Arduino Programming මුල සිට සරළව


Arduino කියන්නෙ LED එකක් දල්වන තැන සිට රොබෝ කෙනෙක් හෝ ඊටත් වඩා සංකීර්ණ නිර්මාණයක් කිරීමට හැකි කුඩා පරිපථයකි. ඉතින් ඉලෙක්ට්‍රොනික තාක්ශණය, රොබෝටික්ස් වලට එහෙම කැමති අයට මේක වටිනා අවස්ථාවක්. Programming කිව්වට මෙතනදි සරළ Keywords ගණනාවක් 32KB(වර්ගය අනුව මෙය වෙනස් වේ) මතකයක ලියලා තමයි හැම්දේම කරන්න තියෙන්නෙ.

WHAT IS ARDUINO?

Arduino is an open-source electronics platform based on easy-to-use hardware and software. It's intended for anyone making interactive projects.
 ARDUINO යනු? 
Arduino යනු නිදහස් මෘදුකාංග මත පදනම් වූ ඉලෙක්ට්‍රොනික වේදිකාවකි.මෙය පහසුවෙන් භාවිතා කළ හැකි මෘදුකාංග හා දෘඩාංග අඩංගු මත පදනම් වේ. ඕනෑම කෙනෙකුට කැමති අකාරයෙන් ව්‍යාපෘති කිරීමට සෑදූවකි.
 එතකොට ඔය Arduino කියන්නෙත් අර PIC කියන Program කරන්න පුළුවන් IC එකක්ද?
බැලූ බැල්මටම පේනවානෙ යාලුවනේ මෙතන IC එකකට වඩා යමක් තියෙනවා කියලා. PIC කියන්නෙ Microcontroller එකක් විතරයි.ඒත් Arduino කියන්නෙ prototyping platform එකක්. ඉතින් Arduino එකේ Microcontroller එකක් වගේම බල සැපයුමක් (Power Supply) හා පරිගණකය සමඟ USB හරහා සම්බන්ධවීමට USB-Serial පරිවර්ථකයක්ද අන්තර්ගත වෙලා තියෙනවා.ඉතින් USB එකෙන් Arduino එකට Code එක දාලා USB නැතුව වෙනම භාවිතා කරන්න.

http://www.arduino.cc/ තවත් තොරතුරු අවශ්‍ය නම් වෙබ් අඩවියෙ තියෙනවා. ඒ වගේම වෙළඳපොලේ විවිධ වර්ගයේ Arduino Board තියෙනවා. කොහොම වුනත් අලුතෙන්ම මේ වැඩේ කරන්න යන කෙනෙක්ට වඩාත් සුදුසුම හා ලබදායිම Board එක තමයි Arduino UNO කියන්නෙ.

එතකොට ඔය Board එක ගන්න තියෙන්නෙ කොහෙද?
ලංකාවෙ නම් මේවා ගන්න තියෙන ස්ථාන අඩුයි.බ්ලොග් පාරාදීසය කියන බ්ලොග් එකේ දාලා තිබ්බා රු.1550/-ට කොටුව පලවෙනි හරස් විදියේ පිහිටි යුනිටෙක් කියන වෙළඳ ආයතනයෙන් ලබා ගන්න පුළුවන් කියලා.කෙසේ නමුත් පහතින් ලබා දෙන වෙබ් අඩවි හරහා මෙය ඔබේ නිවසටම ගෙන්වාගන්න පුළුවන්.
ලංකාවෙ වෙබ් අඩවි - www.lankatronics.com/lakduino.html
http://shop.techkatha.com/
http://shop.techkatha.com/product/techduino-v1-fully-assambled-usb/
ඒ වගේම http://www.ebay.com/ හරහාද ඔබට මෙය මිළදීගත හැකියි.
2014 Dec. 1වනදා Ebay වලින් Order කරපු මේ Board එක http://www.ebay.com/itm/281399903526 අද තමයි මගෙ අතට ලැබුණෙ.
දැන් නම් ඔය වගේ China board 5$ සිට ඉහළට තියෙනවා. හොඳම එකක් නම් 20$ පමණ වෙනවා.
E-bay ගැන දන්නෙ නැත්නම් මෙන්න ඒ ගැන සම්පූර්ණ විස්තරයක් - http://softpedialk.blogspot.com/2013/10/ebay.html

Arduino වල තියෙන Programming Language එක ගැන කිව්වොත්?
මෙහිදී භාවිතා වන්නේ C Language එකට සමාන භාශාවකි. නමුත් අපිට මේ ආකාරයෙන් Program කරපු Arduino එක VB, C# වගේ Program එකක් සමඟද සම්බන්ද කරන්න පුලුවන්.
Arduino එකෙන් පාලනය වන කුඩා Robot කෙනෙක්
Arduino එකෙන් පාලනය වන Quadcoptor එකක්
Arduino සමඟ LCD
ඔය Board එකෙන් පුලුවන්ද රොබෝ කෙනෙක්ව හදන්න?
ඔව් ඒත් Board එක විතරක් තිබුණට මදි, මොකද අපි කරන්න යන නිර්මාණයෙදි විවිධ ආදාන හා ප්‍රතිදාන (Input/output) ලබාදෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ Board එකට සම්බන්ධ කරන විවිධ Sensors එහෙම තියෙනවා.
උදා:- උශ්ණත්වයට අනුව ක්‍රියාකරන පරිපථයක් සාදන්නේ නම් උශ්ණත්ව සංවේදකයක් අවශ්‍ය වෙනවා.
යමක් Display කිරීමට් අවශ්‍යනම් කුඩා LCD එකක් අවශ්‍ය වෙනවා.
අන්තර්ජලය හරහා යමක් පාලනය කරනවානම් Ethernet Shield එකක් අවශ්‍ය වෙනවා.
දුර මැනීමක් කරන්න වෙනවානම් Ultrasonic Sensor එකක් ගන්න පුළුවන්.
මම පළවෙනි Code එක සාර්ථකව Arduino එක හරහා අත්හදා බැලුවා.
ඉදිරි ළිපි වලදි Sensors ගැන වැඩි විස්තර කියන්නම්.ඉදිරියට arduinotutes.blogspot.com හරහා මෙම පාඩම් මාලාව ලබා දෙන්නෙමි.

6 Responses to “Arduino Programming මුල සිට සරළව”

Anonymous said...
December 27, 2014 at 3:18 AM

එල මචන් දිගටම කරගෙන යමු..... මගේ සුභ පැතුම්.,


Unknown said...
December 27, 2014 at 4:55 AM

නියමයි එල.


Unknown said...
December 27, 2014 at 4:56 AM

අද තමයි මේ කතා දැනගත්තේ..................... ලියැවිල්ල නියමයි........................


Unknown said...
December 27, 2014 at 6:25 AM

comment කරපු අයට ගොඩාක් ස්තූතියි (o)


Unknown said...
December 27, 2014 at 10:42 PM

(o)


Unknown said...
February 21, 2015 at 6:50 AM

ගොඩක් කාලෙකින් මම මේ බ්ලොග් එකට ආවෙ නියම ලිපි ටිකක් තියෙනව එලම තමා බං සුප්ප තමා.


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.