් සිදු කළ යුතු වන අතර ඉතිරිය වාහනය විසින් සිදු කරයි.
තවද සොයාගැනීමට ඉඩ තිබෙන ස්ථාන සොයාගනීමට හැකි වන මේ තාක්ශණය මෙන්ම අංශක 360 ම ආවරණය කරන laser සංවේදක පද්ධතිය නිසා තමාවටා ඇති වාහන සමඟ ගැටීමක් සිදු නොවීමට වග බලාගැනීමේ වැඩසටහනක්ද එයට අනුබද්ධව ස්ව්‍යංක්‍රීය තිරිංග පද්ධතියක්ද මෙයට අන්තර්ගතකොට ඇත.
තවත් විශේශාංගයක් නම් මෙයට විශේශවූ Car Parks අවශ්‍ය නොවන අතර දැනට තිබෙන Car Parks සමඟ වුවත් හොඳින් ක්‍රියාත්මක වීමයි. කෙසේවෙතත් මෙය වෙළඳපොළට නිකුත් කරන්නේ කවදාදැයි නිවැරදි දිනයක් තවම BMW සමාගම විසින් දන්වා නැත.

6:48 AM by Unknown · 2

Modem සහ Router ගැන දැනගමු



ගොඩක් යාලුවො මේ Modem සහ Router ගැන දන්නෙ නෑ, ඇත්තටම මේ තියෙන්නෙ වෙනස් උපාංග දෙකක් Router එක කියන්නෙ පරිගණක ජාල දෙකක් එකට සම්බන්ද ක්‍ර්න් උපාංගයට.

 උදා:- SLT එකෙන් ගෙදර පරිගණක ජාලය අන්තර්ජාලය නම් පරිගණක ජාලයට සම්බන්ද කරන්න ලබ දෙන Router එක.

හරි දැන් බල්මු MODEM එක ගැන.
කොහෙද මේ Modem එක තියෙන්නෙ?
ඔයාලා internet එන්න පවිච්චි කරන Dongle,SLT Router, Phone, Tab මේ සේරගෙම තියෙනවා ඔය Modem එක, මොකක්ද මේකෙන් වෙන්නෙ?
මේකයි සීන් එක ඔයාලා Internet එකට Upload කරන වචනයක් පාසා පින්තූරයක් පසා සමන්විතවෙලා තියෙන්නෙ දත්ත විදියට, මෙව්වා ඉතින් Internet එකට් යවන්න වෙන්නෙ Digital signal විදියට,නමුත් digital කියන්නෙ එතරම් ශක්තිමත් signal එකක් නෙවේ ඔයා ඉන්න තැන ඉඳන් Signal tower එකට යනකන් යන්න බෑ, ඉතින් මොකද කරන්නෙ මේක Analog signal එකක් කරනවා.මතකනෙ කලින් ලිපියකදිත් කිව්වා මෙහෙම කතවක්, ඔව් එතකොට මේ ප්‍රාණවත් Analog Signal එක පහසුවෙන් වැඩි දුරකට යනවා.
 මේකට කියන්නෙ Modulation කියලා. Upload කරාට ම්දි Download කරන්න ඕනේ, ඉතින් මොකද වෙන්නෙ Modem එකට එනවා Analog Signal ඒක Modem එක මඟින් නැවත Digital Signal කරන්වා මේකට කියන්නෙ Demodulation කියලා.
 ඉතින් ඔය MOdulation හා DEModulation කරන උපාංගයට තමා MODEM කිය්න්නෙ. SLT එකෙන් දෙනවා ව්ගේ අලුතෙන් එන Router වල Modem එකකුත් එනවා ඒ නිසා අපිට වෙනම Modem එකක් ගන්න අවශ්‍ය නෑ, ඉස්සර නම් Router එකයි Modem එකක් දෙකක්ම ගන්න වුනා.
අමතර දැනුමට,
Wi-Fi Router කියන්නෙ එතකොට?
Wi-fi Router එකේ විශේශත්වය තමා Router එකෙන් එන අන්තරජාල සබඳතාව වයර් රහිතව Wi-fi තරංග හරහා Laptop එකක් වැනි උපකරණයකට ලබාදෙන්න හැකියාවක් තියෙන Router+Modem එකකි.
මේ ගැන හොඳින් තේරුම්ගන්න කියවන්න මේ ලිපිය. Click here

7:02 AM by Unknown · 5

Laser වලින් වැඩකරන Sound Transmitter එකක් හදමු


කවුද කැමති සැතපුමක් විතර දුරට තමන්ගෙ කටහඬ යවන්න? හැබැයි මෙතනදි වයර් රහිතව Laser වලින් තමා ශබ්දය ගමන් කරන්නෙ. ඔයාලට මේ ව්ඇඩේට ගන්න පුලුවන් කඩේ ගන්න තියෙන Key Tag වගේ එන Laser එකක්.නව නිර්මාණයක් කරන්න මෙන්න අවස්ථාව.
  • Laser එකත් හරි තව මොනාද ඕනේ?
  • වියලි කෝශ (Pen Torch Battery) 4ක් - 3 Battery holder එකක් සහ 1 Battery Holder එක්කම ගනන් වැඩේ පහසු වෙයි.
  • කුඩා Radio එකක් හෝ Mp3 Player එකක් වැනි ශබ්දය ලබාගත හැකි උපකරණයක්.
  • 3.5mm Earphone Jack එකක්.
  • Audio Transformer එකක්.ආසන්න වශයෙන් එක් පැත්තක් 8ohm සහ අනෙක් පැත්ත 1000ohm.
  • වයර් කැබලි කිහිපයක්.
  • LDR එකක්.
  • කුඩා Amplifier එකක්.(Amp එකක් නැත්නම් Computer එකට ගන්න Speaker එක හෝ මේ අඩු වියදම් Amp එක හදාගන්න විදිය අන්තිමට තියෙනවා.)
හරි දැන් වැඩ පටන් ගමු,මුලින්ම Laser එකේ තියෙන බැටරි ඉවත් කරන්න.එහි ආවරණය + වන අතර ,ඇතුලෙ තියෙන Spring එක - වේ.

ඉහත ආකාරයට වියලි කෝශ 3 ශේණිගතව සම්භන්ද කරන Battery Holder එකේ + කොටස Laser එකේ + වයරයටද, Battery එකේ - කොටස Transformer එකේ 1000ohm කොයිල් එකටද සම්බන්ධ කරන්න. 1000ohm කොයිල් එකේ ඉතිරි වයරයට Laser එකේ - වයරය සම්බන්ධ කරන්න. Transformer එකේ 8ohm කොයිල් එකේ ඉතිරි වයර් 2 Audio Jack එකට සම්බන්ධ කරන්න.Audio Jack එක තමයි Radio එකට හෝ Mp3 එකට යන්නෙ.
වැඩේ හරියට කළොත් මෙහෙම තියෙයි.

ටිකක් ලස්සනට පාස්සලා ගත්තොත් මෙහෙම හදාගන්න පුලුවන්.
හරි අපි දැන් Laser වලින් වැඩකරන Sound Transmitter එකක් හදලා ඉවරයි,ඊළඟට තියෙන්නෙ Receiver එක
උඩ පින්තූරෙ විදියට Audio Jack එකකට හෝ ඔබේ amp එකේ Input එකට සම්බන්ධ කළ හැකි Connector එකකට ඉතිරි බැටරිය හා LDR එක සම්බන්ධ කරගන්න.

එහෙනම් වැඩේ test කරමු.Transmitter එකට විදුලිය ලබාදී Radio එකත් On කරලා Earphone Jack එකත් සම්බන්ද කරන්න. දැන් Laser එකත් වැඩ කරනවා.
එතකොට Receiver එක Amp එකට සම්බන්ධ කරන්න.
දැන් තියෙන්නෙ Laser එකේ එලිය LDR එකට වැටෙන්න අල්ලන එක.

වැඩේ ගොඩ නම් දැන් Amp එකෙන් Radio එක ඇහෙනවා.වැඩ කරනෙ නැත්නම් බලන්න පරිපථය නිවැරදිව සම්බන්ධ වෙලාද, Radio volume එක වැඩි කරලාද කියලා.

මෙන්න අඩු වියදම් Amp එක.
මෙතන pin 1 සහ pin 8 අතර ඇති 10uf එක හා vr2 එක නොමැතිවද පරිපථක ක්‍රියාත්මක වේ.
මෙන්න භාන්ඩෙ හදන විදිය
මේ තියෙන්නෙ ඔය විදියට හදපු එකක්.
තමන්ගෙ කටහඬ යවනවානම් Transmitter එකට Mic එකක් සම්බන්ද කරපු Amp එකක Output එක දෙන්න. Laser එක යවන්න පුලුවන් දුරටම දැන් Sound යවන්න පුලුවන්.එහෙනම් යාලුවනේ මම කැපුනා මතක ඇතුව Comment එකකුත් දාලම යන්න. හොඳ ප්‍රතිචාර ලැබුනොත් රු.4000ක් පමණ වන Laser වලින් හොරු අල්ලන පරිපථය රු.100ක් වගේ අඩු මුදලකින් හදන හැටි කියනවා ^_^ .

9:11 PM by Unknown · 12

2014 වසරේ Top Sites හා Top Google Searches මෙන්න


2014 වසරේ වැඩිම වතාවක් Google Search වූ දේවල් හා හොඳම වෙබ් අඩවි මොනවද කියලා දැනගන්න කැමති ඇතිනෙ කස්ටිය, මේ තියෙන්නෙ ඒවා ටික.

Top Google Searches

  1. Robin Williams
  2. World Cup
  3. Ebola
  4. Malaysia Airlines
  5. ALS Ice Bucket Challenge
  6. Flappy Bird
  7. Conchita Wurst
  8. ISIS
  9. Frozen
  10. Sochi Olympics

Top Websites

  1. Google.com
  2. Facebook.com
  3. Youtube.com
  4. Yahoo.com
  5. Baidu.com
  6. Amazon.com
  7. Wikipedia.org
  8. Taobao.com
  9. Twitter.com
  10. Qq.com

Top Websites in Sri Lanka

  1. Facebook.com
  2. Google.lk
  3. Google.com
  4. Youtube.com
  5. Yahoo.com
  6. Blogspot.com
  7. Ikman.lk
  8. Amazon.com
  9. Ask.com
  10. Gossiplankanews.com

12:31 AM by Unknown · 0

මේ ගුවන් යානයෙන් ලෝකෙ ඕනෙම තැනකට යන්න පැය 4යි


බ්‍රිතාන්‍ය ගුවන් අභ්‍යවකාශ සමාගමක් වන Reaction Engines Limited මේ දිනවල කාර්යබහුලව නිශ්පාදනය කරන්නේ එකවර මඟීන් 300ක් පමණ ලොව කුමන ස්ථානයකට හෝ පැය 4ක් වැනි කලයකින් ගෙනයාමට හැකි ගුවන් යානයක් නිපදවීමටය.මෙහි අන්තර්ගත එන්ජින්වලට අභ්‍යවකාශයේ වුවත් ගමන් කිරීමේ හැකියාවක් තිබේ.
දැනට ඇති නවීනතම තාක්ශණය වන Precooler (පෙර සිසිල් කිරීම) යොදාගත් ප්‍රතික්‍රියා එන්ජින් දෙකක් සහිතව එන මේ ගුවන් යානය තම Sabra එන්ජිමට එන වාතය තත්පර 0.01ක් වැනි කාලයකදී Celsius අංශක 1,000 ටත් වඩා අඩු කර එන්ජිම සිසිල් කරයි. මෙනිසා එම ගුවන්යානා එන්ජිම උසස් ක්‍රියාකාරීතවකින් සමන්විත වේ. මෙම Sabra එන්ජිම සමඟ පරීක්ශණ කටයුතු කරමින් සිටින් නිසා ඉහත සඳහන් ආකායෙන් කාර්යබහුල වී ඇත.
2019 මාර්තු 5 වනදා ප්‍රථම වතාවට ගුවන්ගත කිරීමට නියමිත මෙම ගුවන් යානය ශබ්දයේ වේගය මෙන් 5 ගුණයක් වේගයෙන් ගමන් කරයි.

Skylon ලෙසින් නම් කර ඇති මෙම ගුවන් යානය මීටර් 82ක දුරින් යුක්ත වන අතර රොකට්ටුවක් මෙන් ගමන් කිරීමට ගුවන් යානයට මෙය උචිත වේ. කෙසේවෙතත් මෙය ගුවන්ගතකිරීම හා ගොඩබෑම සාමාන්‍ය ගුවන්යානයක් මෙන් සුදුකරයි. මෙම ආකෘතියක මිළ ඩොලර් බිලියන 1.1 ක් ලෙස සඳහන් වේ.
මෙම ගුවන් යානය සමඟ අභ්‍යවකාශයටද ගමන් කිරීමට හැකි වන අතර මෙහි ජනෙල් වෙනුවට ඇත්තේ පරිගණක තිරය. මෙනිසා පිටස්තර කැමරාවලින් ලබාගන්නා දර්ශණ සමඟ සම්පූර්ණ අභ්‍යන්තර තිර ආවරණයක් දැකගත හැක.
එසේනම් නුදුරු අනාගතයේ ගුවන් යානයකින් අභ්‍යවකාශගතවීමත් පැය 4න් ලොවවටා යාමත් ජනතාවට දායාදවේවි.

9:01 PM by Unknown · 0

Samsung Galaxy S6 රහස් හෙළිවේ - පින්තූර හා Video සමඟ



Samsung Galaxy S6 පිළිබඳ රහස ලන්දේසි වෙබ් අඩවියක් විසින් හෙළිකර ඇති අතර එහි සඳහන් වූ ආකාරයට මෙහි 5.5" තිරයක් සමඟ 16MP හෝ 20MP කැමරාවක්ද සමන්විත බව පවසා තිබේ. කටකතා අනුව දැනට ඇති මතය වන්නේ 2015 මාර්තු 2-5 දක්වා Barcelonaවේ පවත්වන ජංගම දුරකථන ලෝක සමුලුවේ වෙළඳ ප්‍රදර්ශණයේදී (Mobile World Congress) නිකුත් කෙරෙන බවයි.



මෙසේ පිටට ලැබී ඇති ඡායාරූප අනුව පෙනී යන්නේ S6 ජංගම දුරකථනය iPhone 6 දුරකථනයට හුරු සිහින් හා තරමක් වටකුරු ස්වභාවයක්ද සමඟින් එන බවයි. මෙහි පරමාදර්ශී ලක්ශණයක් වන්නේ වම් හා දුකුණු කෙළවර සිහින් වූ තිරයක් තිබීම හා ඉදිරිපස කැමරාව හා ජංගම දුරකථනයේ ඉහළ කේන්ද්‍රයට ඇති දුරයි. වෙනත් වෙබ් අඩවියකින් හෙළිවූ තොරතුරු අනුව මෙහි Codename එක SM-G925F වන අතර Quad HD (2560×1440) display එකක්, octa-core Processor එකක්, 16MP පසුපස කැමරාවක් හා Mali-T768 graphics processing unit එකකින්ද සමන්විත වන බවයි.



Samsung සමාගම වසරකදී නිකුත් කරන ජංගම දුරකථන සංඛ්‍යාව අවම කරමින් ඒවා උසස් තත්වයේ ජංගම දුරකථන නිපදවීමටත් තීරණය කර ඇත. එමෙන්ම ඔවුන් දැනට කරන නිශ්පාදන ප්‍රමණය වැඩි කරමින් ජංගම දුරකථනවල මිල පහල දැමීමට උත්සාහ කරති. New York හී Robert Yi (Samsung සමාගමෙහි ආයෝජක සබඳතා ප්‍රධානී) විසින් පවත්වන ලද presentation එකක් අතරදුරදී මෙම උපාය හඳුන්වාදී තිබේ.



පහතින් තියෙන්නෙ Samsung Galaxy S6 ගැන කියැවෙන Video එකක්.

6:29 AM by Unknown · 2

හොලිවුඩ් චිත්‍රපටවල Visual Effect දැමීමට පෙර හා පසු


හිතාගන්නවත් බැරි විදියෙ  ලෝක වල අමුතු ජීවින් සමඟ නිපදවන චිත්‍රපට කොතෙකුත් නරඹා ඇතත් ඒවා කෙසේ සාදා ඇති දැයි ඔබ සිතනවා ඇති.ඒවා සෑදීමට පළමුව සැබෑ ලෝකයේ රූපරාමු ලබාගෙන පරිගණක ආස්‍රරයෙන් විවිධ Effects එකතු කරනු ලබයි. පහත තිබෙන හොලිවුඩ් චිත්‍රපටවල Visual Effect දැමීමට පෙර හා පසු රූප දැකීමෙන් අනතුරුව ඔබට මේ ගැටලුවට පිළිතුරු ලැබේ.


hollywood without visual graphics 21hollywood without visual graphics 22hollywood without visual graphics 24hollywood without visual graphics 23  hollywood without visual graphics 26hollywood without visual graphics 27hollywood without visual graphicsMovies before and after computer visual graphics  0Movies before and after computer visual graphics 2Movies before and after computer visual graphics 3Movies before and after computer visual graphics 4Movies before and after computer visual graphics 5Movies before and after computer visual graphics 6Movies before and after computer visual graphics 7Movies before and after computer visual graphics 8Movies before and after computer visual graphics 9Movies before and after computer visual graphics 10Movies before and after computer visual graphics 11Before Optimus Prime was on the big screen in "Transformers" ...... he was a computer-generated image.Without motion tracking and visual effects in "Black Swan" ...... Natalie Portman would be a featherless ballerina.Without visual effects in "Alice in Wonderland" ...Lewis Carroll's world looks pretty "Wonder-less."And, the 3D touchscreens in "The Hunger Games" ...... would be rendered flat and green.Spidey was able to appear on a web of wires in "The Amazing Spider-Man" ...... with the help of motion tracking."The Avengers" didn't film in New York.The majority of its action sequences consist of the team on a green screen set.Instead, the crew filmed seven miles of New York City streets while the actors were in town for a few days ...... to create a 20 block replica of the city.So, when Scarlett Johannson was flying through the skies in "The Avengers" ...... she was safe on the ground.The bridge scenes in "Final Destination 5" ...... don't look nearly as scary with a green screen.

9:15 PM by Unknown · 3

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.