New York වල බිත්තිවලත් Pen Drives වළලලා මොනාද එයාලා කරන්නෙ?



Berlin හී Aram Bartholl නම් කලාකරුවෙකු විසින් කරන ලද අපූරු වැඩක් ගැන තමයි කියන්නෙ. පැරිස් වලින් ආරම්භ වී ලන්ඩන් දක්වා විහිදෙන USB Drives වලින් හැදුනු පාරක් හදලා තියෙනවා මොහුගේ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන්. එයා මේ හැම පෙන් එකක්ම එක Text File එකක් දාලා තියෙනවා. ඔය පාර දිගේ තියෙන හිස් බිත්ති හා ප්‍රසිද්ධ ස්ථානවල මේවා දාලා තියෙන්නෙ.
Aram Bartholl පවසන ආකාරයට මෙය මාර්ගගත නොවුනු ගොනු හුවමාරු ජාලයක් වන අතර එය ඕනෑම කෙනෙකුට භාවිතා කල හැකි එකකි.
කැමති කෙනෙක්ට තමන්ගෙ Laptop පරිගණකය හරහා මේවාට සම්බධ වෙලා File එකක් දලා යන්න හරි තියෙන එකක් අරගෙන යන්න හරි පුලුවන්.
මෙව්වගෙ තියෙන්නෙ මේ ව්‍යාපෘතිය ගැන කියවෙන පොඩි Text File එකක්.
වසර 5ක පටන් දිවෙන මේ ව්‍යාපෘතිය එක් අතකින් ගත්තම පුදුමත් හිතෙනවා. හැබැයි අපේ රටේ තිබ්බොත් බිත්තිය කඩලා හරි පෙන් එක උස්සන් යන අයත් බිහිවෙන්න ඉඩ තියෙනවා. ;)
ගිහින් බලන්න ඉතින් අනිත් අය මොනවද දාලා ගියෙ කියලා.

Dead Drop 6Dead Drop 7Dead Drop 8Dead Drop 9Dead Drop 10Dead Drop 11Dead Drop 12Dead Drop 13

2 Responses to “New York වල බිත්තිවලත් Pen Drives වළලලා මොනාද එයාලා කරන්නෙ?”

Thamara Lakshan said...
February 10, 2015 at 4:00 PM

මෙන්නෝ ! wonderfulengineering.com වෙබ් අඩවිය hack කරලෝ!


Unknown said...
February 13, 2015 at 7:29 AM

ඒක ඉස්සරත් වෙච්ච දෙයක්


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.