ලොව වැඩිම කාලයක් දල්වා තැබූ බල්බය - නොකඩවා වසර 113ක්


යාලුවනේ ඔයාලා Light එකක් දැම්මොත් කොච්චර වෙලාවක් දල්වලා තියනවඩෙහ ඒක? දවසක්? සති කිහිපයක්? මාස කිහිපයක්? වසරක්? හැබැයි ඉතින් එහෙම කරන්නත් ඒක පිලිස්සෙන්නෙ නැතුව තියෙන්න ඕනනෙ. ඒත් කැලිෆෝනියාවෙ Livermore වල ගිනි නිවන මධ්‍යස්ථානයක තියෙන මේ බල්බය 1901 සිට ශතවර්ශයකටත් වඩා නොකඩවා දල්වලා තියෙනවා.
මෙය දැල්වූ දිනය ගැන නිවරදිව වාර්තා වෙලා නැතත්, මෙහි උපන්දිනය නම් සැමරෙන්නෙ ජුනි මස 18වෙනිදට. ඒ දවස තමයි ඉතින් මේක නොකඩවා දල්වන එකක් බවට සැක කරන්නෙ. ගෙවුනු වසර 113දී මෙම බල්බයට දෙපාරක්ම අකරතැබ්බ වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා විදුලි ඇණහිටීම් හේතුවෙන්. වරක් එය වෙනත් ගිනි නිවන මධ්‍යස්ථානයකට රැගනයන්න සිද්ධවෙලා තියෙනවා 1976දී හා 2013දී. වසර 38කට ඉහතදී කරපු මේ හුමාරුවත් ඉතා සූක්ශම විදියට කරලා තියෙන්නෙ, අඩුමගානෙ බල්බ් එක ගලවන්නෙවත් නැතුව, ඒක අමුණපු වයර් ටිකත් එක්කම ගිනි නිවන රථයකින් තමා ගෙනිහින් තියෙන්නෙ. වැඩේට ගිහින් තියෙන්නෙත් මිනිත්තු 22ක් පමණ කාලයක්.
මෙම තාපදීප්ත බල්බය හදලා තියෙන්නෙත් අතින්මයි, ඒ වගේම මේකෙ ෆිලමන්ට් (සූත්‍රිකාව)එකත් හදලා තියෙන්නෙ කාබන් වලින්.සාමාන්‍ය බල්බයක තිබෙන ෆිලමන්ටනෙකට වඩා අට ගුණයක් පමණ විශාල එකක් තිබීමත් විශේශතවයක්.මේක අර්ධ සන්නායකයක් නිසා තාපය වැඩිවෙද්දි සන්නයනය කරන විදුලියත් වැඩි වෙනවා, ඉතින් ඔය වගේ කතන්දර ටිකක් මේ සූත්‍රිකාව පිටිපස්සෙ හැංගිලා තියෙනවා.
කොහොම කොහොමහරි ඉතින් මේ වැඩේ නිසා ශතකයක් පුරාවට විද්‍යාත්මීන්ටවත් හිතාගන්න බැරිවෙන විදියෙ වැඩක් කරන්න මේ බල්බය සමත් වෙලා තියෙනවා.ඒ විතරක්ද ජීනියස් ලෝක වාර්තාවක් තියන්නත් මේකට හැකිවෙලා තියෙනවා.එමෙන්ම මෙය තිබෙන ස්ථානයේ බල්බයේ ආරක්ශාවට ඒ වෙතටම නාහිගතකරපු (Focus) කැමාරවක්ද සවි කරලා තියෙනවා.තවත් කියනවානම් මේකටම කියලා UPS එකකුත් තියෙනවා.

ෆිලමට් ආපු කාලෙන් පස්සෙ දැන් LED යුගයකට ඇවිල්ලා තියෙනවා, පහල තියෙන්නෙ මං LED එක්ක දාපු සෙල්ලම් දෙකක්, තව තියෙනවා මගෙ Channel එකේ.


1:42 AM by Unknown · 1

සිලිකා ජෙල් වලින් ලබාගත හැකි ඔබ නොදත් ප්‍රයෝජන තොගයක්



ජම්බො පීනට් එහෙම කාපු අය දැකලා ඇති ඒවා ඇතුලෙ තියෙන සිලිකා ජෙල් පැකට් එක. ඔව් අන්න ඒවා ගැන තමයි මේ කියන්නෙ.ඒත් ඉතින් ගටත්ත එක කනවා මිසක් ඔය පුංචි පැකට් එකෙන් වැඩක් ගන්නෙ නැහැනෙ යාලුවො. හැබැයි මේ ළිපිය කියෙවෙව්වට පස්සෙ නම් ඒ වැඩේ ආයෙ කරන්නෙ නැහැ ඔයාලා.

සිලිකා ජෙල් පැකට් එක මේවත් එක්ක තියන්න එතකොට බලාගන්න පුළුවන් වැඩේ වෙන ලස්සන.හැබැයි මෙව්ව එක්ක සිලික ජෙල් කලවම් කරගන්න එපා, එව්වා තියෙන පැකට් එකේම තියෙද්දි පහත දේවල් ගබඩාකරන පෙට්ටියට හෝ බෑගයට සිලික ජෙල් පැකට්ටුව දමන්න.

බීජ වර්ග තෙතමනයෙන් ආරක්ශා කිරීම
ලෝහ උපකරණ ඔක්සයිඩ බැඳිමෙන් වළකාගැනීමට
පරණ දුර්ගන්ධය හමන පොත් ව්අලට සුවඳක් ලබාදීමට
නත්තල් සැරසිලි නැවුම් ලෙස තබාගැනීමට
ඉක්මනින් මල් වේලාගැනීමට
ලිනන් රෙදි හා සපත්තු තෙතමනයෙන් රැකගැනීමට
ආහාර, ආහාර රසගන්වන දෑ,සත්ව ආහාර ආදිය වියලිව තබාගැනීම
ජිම් එකට ගෙනියන බෑග් එකටත් සිලිකා ජෙල් පැකට් ටිකක් දාන්න,තෙතමනයෙන් ඇතිවන බැක්ටීරියා වලින් ආරක්ශාවෙන්න පුළුවන්.
පින්තූර ආරක්ශාකරගැනීමට
කැමරා උපකරණ වියලිව තබාගැනීමට
Makeup ටික පරස්සම් කරගන්න
පෝන් එක වේලගන්න
වාහනේ වීදුරුවල තෙතමනය ඉවත් කරන්න
රේසර් එක මලකඩ කවාගන්නෙ නැතුව තියාගන්න

5:23 AM by Unknown · 4

සංගීතයට අනුව රටා මවන LED Spectrum එකක් හදමු


යාලුවනේ මේකත් කලින් ළිපියෙ තිබ්බ LED Matrix එකෙන් හදන්න පුළුවන් එකක්.පින්තූරෙ වගේ LED Spectrum එකක් හදාගන්න පුළුවන් මේ වැඩෙන්.
මුලින් මේ LED Spectrum එක හදාගන්න. http://arduinotutes.blogspot.com/2015/01/arduino-led-matrix_12.html
දැන් මේ Code එකයි Libraries ටිකයි දාන්න.
http://www.instructables.com/id/Arduino-LED-Music-Spectrum/

5:51 AM by Unknown · 0

BMW i8 මෝටර් රථය මෙන්න


BMW Concept Vision Efficient Dynamics ලෙසින් ප්‍රථමයේදී හඳුන්වාදුන් BMW i8 මෝටර් රථය Hybrid තාක්ශණයෙන් බලගැන්වෙන Sports Car එකකි. මෙහි නිශ්පාදිත වර්ශය වන්නේ 2015 ය. කිලෝවොට් 7.1ක Lithiom Ion බැටරියක් තිබෙන මෙහි සැතපුම් 15 - 23ක ගමනක් යාමට අවශ්‍ය බලය සපයා දේ. තත්පට 4.4කදී පැයට කි.මී.100 ක වේගයක් ලබාගැනීමට හැකි මෙහි උපරිම වේගය පැයට කි.මී. 250කි. 2.1 L/100 km ඉන්ධන දහනයක්ද ඇති අතර තවත් විස්තර පහත පරිදිය.
එන්ජිම :- 1.5L turbocharged Inline-3gasoline
විදුලි මෝටරය :- 98 kW (131 hp)
දිග :-  4,700 mm
පලළ :- 1,940 mm
උස :- 1,300 mm
බර :- 1,485 kg

8:35 AM by Unknown · 2

Lamborghini විසින් තැනූ 6000$ Smart Phone එක මෙන්න


Tauri Lamborghini සමාගම ගැන යාලුවො දන්නවත් ඇති. Ferrucio Lamborghiniගේ පුතනුවන් විසින් ආරම්භ කරන ලද මෙම සමාගම විසින් 6000$ වටිනාකමකින් යුත් Lamborghini 88 Tauri phone එක පසුගිය දිනක එලිදක්වා ඇත. මෙම සමාගමේ නිර්මාතෲ 1947දී උපන් අතර මෙම ජංගම දුරකථනද 1947ක් පමණක් නිපදවා තිබේ.
අනෙකුත් ජංගම දුරකථන හා සසඳා බලන විට මෙහි කැපී පෙනන ලක්ශණයක් වන්නෙ Leather වලින් තැනූ ආවරණය මෙන්ම එහි පෙනුමයි. මෙය කළු , රතු , තැඹිලි , නිල් හා දුඹුරු වර්ණයෙන් තිබෙන අතර උසස් තත්වයේ වානේ භාවිතා කර තනා ඇත. (රත්‍රන් , කලු වැනි වර්ණ)
Quad-core Qualcomm 801 processor එකකින් බලගැන්වෙන මෙහි අඟල් 5ක තිරයක් තිබෙන මෙහි 1080p Resolution එකක් ඇත. 20 MP කැමරාවක්, 3,400mAh බැටරියක් හා 64GB අභ්‍යන්තර ධාරිතාව + 3GM RAM එකක් අන්තර්ගතකොට තිබේ. මෙහි බැටරිය 3G භාවිතා කරමින් පැය 35ක කතා කාලයක් පවත්වාගැනීමට සෑහේ.
අනෙක් Phone එක්ක බලද්දි ගානට සරිලන්න දෙයක් Lamborghini  සමාගමෙන් කරලා තිබෙනවාද කියලා ඔබම තීරණය කරන්න.

8:06 AM by Unknown · 1

තත්පර 30න් Phone එක Charge කරන ගැජමැටික් එක මෙන්න



Phone එකේ Battery low තියාගෙන ගමනක් ගියත් අවුල් ගහන අපිටනම් මේක ගොඩක් වටිනවා. Smart phone වල බරපතලම ගැටලුවක් වෙලා තියෙන Battery charging එකට යන පැයකට වැඩි කාලය  තත්පර 30ට කෙටි කරපු මේ සොයාගැනීම ගැනයි අද ලිපියෙන් කියන්නෙ.

3:14 AM by Unknown · 1

VB වලින් C# වලටත් C# වලින් VB වලටත් පෙරලන්න මෙන්න භාන්ඩේ



ගොඩක් යාලුවො කියන කතාවක් තමයි මම VB කරලා තියෙන්නෙ බං ඒත් C# නම් දන්නෙ නෑ වැඩේ අමාරුවෙයිද කියන එක. දැන් ඉතින් පොඩක්වත් බයවෙන්න දෙයක් නෑ මේ Code Converter එකත් එක්ක. http://www.developerfusion.com/tools/convert/vb-to-csharp/

3:19 AM by Unknown · 2

2015දී ඔබ වෙතට එන්නට නියමිත ජංගම දුරකථන දැන්ම බලාගන්න


දැනට හෙළි වී තිබෙන මෙම පින්තූර වලින් පෙන්වන්නේ 2015දී ඔබ වෙතට එන්නට නියමිත Smart Phone කිහිපයක Designs ය.

8. iPhone 7
Conceptual Designs for Smartphones due in 2015 8

7. BlackBerry Odyssey
Conceptual Designs for Smartphones due in 2015 7 
6. HTC One (M9)
Conceptual Designs for Smartphones due in 2015 6 
5. LG G4
Conceptual Designs for Smartphones due in 2015 5
4. Microsoft Lumia “Spinner Phone”
Conceptual Designs for Smartphones due in 2015 4
3. Samsung Galaxy S6
Conceptual Designs for Smartphones due in 2015 3
2. Samsung Galaxy Note 5
Conceptual Designs for Smartphones due in 2015 2
1. Sony Xperia Z4, Z4 Compact & Z4 Ultra
Conceptual Designs for Smartphones due in 2015

6:06 AM by Unknown · 5

ගෙදරදිම කරන්න සරළ නිර්මාණ 5ක්


මගෙ නිර්මාණ වලට යාලුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර වලට ස්තූතියි. ඉතින් අද හිතුවා සරළ නමුත් විනෝදාත්මක නිර්මාණ ටිකක් ගෙන්න. මේ ටික හොයාගත්තෙ විදෙස් වෙබ් අඩවියකින්. කස්ටිය කැමති නිසා ඔන්න බලන්න Try පාරක් දාන්න.

  • දත් බුරුසුවෙන් රොබෝ කෙනෙක්ව හදමු
කුඩා Vibrate මෝටරයක් මෙලෙසින් දත් බුරුසුවකට අමුණා මේ රොබෝව හදාගන්න.
  • බැලුන් බලයෙන් දුවන කාර් එක
පුම්මබ්පු බැලුමක් මේ විදියට සෙල්ලම් කාර් එකක අමුනලා ඒ වැඩේ කරගන්න පුලුවන්.
  • කඩදාසි රොකට්ටුව සමඟ එය දියත් කරවනය
රබර් හෝ ඉලස්ටික් වැනි දෙයකින් සෑදූ රොකට්ටු දියත් කරවනයට කටුවක් තුඩට ඇමිණූ රොකට්ටුව යොදා මේ නිර්මාණය සාදාගන්න.
  • කැටපෝලය
කාඩ්බෝඩ් එකක් රෝල් කරලා ඒක ව්අටේට රබර් පටි ඇදල තමයි මේ හැන්ද රඳවලා තියෙන්නෙ.
  • පැරශුට් එක
මේක හදපු අයත් ඇතිනෙ බත් ඔතන්න ගන්න කොල වල කෙළවරට නූල් හතරක් අමුනලා ඒවගෙ අනිත් කෙළවරට පොඩි බරක් අමුනපු එක.

4:09 AM by Unknown · 5

අන්ධ පුද්ගලයන් හට ඇස් පෙනීම ලබාදෙන මේ උපකරණයෙන් ලැබෙන දසුන් ඔබ මවිත කරාවි


නවීන තාක්ශණයේ මෙම දායාදය හරහා අන්ධ පුද්ගලයින් හට නැවත ඇස් පෙනීම ලැබෙන බව නොඅනුමානයි."bionic eye" ලෙසින් හඳුන්වන මෙම කෘතිම ඇස අන්ධ පුද්ගලයින්ගේ දෘෂ්ටි විතාන පද්ධතිය යතාතත්වයට පත් කොට නැවත ඇස් පෙනීම ලබා දේ.මෙම උපකරණයේ බාහිර කැමරාවක්, බැටරියක් හා ශල්‍යකර්මයකින් ඇස පිටුපසට සම්බන්ධ වන ඉලෙක්ට්‍රෝඩ පද්ධතියක් තිබේ.ශල්‍යකර්මයෙන් පසුව පෙනෙන්නේ කුමක්ද?  Bionic Vision Australia හී පර්යේශකවරයෙකු වන Nigel Lovell මහතා තමන්ව මෙම කෘතිම ඇසෙන් පෙනෙන්නේ කෙසේද යන්න පහත Animation එකෙන් පෙන්වා ඇත. 
මෙහි තිබෙන කැමරාවෙන් ලබාගන්නා දසුන් සකසන වෙත යැවීමෙන් අනතුරුව ඉහත ආකාරයෙන් දැකගත හැක.
බාහිරව මෙම උපකරණය පෙනෙන්නේ මෙලෙසිනි.
දැනට නිපදවා ඇත්තේ ඉලෙක්ට්‍රෝඩ 96ක පද්ධතියක් වුවත් ඉදිරියේදී එය ඉලෙක්ට්‍රෝඩ 1024ක් අන්තර්ගතකොට ඉතා පැහැදිලි රූප ලබා දීමට දියුණු කෙරේ. ඕස්ට්‍රේලියාවේ Bionic Vision පර්යේශකයින් හට මෙය සාර්ථකව ඉටු කරගැනීමට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමු.

යාලුවෙක්ගෙ ඉල්ලීමකට පහත post එක දාන්නෙ.

මෙය සන්වෙදි අය නොබලන්නෙ..
මෙිලොකෙට වෙන දේ මේකද හැමොමම කියවන්න.....
මගේ යාලුවනෙ අද අපෙ පැත්තෙ පුංචිම පුංචි ළමයෙක්ව ඉපදුන ගමන් ළිදේ දාල අද උදේ හම්බවුනා මීට දවස් කිපයකට කලින් අපේ ඉස්කොලේ මල්ලි කෙනෙකු සහ අපගේ සහෝදර පාසලේ නංගි කෙනෙකු හා එයාලගේ අම්මව තාත්තාව මරලා. ඇයි මෙරට කොහෙටද යන්නෙ? ඇයි අපේ මිනිස්සු අපේ අයවම මරා ගන්නෙ අපි ඒක නවැත්තිය යුතුමය මෙවන් අපරාදේ මිය යන ජීව්ත වෙනුවෙන් අප කුමක් කළ යුතුද?
මෙි ගැන ඔබේ අදහස මට කියන්න ………..
Dilum Manuranga Fernando's photo.

12:59 AM by Unknown · 4

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.