ලොව විශාලතම ගෘහස්ථ ගොවිපල බලන්න යමු


අපි දන්න දෙයක්නෙ ඉතින් ජපානය කියන්නෙ අමුතු දේවල් කරන රටක් කියලා. ඉතින් මේ ලිපියෙන් කියන්නෙත් එහෙම වැඩක් ගැන. මෙතන විශේශත්වය වෙන්නෙ සාම්ප්‍රදායික ගොවිපලවල් මෙන් එලිමහනේ නොමැති සිවිලිමෙ සිට බිමට එල්ල වන ගෘහස්ථ ගොවිපලක් වීමයි. වර්ග අඩි 25,000ක් තුල ගැබ් වූ මෙහි දිනපතා සලාද ගස් 10,000ක් රෝපනය වේ.සාම්ප්‍රදායික එලිමහන් ගොවි බිම් වලට වඩා එමෙන්ම 40%ක බල ශක්ති භාවිතයක්, 80%ක් අඩුවෙන් ආහාර නාස්තියක් හා 99% පමණ ජල ඉතිරියක්ද මෙමඟින් සිදු වේ.
භාවිතා වන භූමි ප්‍රමාණයට වඩා වැඩි ඉඩක මෙම ඵලදාව වැවෙන්නේ රාක්ක මතය. එනිසා භාවිතා වන ඉඩත් විශාල වශයෙන් ඉතිරි වේ.
මෙමඟින් ලැබෙන වැදගත් ව්ආසියක් වනුයේ බොහෝ කාලගුණ තත්ව වලින් ආරක්ශා වන වගාවක් තනාගැනීමට හැකිවීමයි.
එමෙන්ම ප්‍රභාසන්ස්ලේශණයත් සාර්ථකව සිදුකිරීමට අවශ්‍ය සාධක මෙතුල සමන්විත වේ.
LED ආලෝකයෙන් වැවෙන මෙම ශාක සාමාන්‍ය හිරු එලියට වැවෙන ශාක වලට වඩා 2.5ගුණයක් වේගයෙන් වැවේ. මන්ද යත් උශ්ණත්වය, තෙතමනය, ජලවහනය පවා නිවැරදිව සිදුවීම නිසාවෙනි.
ඉතින් ලෝකයේ ආහාර හිඟ ඇති වීමක් සිදු වීමට ඇති ඉඩකඩ අවම කිරීම තකා ඉදිවන මෙම නිර්මාණ මිනිසා විසින් කෘතිම වූ සොබාදහමක් නිර්මාණය කරන මං සලකුණු ගෙනහැරපායි.

3 Responses to “ලොව විශාලතම ගෘහස්ථ ගොවිපල බලන්න යමු”

Thamara Lakshan said...
January 23, 2015 at 6:42 PM

ශ්‍රීලංකාවේ නම් නැතුව ඇති නේද?
ඕව පාවිච්චි වෙනෙ ජපානය වැනි දියුනු රටවලනෙ.


Unknown said...
January 23, 2015 at 7:34 PM

සලාද කොළ කිලෝ ඒකක් 50000ක් විතර වෙනවද දන්නෑ


DiscoveryCM said...
March 13, 2015 at 5:13 AM

Niyamai ne


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.