Hydrogen කෝශයක් හදමු - විදුලිය ලබාගමු


ඉන්ධන නැතුව වතුරෙන් වැඩ කරන Car එහෙම හදන්න කැමති යාලුවො ඇතිනෙ, ඉතින් අදත් හිතුවා ඔයාලට සරළ නිර්මාණයක් ගැන කියන්න. අපිට Hydrogen කෝශයක් මඟින් විදුලිය ගබඩා කරන්නත් නැවත භාවිතයට ගන්නත් පුලුවන්. අද ලිපියෙන් කියන්නෙ සරළ Hydrogen කෝශයක් හදන හැටි.
මේ වැඩේ කරන්න අපිට අවශ්‍ය වෙනවා

  • ප්ලැටිනම් ආලේපිත හෝ ප්ලැටිනම් වලින් සෑදූ වයරයක්.
  • වයර් (Circuit වයර්)
  • ප්ලාස්ටික් හෝ ලී පටියක්. (කුඩා රූලක් සුදුසුයි)
  • 9v බැටරියක් හෝ ඊට ආසන්න වෝල්ටීයතාවයක් ලබගතහැකි Power pack එකක්.
  • ඇලවුම් පටි (ගම් ටේප්)
  • වතුර වීදුරුවක්.
  • වෝල්ට් මිටරයක්. (වෝල්ටීයතාවය මැනීමට සැකසූ මල්ටි මීටරයක් වුවත් සුදුසුයි)
හරි එහෙනම් මුලින්ම කරන්න තියෙන්නෙ ප්ලැටිනම් වයරයෙන් දඟර දෙකක් සාදාගැනීමයි. ඉතින් අපිට පුළුවන් වෝල්ට්මීටරයේ ඇති ලෙඩ් එකකින් හෝ ඇණයක් වැනි දෙයක් වටා වයරය ඔතා දඟරය සාදාගැනීම.
ඊළඟට තියෙන්නෙ, මේ දඟර දෙකට වයර් අමුණාගැනීමයි, එක් දඟරයකට වයර් දෙක බැගින් සම්බන්දවිය යුතුයි.
ඉතින් ඒ දෙක නොසෙල්වී තිබෙන්න අර ලී පටියෙ අලවාගන්න ගම් ටේප් වලින්.
එහෙනම් වතුර වීදුරුවට ප්ලැටිනම් දඟර දෙක ඇතුල් කරන්න.
දැන් අපේ Hydrogen කෝශය හදලා ඉවරයි. දැන් තියෙන්නෙ මේකට විදුලිය ලබා දීලා එය Hydrogen හා Oxygen ලෙස ගබඩා කරන්න.
දඟර දෙකට බැටරියෙන් විදුලිය ලබාදෙන අතර අනෙක් වයර් දෙක වෝල්ට්මීටරයට සම්බන්දකර ඒ අවස්ථාවේ පව්තින විදුලිය මැනගන්න.
දැන් බැටරිය ඉවත් කරන්න, ඔබට බලාගන්න පුලුවන් Hydrogen කෝශයේ ගබඩා වෙලා තියෙන විදුලිය.
එහෙනම් අද නිර්මාණය ඉවරයි.


මේ තියෙන්නෙ Hydrogen කෝශයකින් බලගැන්වුණු සෙල්ලම් car එකක්.
 ඔයාලගෙ අදහස් තියෙනවානම් ලියලා යන්න, ලැබෙන ප්‍රතිචාර අනුව නිවසේදී සාදාගත හැකි බැටරි හා Hydrogen බෝම්බය හදන හැටි  එහෙම කියන්නම්.

5 Responses to “Hydrogen කෝශයක් හදමු - විදුලිය ලබාගමු”

Unknown said...
December 25, 2014 at 10:53 PM

මොකටද ඔච්චර කරදර වෙන්නෙ. බැටරියෙන්ම විදුලිය දුන්න නම් ඉවරයිනෙ. :o


Unknown said...
December 25, 2014 at 11:20 PM

මේ මූලික අවස්ථාව විතරයි, මේ ක්‍රමයෙන් වාහනයක බැටරිය හා ශ්‍රේණිඟත කරපු Hydrogen කෝශයක් මඟින් වාහනයක් ධාවනය කරන්න පුලුවන්. එතනදි අමතර විදුලියක් මේ Hydrogen කෝශය හරහා ලැබෙනවා, වාහනයේ බැටරිය හරුණම.


Vishwajith said...
December 25, 2014 at 11:49 PM This comment has been removed by the author.

Unknown said...
December 26, 2014 at 1:11 AM

අනේ අර බෝම්බෙ හදන හැටි කියල දීපන්කො.ඒක නම් ගොඩක් වටිනව.:-d


Unknown said...
December 26, 2014 at 4:42 AM

දාන්නම්කො ඒ ගැනත් :-)


Post a Comment

Link එක Click කළ පසුව විවෘත වන වෙබ් පිටුවෙහි දැන්වීමක් වෙතඔත් එහි උඩ දකුණු කෙළවර තිබෙන Skip Ad බොත්තම ඔබන්න.

මෙහි පළ වන ලිපි sms මඟින් නොමිලේ ලබාගැනීමට
Follow sadeepamax
ලෙස type කර 40404 ට sms කරන්න. මෙය නොමිලේ සිදුවන සේවාවකි.

මෙම බ්ලොග් අඩවියෙහි කිසිඳු ලිපියක් උපුටා ගැනීම තහනම් වන අතර එසේ සිදු කරන අයගේ වෙබ් / බ්ලොග් අඩවි ගූගල් සමාගමේ "Blogger Copyright Infringement" යටතේ නීතිමය පියවර මත අන්තර්ජාලයෙන් ඉවත් කෙරේ.
Powered by Blogger.